J-hope's pov
තේහ්‍යුන්ගේ මේට් ඉයොන්?ඒ දෙන්නා යාළු වෙලා ඉන්නේ කියන එක හැමෝටම රහසක් නෙවෙයි නේ.මම හරි නම් ඒකට සතුටු වෙන්න ඕන. ඒත් ඇයි මට දැනෙන්නෙ කොහේ හරි වැරැද්දක් තියෙනවා කියලා?😶 ඒ මදිවට තේහ්‍යුන්ග් ඉයොන්දෙන්නගෙම හිත් කියවන්නත් මට බැහැ. තේහයුන්ග් රාජකීයෙක්. ඒ වගේම ගොඩක් හිත දියුණු කරපු vampire කෙනෙක්. ඒක නිසා එයාට මගේ හිත කියවීමේ බලපෑමට ලේසියෙන්ම ලිස්සල යන්න පුළුවන්. මට පේන්නෙ එයා ඉයොන්ටත් මොකක්ම හරි ආරක්ෂාවක් දාලා මට එයාගේ හිත කියවන්න බැරි වෙන්න.
වැම්පයර් කෙනෙක් මේට් වෙද්දි එයාගේ ඇස් රතු පාට වෙනවා. ඒක වෙන්නේ තමන්ගේ මේට්ගේ ඇස් එක්ක තමන්ගේ ඇස් හම්බ උනාම. ඒක වෙලාත් සති දෙකක් විතර යනකම්ම ඇස් වල ඒ පාට වෙනස් වීම එහෙමම තියනවා. Half වැම්පයර් කෙනෙක් මේට් වෙද්දි එයාගේ ඇස් දෙක දම්පාට වෙනවා. ඒත් මනුස්සයෙක් එක්ක vampire කෙනෙක් හරි Half vampire කෙනෙක් හරි මේට් වුනොත් ඒ vampireගේ හරි Half- vampireගෙ හරි ඇස් වල පාට වෙනස් උනත් මනුස්සයගෙ ඇස් වල නම් පාට පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ.
ඒත් ඉයොන් මනුස්සයෙක්නේ. ඉතින් එයාගෙ ඇස් වල පාට වෙනස් වෙන්න විදියක් නැහැ. මොකද එයා තේගේ කන්නාඩි දෙක දාන් ඉන්නේ? තේ මොකක්ම හරි හංගනවා කියලා මට ගොඩ කාලෙක ඉඳලා තේරිලයි තිබුණෙ. එයා අපි නොදන්න මොකක්ම හරි ලොකු රහසක් දන්නවා. ඒ වගේම ඒක අපෙන් හංගනවා. අනික කොහොමටවත්ම තේහ්‍යුන්ග් ඉයොන්දෙන්න නම් හැසිරෙන්න මේට්ස්ලා වගේ නෙවෙයි. අනික vampire කෙනෙක් කියන්න ගොඩක් ලොකුම ලොකු ඉරිසියා කාරයෙක්. එයා වෙන කවුරුවත් නිකමටවත් තමන්ගෙ මේට්ගෙ ඇඟේ ගෑවෙනවටවත් කැමති නැහැ. ඉතින් අපි කට්ටිය දවසට කී සැරයක් විතර ඉයොන්ගේ කොණ්ඩේ අවුල් කරනවද? ඉයොන්ගේ මේට් තේහ්‍යුන්ග්වුණා නම් මෙලහකටත් මෙතන ලොකු රණ්ඩු ගොඩක් ගිහින්. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඉයොන් නම් කොහොමටවත්ම තේහ්‍යුන්ගේ මේට් නම් නෙවෙයි.
ඉයොන් මනුස්සයෙක්. ඒත් මට එයාගෙන් ඊට වඩා ප්‍රබල ශක්තියක් දැනෙනවා. සමහර වෙලාවට මට හිටින තියෙනවා එයා half vampire කෙනෙක්ද කියලා. ඒත් එහෙමනං කොහොමටවත්ම අපිට එයාගේ ලේ සුවඳ දැනෙන්න විදියක් නැහැනේ. අනේ මන්දා.... මගේ මොලෙත් හොඳටම කොලොප්පන් වෙලා මේවා කල්පනා කරලම.😶
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanfictionSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...