Chapter 15- Inferno

159 31 47
                                    

Yeon

තේ ඔප්පා කේන්තියෙන් හේමිව ඇදන් ගිය විදියට මට නම් තේරුණේ ලොකු ප්‍රශ්නයක් කියලා. ඉන්ටවල් එක ඉවර වෙලා ටික වෙලාවක් යනකම්ම ඒ දෙන්නගෙන් කවුරුවත් ආවෙ නැහැ.

"hey ඔයා ක්ලාස් එකට යන්නේ නැද්ද?" ජන්ග්කුක් මගෙන් ඇහුවේ මගේ මූණට එබෙන ගමන්. ආයිශ්..... මේ කොල්ල ළඟදිම දවසක මට හාට් ඇටෑක් එකක් හදවලා තමයි නවතින්නේ. මුලින් මෙයාගේ හාවෙක්ගේ වගේ ඇස්. ඊළඟට සුවඳ..... දැන් මගේ කන ගාවටම ඇවිත් කතා කරනවා. මගේ අසරණ හාටුවට මේවා දරාගන්න බැහැ. ආයිශ් පිස්සු හැදීගෙන එනවද මන්දා... ඇත්තටම මේ හොඳට හිටපු මට මොකක්ද වෙලා තියෙන්නේ? ජියොන් ජන්ග්කුක් ඔයා තමයි මේ හැමදේකටම වගකියන්න ඕන.

"මම මේ හිටියේ තේ ඔප්පා එනකම්." මම එහෙම කියනවත් එක්කම එයාගේ මූණ ටිකක් විතර අඳුරු වුණා. "ඔයා ක්ලාස් එකට යන්න මම එන්නම්."

එයා මුලින් අකමැති කියලා පෙන්නුවත් පස්සේ ක්ලාස් එකට ගියා. මම තේහ්‍යුන්ග් ඔප්පා හේමිව ඇදන් ගියපු පැත්තට යද්දි මුලින්ම හම්බ උනේ ට්සුයුව. එයා මටත් රවලා ගස්සගෙන ගියෙ මාව නිකමටවත් ඇගේ ගෑවුනොත් එයාව කුණු වෙයි කියලා හිතාගෙන වගේ. අර්....අා..හ් මට මේ නැට්ටිච්චිව නම් පේන්න බැහැ බලන්න එපායැ උදේ ජන්ග්කුක්ගේ ඇඟේ එල්ලෙන්න නටපු නාඩගම.

තව ටිකක් දුර යද්දි මට හම්බ උනේ කඳුළු පිහි දදා එන හේමීව. එයාගෙ අත්වල මැණික් කටු ගාවින් හොදටම රතුවෙලා. අායිශ්..... අර😐 කිම් තේහයුන්ග්.... මොනවා කරලා ද මන්දා. ඒ මදිවට එයාගේ තොල් හොඳටම රතුවෙලා ලේත් එනවා. අර මෝඩයා කෙල්ලගේ තොල් පැලෙන්න ගහලාවත් ද මන්දා.

"හේමී ඔයා හොදින් නේද?" මම එයාගෙන් අැහුවා.

"තමුන්ගේ වැඩක් බලාගන්නවා ඉයොන්" එයා මට සැර කරේ මගේ දිහාවත් බලන්න කරදර නොවී කිව්වා. අපරාදෙ මාත් මනුස්සකමට අහන්න ගියේ ඔයා හොදින්ද කියලා. ඔයා හොඳටම වෙනස් වෙලා හේමි. කොහොමද මෙච්චර ඉක්මනට අපේ පොඩි කාලේ අමතක කරේ? හා පැටියා.... බනීකුකී. එයා දැන් කොහේ ඉන්නවද දන්නෙ නැහැ සමහරවිට එයාට නම් දැන් අපිට වඩා හොඳ යාළුවො හම්බ වෙලා ඇති. ඇයි මට හා පැටියව හරියට මතක නැත්තෙ? එයාව මතක් වෙන හැම වෙලාවකම මට දැනෙන්නේ මොකක් හරි හිස් බවක් මුසුවුණ අඩුවක්.

Unwritten Destiny ⛎On Hold🔱Where stories live. Discover now