Taehyung
අැත්තටම කෙනෙක් කොහොමද නිකරුනේ තවත් කෙනෙකුට මෙහෙම කරදර කරන්නේ?
Yeon එන්න පරක්කු වුන නිසා තමයි මම එයාගේ ඉස්කෝලේ පැත්තට ගියේ. එ් වෙලාවේ තමා මම දැක්කේ තුවාල වෙලා බිම වැටිලා ඉන්න ඉයොන්ව වට කරන් ඉන්න කෙල්ලෝ කණ්ඩායමකුයි එයාලත් එක්ක වාද කර කර හිටපු පිරිමි ළමයි දෙන්නෙකුයි. පස්සේ තමා එ් ජිමිනයි හොබී හයුන්ග්නුයි කියලා දැක්කේ. හොබී හයුන්ග්වයි ජිමිනවයි දැක්කම එ් දෙන්නගේ අැඟට පැනලා බදා ගන්නත් මට නොහිතුනාම නෙවෙයි. එයාලගේ වාද කිරිල්ල නිසා මට වුණ දේ තේරුම් ගන්න වැඩි වෙලාවක් නම් ගියේ නෑ. මේ ගෑණු ළමයි ටික මගේ ඉයොන්ට😡......
"මොකක්ද මෙතන වෙන්නේ?" මම කේන්තියෙන් අැහුවේ එ්ක නිසා.
" ඔයා කවුද ඔප්පා?" ගෑණු ළමයින්ගේ කල්ලියේ නායිකාව කියලා හිතන්න පුළුවන් කෙනා මගෙන් අැහුවේ මගේ අැස් දෙක දිහා නොබලා. අනේ අැත්තට ඉයොන්ට කරපු දේවල්වලට එයාගේ කටහඬ අැහෙනකොටමත් මගේ අැඟේ මාළු නටනවා
"තේහියුනා!" හොබී හයුන්ග්ට පුදුමෙට වගේ කියවුනා.ඔව් ඉතින් මාස ගානක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු එයාලගේ මැක්නෙව දකිද්දි පුදුම නොවී හිටීවිද?
"Taehyung" ඉයොන් බෝම අමාරුවෙන් වැටට හේත්තු වෙලා නැගිටින ගමන් කිව්වා. එයා නිකම් හරියට පණ නැති බෝනික්කෙක් වගේ. මම ඉක්මනට එයාව වැටෙන්න නොදී අල්ලගත්තා. ඉයොන්ගේ අැඳමත් සමහර තැන් වලින් ඉරිලා. මම ඉතින් ඉක්මනට එයාට මම අැඳන් හිටපු කෝට් එක පෙරෙව්වා. එ්ක එයාට හොඳටම ලොකු වැඩීයි. එ් මදිවට දිගයිත් එක්ක.
"ඔප්පා ඔයා වගේ කෙනෙකුට මේ වගේ කිසිම ලස්සනක් නැති අනාථ කෙල්ලෙක්ව ගැලපෙන්නේ නෑ. එයාව ඔයාට හරියන්නේ නෑ. එයාව අතාරින්න. ඔයාගේ ඉස්සරහම මේ අපි වගේ ලස්සන කෙල්ලෝ ඉද්දි අැයි එයාව අල්ල ගන්න යන්නේ?" අායි අර කෙල්ල. කිසිම ලස්සනක් නෑ! හහ්!!😤 මගේ ඉයොන් දහස් ගුණයකින් ඔය බදාම තට්ටු උලන් ඉන්න සීනි බෝල නපුරිච්චියොන්ට වඩා ලස්සනයි. අනික එයා අනාථයෙක් වෙන්ලේ කොහොමද? එයාට මම ඉන්නවනේ. මට එයාව බලා ගන්න පුළුවන්.
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanfictionSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...