Chapter 17- Count Dracula

133 20 63
                                    

Taehyung

ඩ්‍රැකියුලා...... එයා මට කතා කරන්නේ නිකන් ඇවිත් බලල යන්න වෙන්න විදියක් නම් නැහැ. බැරිවෙලාවත් එයා ඉයොන් ගැන දැනගෙන වත්ද? අනී... එහෙම වෙන්න නම් කොහොමටවත් විදියක් නැහැ. ඒත් මට එහෙට අනිවාර්යෙන්ම යන්න වෙනවා. මොකද ඒක කවුන්ට් ඩ්‍රැකියුලාගේ අණක් නිසා. එයා දැන් පාලනය එයාගේ මුනුපුරා ඒ කිව්වේ මගේ තාත්තට බාර දීලා නිදහසේ නිවාඩු පාඩුවේ හිටියත් තාමත් කිසිම කෙනෙක්ට බැහැ එයාගේ අණකට පිටුපාන්න. ඒක නිසා මට අනිවාර්යෙන්ම එහෙට යන්න වෙනවා. ඒත් මට බැහැ එයාට ඉයොන් ගැන දැනගන්න ඉඩ තියන්න. මොකද එහෙම වුනොත් වෙන්නේ ලොකු අවුලක්.

මම බලකොටුවට ගියේ ඒ ගැන කල්පනා කරමින්. ට්‍රාන්සෙල්වේනියාවේ ඩ්‍රැකියුලාගේ කළු බලකොටුව එහෙම නෙවෙයි හොඳේ. කොරියාවේ තියන අපේ එකට. මම කොච්චර මනස දියුණු කරපු කෙනෙක් වැම්පයර් කෙනෙක් වුණත් මට තාමත් බැහැ ඩ්‍රැකියුලාගේ මානසික ශක්තිය එක්ක හැප්පෙන්න. මොකද එයා තමයි තාමක් මානසික ශක්තිය දියුණුම වැම්පයර්. මට මොකක් හරි වෙන විදියක් හොයා ගන්න වෙනවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ජන්ග්කුක්! අායිශ් අැයි මේක මට කලින් මතක් නොවුනේ? ජියොන් ජන්ග්කුක්! නිෂ්ප්‍රභකයා!!! එයාගේ ලේ! අැයි මට මේක කලින් මතක් නොවුනේ? ඔයාලේ මොලේ නම් හොදටම පුස්කාලා තේහයුන්ග්.

මම කෙලින්ම ගියේ ජන්ග්කුක්ගේ කාමරේට. හහ්. ඔයාලා හිතන් හිටියේ කොහොමද මම මගේ එකම නංගිගේ මේට් ගැන කිසිම දෙයක් හොයන්නේ නැතුව ඉඳීම කියලද? ඒ මේ කිම් තේහයුන්ගේ එකම නංගි. So මම ජන්ග්කුක්ගේ උඩ ඉඳන් යටටම හැම විස්තරයක්ම දන්නවා. ඒ වගේම මගේ ගාව හොඳම රොයිටර් පුවත් සේවයේ අැන්ටෙනා දෙකකුත් ඉන්නවා නේ. එක්කෙනෙක් නම් දැන් ටිකක් සයිලන්ට් වෙලා.  ඒක නිසාමද මන්ද අනිත් කෙනා එයාටත් එක්ක හරියන්නම ඕටීත් වැඩ කරනවද කොහෙද. ඔව් ඔව් ඒ ජන්ග් හේසොකුයි පාර්ක් ජිමිනුයි කියන රොයිටර් අැන්ටෙනා දෙක ගැන තමයි මම මේ කියන්නේ. (මම කිව්වා කියලා එහෙම ඒ දෙන්නාට කියන්න එපා. පව් නේ මගේ අසරණ රාජකීය සරීර කූඩුව) විශ්වාස කරන්න ඒ දෙන්න මෙහේ කොරියාවල විතරක් නෙවෙයි ග්‍රීන්ලන්තේ වෙන උණුසුම් ඕපදූප ගැනත් එසැනින් දන්නවා.

Unwritten Destiny ⛎On Hold🔱Where stories live. Discover now