Yeon
හැමදාම වගේ මම ලෑස්තිවෙලා ඉස්කෝලෙට ගියත් කොහොමටවත්ම උඩ විසි වෙලා යන තරමේ පුදුමෙකට නම් කොහොමටවත්ම ලෑස්ති වුණේ නෑ. ඒත් මට පළවෙනි period එකේදිම මුහුණ දෙන්න වුණේ ඒවගේ පුදුමයකට.
"ළමයි මේ ඉන්නේ ඔයාලගේ ක්ලාස් එකට අලුතෙන් ආපු ළමයා" අපේ පන්ති පන්ති භාර ගුරුතුමිය මිස් චෝයි අලුත් ලමයෙක්ව හඳුන්වලා දෙන ගමන් කිව්වා. ඒත් මම වැඩිය ගනන් ගත්තෙ නැතුව මගේ පොතට මුහුණ ඔබාගෙන වැඩ කරේ පන්තියට එන අලුත් ළමයි ගැන මට ඕපදූප හොයන්න උවමනාවක් මට නොතිබුණු නිසා.
පන්තියේ ළමයින්ගේ ලොකු කුසු කුසුවක් ඇතිවුණා. මේ ආපු ළමයා ගොඩක් ලස්සන රෑප සුන්දරියක් වෙන්න ඇති. එහෙම නැත්තම් ගොඩක් කඩවසම් කොල්ලෙක් වෙන්න ඇති. ඒත් ඒ අලුතින් ආපු කිසි කෙනෙක්ගෙන් මට හොඳක් වුනේ නෑනේ. එයාලත් අනිත් අය වගේම මාව පල් කරලා සතුටක් ගත්තු එක විතරයි කලේ. එහෙම නැත්තම් පාර්ක් වූ බින් වගේ මට කරදර කරලා සතුටු වෙන්න හදපු එක විතරයි. මම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරන් හිටියේ කරදරවල පැටලෙන්න ඕන නැති නිසා. ඒත්..... ඒත් ඒ ගැඹුරු කටහඬ ඇහුන ගමන් මට කරන්ට් එකක් වැදුන ගමන් බැලුවේ ඒ කටහඬේ අයිතිකාරයා, අලුතින් ආපු ළමයා දිහා. ඔව් මම හරි. ඒ එයා තමා. කිම් තේහියුන්ග්😶.
"අන්යාසයෝ කිම් තේහියුන්ග් ඉනිමිදා(hello! I'm Kim Taehyung)" තේහියුන්ග් එයාගේ coolබව ඒ විදියටම තියා ගෙන පන්තියට bow කරා. "මම හිතනවා ඔයාලත් එක්ක මට මෙහේ හොඳින් ඉන්න හම්බවෙයි කියලා" ඒක නිකම් හරියට මැරෙන්න ආස නැත්තන් මාත් එකක් කරදර දාගන්න හදන්න එපා කියලා කරපු නිහඬ තර්ජනයක් වගේ.
"මේ... මේ kim industry එකේ අයිතිකාරයගේ එකම පුතා. වෝව් එයා මම අහලා තිබුනටත් වඩා ගොඩක් කඩවසම් නේ" මගේ පිටි පස්සේ හිටපු ගෑණු ළමයෙක් කියනවා ඇහුනා. මො...මොකක්? ඒක වෙන්න බෑ😱. කවුරු හරි කෙනෙක් මට කියන්න මට මේ ඇහුන දේ බොරුවක් කියලා 🙏
"හොඳයි තේහියුන්ග්.... ඔයා ගිහින් ඉයොන්ට පිටි පස්සේ තියෙන තැන වාඩි වෙන්න😊" අපේ පන්තිභාර ගුරුතුමිය වුණ මිස් චෝයි කිව්වා. "ඉයොන් ඔයාට පුළුවන් වෙයිනේ මෙයාට අතපසු වුණ පාඩම් ටික කියලා දෙන්න?"
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanficSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...