Chapter 21 - Vampires!

56 9 9
                                    

Jeon Jungkook's pov

කිම් තේහයුන්ග්! මේ මනුස්සය හිටපු ගමන් කොහේ අතුරුදහන් වෙනවා ද මන්දා. මට බයයි එයා හේමිට කරදරයක් කරයිද කියලා. මොකද මම දන්න කිම් තේහයුන්ග්ට එයාගේ කේන්තිය පාලනය කරගන්න හරිම අමාරුයි. මෙච්චර ඉක්මනට අතුරුදහන් වෙන්න මේ මනුස්සයට ෆ්ලෑෂ්ට දුරින් නෑ කමක් තියෙනවද කියලත් සමහර වෙලාවට මට සැකයි.

"ඉයොන් ඔයා කාවද හොයන්නේ" මම අහද්දි වටපිට බල බල කුතුහලය පිරිලා තිබුණු ඒ ඇස් හැරුනේ මගේ දිහාවට. එයාගෙ උත්තරය දැන දැනම.... මට රිද්ද ගන්න වෙනවා කියල දැන දැනම... මම එයාගෙන් එහෙම ඇහුවේ මෙච්චර වෙලා එයා හොයන කෙනා තේහයුන්ග් වෙන්න එපා කියලා පුංචිම හරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඔව්.. මම දන්නවා මම ආත්මාර්ථකාමී වෙනවා වැඩියි කියලා.

"අහ්.. මම මේ තේ ඔප්පාව හෙව්වෙ" එයා හිනා වෙලා කිව්වා.

'ඔයාට දැන් ඕන වුන උත්තරේ ලැබුණා නේද ජන්ග්කුක්? තමුන් මහා මෝඩයෙක්. ඇයි තේරුම් ගන්න බැරි ආදරවන්තයෝ දෙන්නෙක්ව වෙන් කරන්න උත්සාහ කරන එකෙන් වැඩක් නැහැ කියලා. ඇයි දැන දැනම මිරිඟුවක් පස්සේ යන්න උත්සාහ කරන්නේ?' මගේ ඇතුළාන්තය මට ඔච්චම් කරා. 'අනික ඔයාට කොහොමටවත්ම අවස්ථාවක් හම්බ වෙන එකක් නැහැ. ඇත්ත තේරුම් අරන් ඉක්මනටම අයන් වෙන්න. නැත්නම් සිද්දවෙන්න ඔයාට තවත් රිදෙන එක විතරයි'

"ඉයොනා.. මට දැන් යන්න වෙනවා පරක්කු වුණ නිසා මාම් දැනටමත් කලබල වෙලා ඇති" මම first aid box එකත් පැත්තකින් තියලා ඉක්මනට යන්න ලෑස්ති වුණේ මගේ ඇස් වල හිර වෙලා තිබුණු කඳුළු එයාට පෙන්නන්න මට කිසිම වුවමනාවක් තිබුණෙ නැති නිසා.

"බනීකුකී..." ඒත් දොර ගාවටම ගියපු මාව එතනම නැවතුනේ ඉයොන්ගේ කටහඬ නිසා."ගුමාවෝ අද කරපු හැම දේකටම එයා මගේ කම්මුලකට හාදුවක් දෙන ගමන් කිව්වා. ඊට පස්සේ මගේ බෙල්ල වටේ අත් යවපු එයා කලේ මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්.
.
.
.
.
.
එයා මගේ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා. එයාගේ හුස්ම මගේ බෙල්ලෙ වදිනකොට ගෙඩියක් ආවත් මම ඒ හැඟීමට ගොඩක් ආස වුන නිසා එහෙමම හිටියා. පො.. පොඩ්ඩක් ඉන්න. එයා මේ මොනවද කරන්නේ. දැනෙන්නේ නිකම් මගේ බෙල්ල දිගේ සීතල දෙයක් යනවා වගේ. ඒ එයාගේ තොල්. ඔහොම ඉන්න එයා මගේ බෙල්ල ලෙව කනවා වත් ද?
(මොනාද හිතුවේ. දැන් බොලාගේ කැත හිත්🤣 කස්ටියගේ පොරොත්තු සුන් කරලා මෙතන ඉදන් කුරුලු සතුටක් ලබන මම)

Unwritten Destiny ⛎On Hold🔱Where stories live. Discover now