chapter 06- Secret

275 45 44
                                    

Jimin
"නෑ ජිමිනා අපි මේක තවත් හංගන එකේ තේරුමක් නෑ..........."
.
.
.
.
.
.
.
.
.
"හයුග්න්ට එ්ක දැන ගන්න අයිතියක් තියෙනවා." හොබී හයුන්ග් කිව්වා. " එයා එදා ගියේ පීනට් එතනට පැහැරගෙව අාවා කියලා දැන ගත්තු නිසා. අපි ඔයාට එ්ක කිව්වේ නැත්තේ ඔයා කලබලවෙලා අව්ලක් කර ගනී කියලා බය වුණ නිසා හයුන්ග්. මීරේ මැරුණේ පීනට්ව බේර ගන්න ගිහින්. මීරේ නැත්තම් අද පීනට් නෑ"

"මොකක්?..... උබලා කට්ටියම මගෙන් එ් වගේ දෙයක් හැංගුවේ කොහොම ද? අා....😤 මම කොච්චර නම් මීරේට බැන්නද? උබලා කරේ එ් හැම වෙලාවකම කට වහන් හිටපු එක" යුන්ගි හයුන්ග්ට හොඳටම කේන්ති ගිහිල්ලා. "එ් ඔක්කොම පීනට් නිසා. උබලට එ් වගේ වැඩකට යද්දි නිකමටවත් මට කතා කරන්න ඕන කියලා හිතුනේ නැද්ද? එහෙම උනා නම් සමහර විට මගේ අනිත් නංගි මිරේත් අද මෙතන ඉන්න තිබුණා."

"හයුන්ග් සන්__" මම කියලා ඉවර කරන්නත් කලින් ය්‍රන්ගි හයුන්ග් අත ගුලි කරලා මගේ මූණටම අත ගුලි කරලා විසි වෙලා වැටෙන සයිස් එකේ පාරක් දුන්නා. හොඳ වෙලාවට මම වැම්පයර් කෙනෙක් වුණේ. නැත්තම් ගහපු පාරේ සැරට සාමාන්‍ය මනුස්සයෙක් නම් මෙතනම මැරිලා වැටෙන්නෝ. මාව යන්තම් පස්සට ගියා විතරයි වැම්පයර් කෙනෙක් නිසා.

"හයු__" හොබී හයුන්ග්නුත් කතා කරන්න හැදුවත් එයා කියන්න ගිය දේ පටන් ගන්න කලින්ම මට වගේම දරුණු මුෂ්ටි ප්‍රහාරයක් යුන්ගි හයුන්ග්ගෙන් එයාටත් හම්බවුනා.

"උබලා දෙන්නා මෙච්චර දෙයක් වුනාට පස්සෙත් මට සන්සුන්ව බන්න කියනවාද? මීරේ අාපහු නො එන්නම අපිව දාලා ගිහිල්ලා. මගේ නංගි පීනට් එකේ කම්පනේට මාස ගානක් තිස්සේ තාම කෝමා එකක" එහෙම කියපු යුන්ගි හයුන්ග් rooftop එකෙන් ගියේ දොරත් ගැලවිලා යන සයිස් එකට දඩස් ගාලා වහලා. දොරේ අසව්වට නම් එ්ක දරා ගන්න බැරුව ගඅලවිලා බිමට වැටුනා.

"යුන්ගි හයුන්ග්-" මම එයාගේ පස්සෙන් යන්න හැදුවත් හොබී හයුන්ග් මාව නැවැත්තුවා.

"එයාට තනියම ඉන්න දෙන්න" හොබී හයුන්ග් කිව්වා.

"එ්ත් හයුන්ග් එයා මොකක් හරි අවුලක්__"

Unwritten Destiny ⛎On Hold🔱Where stories live. Discover now