Taehyung
yeonයි අපියි දැන් ඉන්නේ එකටමයි. ඒකට නම් ඉතින් ඉස්කොලේ කොල්ලො කෙසේ වෙතත් කෙල්ලො නම් දැන් හොඳටම ඉරිසියාවෙන් පුපුරනවා. ඒත් එයාලා කවුරුවත් yeonට මම ඉන්න නිසා අත උස්සන්න යන්නෙ නෑ. මොකද කාටවත්ම ඕන වුණේ නෑ කිම් indrustry එකේ අනාගත අයිතිකාරයව තරහා කරගන්න. Meere නැති අඩුව මේ පිස්සු කෙල්ල ඉයොන් පිරෙව්වා.
ඉයොන්ට මීරේගේ හුරතල් බවයි පිස්සු වැඩ කිරීමයි නම් අඩුවක් නැතුව ඇවිල්ලා තිබ්බට මීරේගෙ වගකීම් සහගතව වැඩ කිරීම නම් පොඩ්ඩක්වත් මෙයාගේ ගෑවිලා වත් නෑ. අනේ අද මගේ මීරේ හිටියා නම් මේ ඉයොන්ගෙයි මේ පිස්සෝ සෙට් එකගෙයි වැඩ දැකලා කොච්චර නම් සතුටු වෙන්න තිබ්බද? ඔව් ඉයොන් තමයි අනාවැකි කියවුනු ළමයා. මෙයාගේ අතේ තමයි මුළු vampire වංශයේම අනාගතය රැඳිලා තියෙන්නේ. ඒවගේම මෙයාගෙ ලේ...... මට සිද්ධ වෙනවා මොනදේ උනත් මෙයාව ආරක්ෂා කරගන්න. මගේ ජීවිතය ගියත්. කොහොමටවත් deamon gang එකට නම් මෙයාව අහු වෙන්න දෙන්න බෑ. මෙයාව අහුවුනොත් ඒ vampiresලා දැන් ඉන්නවටත් වඩා හිතාගන්න බැරි තරම් ශක්තිමත් වෙයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ, අපේ වගේම ඉයොන්ගෙත් අවසානේ. මගේ මතකය ඔස්සේ මම ගියේ අපි දෙන්නා මායි මීරේයි ඒ තිත්ත ඇත්ත හොයා ගත්තු දවසට.
Flash back (7 months before)
"යා.... යා.... ඔප්පා නැගිටින්නකෝ" මීරේ මගේ ඇඳට නැගලා මට කොට ගෙනුත් දමලා ගහන ගමන් එයාගෙ සුමිහිරි ඝාන්ඨාර කටහඬින් කෑ ගැහුවා.
"අයිශ් වදේ යනවා කෝ නිදාගන්න දීලා." මම එයාට විසිවෙලා යන්න පයින් එකක් දීලා කොට්ටෙකිනුත් කන් දෙක වහගෙන අනිත් පැත්ත හැරෙන ගමන් කිව්වා. එයා දඩාස් ගාලා ගිහින් බිත්තියේ හැප්පුනා. ඒත් මේ භූති මීරේ කියන්නේ ඔව්වට සැලෙන කෙනෙක් නෙමෙයි නේ. එයා බිත්තියට කකුල තියලා කෙලින්ම ගැම්ම අරන් පැන්නෙ මගේ අසරණ කොන්ද උඩට. අපොයි මගේ අසරණ කොන්ද. දැන් මාස ගානක් පත්තු බඳින්න වෙයිද කියලා සාධාරණ සැකයක් එනවා.
"යා.... මීරේ... පාබොයා මගේ කොන්ද කඩන්නද ද යන්නේ?"
ඔයාල දැන් කල්පනා කරන්නේ මම මීරේට පයින් ගහපු එක ගැන නම් ඇත්තම කිව්වොත් මේ වගේ පොඩි පොඩි රණ්ඩු අපි දෙන්නා අතර නිතරම වෙනවා. මම ඒ ගහපු පාරවල් එයාට දැනෙන්නෙවත් නෑ මොකද එයා Royal blood half vampire කෙනෙක්. half vampire කෙනෙක් මනුස්ස පැත්තට නැතුව vampire පැත්තට බරයි නම් එයා ගොඩක් ශක්තිමත්. අනික එයා රෝයල් බ්ලඩ් තියෙන කෙනෙක්. එක නිසා එය සාමාන්‍ය vampiresලටත් වඩා ගොඩක් ශක්තිමත්.
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanfictionSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...