Jimin
අමතක කරන්න කරන්න උත්සාහ කරත් කොහොමටවත්ම බැරි වුණ මෙච්චර දවසක් මැරුණා කියලා හිතන් හිටපු තමන්ගේ අාදරේ එක පාරටම ඉස්සරහට අාවොත් මොන වගේද? එ්කත් එයා නොවී එ් වගේ...... වෙන කෙනෙක් නම්?..... අද මට වුනෙත් එ් වගේ දෙයක්.
හොබී හයුන්ග් එක්ක මම කැන්ටින් එකට ගියේ කෑම කන්න කියලා හිතා ගෙන නම් නෙවෙයි. මොකද අපි වැම්පයර්ස්ලා. බොන්නේ ලේ විතරයි. එ්ත් මේ ළඟකදි ඉදන් ළමයි කට්ටියකට අපි ගැන සැක හිතිලා තිබුනා. අපිට කොහොමටවත්ම එ් සැකේ වැඩි කරවගන්න ඕන නැති නිසා අර පල් කුණු රහ කෑම අකමැත්තෙන් වුනත් මේ දවස් ටිකේ කන්න වෙනවා. (මිනිස්සුන්ගේ කෑම එයාලට කොච්චර රහ වුනත් අපිට එ් කිව්වේ වැම්පයර්ස්ලට නම් හරිම පල් රහයි)
"හයුන්ග් අර👉" මම හොබී හයුන්ග්ට පෙන්නුවේ කැන්ටින් එකේ මේසයක් බදාගෙන නිදාගෙන ඉන්න කෙනෙක්ව. එ්ත් එ් වට පිටේ හිටපු ගෑණු ළමයි ටික නම් එයා හරිම cute කිය කිය එයත් එක්ක වදින විදියට ඉවරයක් නැතුව සෙල්ෆි ගහනවා. නැගිටලා හිටියා නම් කස්ටියටම එයාගේ cuteකම බලාගන්න තිබ්බා.
"අායිශ් මේ යුන්ගි හයුන්ග් නම් ..... අාහ් යන යන තැන බුදි. මෙච්චරකුම්බකරන වැම්පයර් කෙනෙක් දැක්කමයි මන්" හොබී හයුන්ග් එ් අස්සේ දමාගෙන යුන්ගි හයුන්ග්ට බනිනවා. " මේ මනුස්සයා කුම්භකරණ වංසේ ද කොහේ""වංසේද කොහේ නෙවෙයි හයුන්ග් එයා තමා එ්කේ රජතුමා" මමත් හිනා වෙවී විහිළුවට සම්බන්ධ වුනා.
අපි එතනට යනකොට තමා කවුරු හරි අැවිත් මගේ අැගේ හැප්පුනේ. එයාගේ අතේ තිබ්බ ප්ලේට් එකේ තිබුණ කෑම ඔක්කොම මගේ අැගේ. මම එයාට බනින්න කියලා බැලුවත් එ් හිටියේ ගෑණු ළමයෙක්. එ්ක නිසා මම එ් අදහස අත්තැරියා. එයා ඔළුවත් පහතට නවාගෙනම බිම වැටිලා හිටියා. මගේ අැගේ හැප්පිච්ච නිසා විසිවෙලා වැටිලද කොහේ. මම වැම්පයර් කෙනෙක් එ්ක නිසා ගොඩක් ශක්තිමත්.
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanficSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...