chapter 02- Teahyung

338 61 89
                                    

Hee Yeon

මට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුණා.මෙයාව මෙහෙම නාලා යන්නත් බෑ. මොකද තව ටිකකින් බොහොම දරුණු වැස්සක් එන ලකුණු පෙනුනා. එහෙම ගියොත් මෙයා මේ තුවාල වල විදියට හෙට උදේ වෙද්දි මැරිලා ඉදිවි. මට එතකම් අත් බැදන් බලන් ඉන්න බෑ කොහොමටවත්ම. වෙන කරන්න දෙයක් නෑ.

මම මගේ ටී-ෂර්ට් එකෙන් යට හරියෙන් භාගයක් විතර ඉරලා අරගෙන එයාගේ තුවාලෙට තද කරලා තිව්වේ ලේ යන එක නවත්තන්න ඕන නිසා. හිතුවට වඩා එ්ක ගොඩක් ගැඹුරු තුවාලයක්.එයාගේ ඉන ගාවින් බොහොම දරුණුවට වගේම ගැඹුරට වෙලා තිබුණු තුවාලේ මට පෙනුනේ නිකන් හොඳටම පහුරු ගාලා තුවාල වෙලා වගේ. මම එයාවත් වාරු කරන් ළඟ තිබුණු මඩුව අැතුළට එක්කන් ගිහින් කණුවකට හේත්තු කරලා වාඩි කෙරෙව්වා. එතකොටම වගේ මහ හයියෙන් ගොරවමින් වැස්ස පටන් ගත්තා.

නියමයි රෙදි ටික හොඳටම තෙමෙනවා අැති. හොඳ වෙලාවට කලින් රෙදි ගොඩක් අර ගත්තේ. එ්ත් මට අම්මගෙන් නම් හොඳට බැනුම් අහන්න වෙයි රෙදි වේලෙන්න දාපුවගෙන් භාගයක් විතර තෙමුවා කියලා.

අර කෙනා මොනවා හරි මුමුණනවා මට අැහුනා. එයාට සිහිය අැවිත්වත්ද ?මම එයාට ටිකක් ලං වුනේ එයා කියන්නේ මොනවද කියලා අහ ගන්න. එයාට තාම සිහිය නැහැ.

"යන්න එපා...... මාව දාලා යන්න එපා... අන්ද්වේ(no)...... හජිමා(don't) ...... චෙබෙල්(please) " එයා මිමිණුවා.

"මම කොහේවත් යන්නේ නෑ.එ්ත් ඔයාගේ තුවාලේ ගොඩක් දරුණුයි. මම එ්කට දාන්න බෙහෙත් ටිකක් අරන් ඉක්මනට එන්නම්." මම එයාගේ ඔළුව අත ගාන ගමන් කිව්වා.

සිහිය නැතුව හිටියත් එයාගේ පියවුණු අැස්වලින් කදුළු බේරුණා.මට පේන විදියට මෙයා මොකක් හරි ලොකු දුකක් හංගගෙන ඉන්නවා වගේ. සමහර විට මම මුලින් එයා ගැන හිතපු විදිය වැරදි අැති.කතාවක් තියෙනවානේ කෙනෙක්ව එක පාරට දැක්ක ගමන් එයාව මනින්න බෑ කියලා. මෙයා උපරිම උනොත් මට වඩා අවුරුදු දෙකක් නැත්තම් උපරිම තුනක් වැඩිමල් අැති(පෙනුමට අනුව). අවුරුදු දහ අටක විතර මෙයාගේ ජීවිතේ මෙච්චර විදවන්න වෙලා තියෙන්නේ මොනවද ?

Unwritten Destiny ⛎On Hold🔱Where stories live. Discover now