Yeon
මට මේ මොකද වේගෙන එන්නෙ? මගේ ඇස් හැමතිස්සෙම යන්නේ ජන්ග්කුක්ගේ බෙල්ලේ ඉපිල්ලිලා තියෙන නහර දිහාවට. හරියට නිකම් එළියේ පිරුණු නහර මට කතා කරනවා වගේ.මට මාව පාලනය කරගන්න බැරුව නිතරම ඒ දිහාවට යන්නමයි හිතෙන්නේ. එ් නහරවල දුවන ලේ... මගේ ඔළුව දෙපැත්තට වැනුවේ මේ පිස්සු සිතුවිලිමගේ ඔලුවෙන් එලව ගන්න ඕන නිසා. අායිශ්...... ජන්ග්කුකා! ඔයා කවුද? ඇයි මට මෙහෙම වෙන්නේ? බැරිවෙලාවත් මාවත් vanpire කෙනෙක් වගේ වෙලාද? මම අහලා තියනවා වැම්පයස්ලා ලේ බිව්වම ඒ කෙනත් vampire කෙනෙක් වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්න බැහැ කවදාවත්.තේ ඔප්පා මට ඒ වගේ කරදරයක් කරන්නේ නැහැ.
"මෙහේ එනවා යන්න" ඉන්ටවල් එක දුන්න ගමන්ම තේහියුන්ග් ඔප්පා මාවත් ඇදගෙන කැන්ටින් එක පැත්තට යන්න හදනවා.
"ජන්ග්කුක් ඔයත් එනවද?" මම එහෙම ඇහුවේ දැනටමත් ජන්ග්කුක්ගේ වටේ ගෑනු ළමයි වටවෙලා දැනටමත් එයාට කරදරයක් වෙන්න පටන් අරන් තිබුණු නිසා. අනික් එයා මේ ඉස්කෝලෙට අලුත් නේ.
"නෑ... නෑ ඕන නෑ" තේහියුන්ග් ඉක්මනට කිව්වා. ජන්ග්කුක්ගේමූණ ටිකක් විතර දුක් වෙන පෙනුමක් ගත්තත් එයා ඉක්මනට ආපහු හිනා උනා.
"මගේ හයුන්ග්ඉන්නවා. මම එයත් එක්ක යන්නම්" ජන්ග්කුක් හිනාවෙලා කිව්වා. ඒත් මට තව එක විනාඩියක්වත් එයත් එක්ක කතා කරන්න බැරි වුනේ තේ මාවත් ඇදන් එලියට ආපු නිසා.
" ඔයාට මොකද වෙලා තියෙන්නේ කිම් තේහයුන්ග්?" මම පන්ති කාමරෙන් එලියට ආපු ගමන් අත තේහයුන්ග් ඔප්පාගේ ගසලා දාන ගමන් ඇහුවා.
"එයාගේ ලේ.... ඒ ලේ සුවඳ මට ඉවසන් ඉන්න බැහැ" එයා කිවුවා. "අනික ඔයා එයාගෙන් ඈත් වෙලා ඉන්නවා" කොහොමෙන් කොහොම හරි අපි දෙන්නා කතාවත් එක්කම ගියේ වෙනදා වගේම BTSලා හිටපු මේසෙට. ඔක්කොමලා හිටියත් ජිමින් ඔප්පා හිටියේ නැහැ.
"ජිමින් ඔප්පා කොහේද?" මම මේසෙන් වාඩිවෙලා අහද්දිම වගේ කවුරුහරි පිටිපස්සෙන් ඉඳන් මගේ කොණ්ඩය අවුල් කරනවා දැනුනා. අායිශ්.....ඇයි හැමෝටම අද මගේ කොන්ඩම අහුවෙන්නේ? ඔයාලට මගේ කොණ්ඩෙ එක්ක පුදුම තරහක් නේ තියෙන්නෙ. සැක්
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanfictionSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...