Chapter 03 - I will protect you no matter what happen

319 58 78
                                    

Teahyung

හොඳයි මම වැම්පයර් කෙනෙක්. නිකම් කෙනෙක් නෙවෙයි ශුද්ධ වැම්පයර් ලේ තියෙන වැම්පයර් කිරුළේ මීළඟ උරුමකාරයා තමා මම. මම මෙච්චර කාලයක් යනකම් වැම්පයර් කෙනෙක් වුණ එක ගැන ගොඩක් සතුටු වුණා. එ්ත් මේ ටිකේ උන දේවල් නිසා මට මුළු වැම්පයර් පරපුර ගැනම ලොකු තරහකුයි කලකරීමකුයි විතරයි අැති වෙලා තියෙන්නේ. ඔව්..... දැන් වැම්පයර් කෙනෙක් උන එකට මම මටම වෛර කරනවා.

මගේ තාත්තා පැම්යර්ලගෙ රජතුමා මගෙන් ගොඩක් වටින වැදගත් රහසක් මගෙන් මෙච්චර කාලයක් හැංඟුවා. එයා කොහොම ද. එච්චර ලොකු දෙයක් මගෙන් වගේම මීරේගෙන් හැංගුවේ? මම එ් නිසාම එයාට වෛර කරනවා.මට අාපහු එයාව දකින්නවත් වැම්පර් කිරුළ බාර අරගන්නවත් කිසිම කැමැත්තක් නෑ. මට දැන් එ් හැමදේම හරිම අප්පිරියයි. අන්තිමට එ්ක නිසා වුණේ මට මගේ මීරේව..... මගේ එකම නංගිව මට සදහටම නැති වුණ එක😢. ඔව් එ්කට තාත්තා විතරක් නෙවෙයි සමහර පරණ ගතිකානුගතිකත්වයෙන් ගොඩට එන්න බැරි පරණ මතවලම අැලිලා ඉන්න පැරණිම වැම්පයර්ස්ලත් වගකියන්න ඕන.

මගේ චූටි නංගි මීරේ.... මගේ පණ..... මම එයාට කොච්චර නම් අාදරේ කරා ද? වැම්පයර් කෙනෙකුට අවුරුදු විස්ස සම්පූර්ණ උනහම ඕනම වයසකින් පෙනී ඉන්න පුළුවන්. එ්ත් මම එයා නිසාම තමයි තාමත් පොඩි කොල්ලෙක් විදියට ඉන්නේ. මම එයාට තනියක් නොදැනෙන්න අාපහු එයත් එක්කම ලොකු වුණා. එ් එයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් එයාගේ අයියා විදියට. මට දැන් අවුරුදු එකසිය දහ අටක්. එ්ත් මගේ මීරෙට තාම අවුරුදු දාසයයි. එ්ත් එයා හැමෝටම කලින් අපි ඔක්කොමලව දාලා ගියා.😢😥

මගේ මීරේ කොච්චර නම් හොඳ කෙනෙක් ද? එයා කොච්චර නම් කරුණාවන්තද? එයාලා කොහොමද එ් වගේ කෙනෙක්ව.... අනික එයාලගේ එකම කුමරියව එ් විදියට කිසිම අලුකම්පාවක් නැතුව මරලා දැම්මේ? එ්කට හේතුව එයා half- blood vampire කෙනෙක් උන එකද?එහෙම නැත්තම් අර විකාර අනාවැකියද? මොනවා උනත් එයාලා එයාව කිසිම අනුකම්පාවක් නැතුව මරලා දැම්මා. මගේ අැස් ඉස්සරහම! මට කිසිම දෙයක් කර ගන්න බැරි වුනා. එ්ක නවත්තන්න ගියහම එයාලා මට.... එයාලගේ කිරුළ හිමි කුමාරයටත් පහර දෙන්න පසුබට උනේ නෑ! මම එ්කට එ් කිසි කෙනෙකුට සමාවක් දෙන්නේ නෑ.ඔව් මම මගේ මීරේට කරපු දේට මම එ් කිසි කෙනෙකුට සමාවක් නම් දෙන්නේ නෑ.

Unwritten Destiny ⛎On Hold🔱Where stories live. Discover now