Chapter 18 - black blood prince

118 19 65
                                    

Taehyung's POV

Vampires ලගෙන් සමහරුන්ට එක එක විශේෂ හැකියාවන් තියෙනවා. එතකොට බැන්ටැන්ග්ලට.... ඔව් අපි හැමෝටම තියෙනවා. මගේ හැකියාව නම් එච්චර වැදගත් එකක් නෙමේ ඒත් මට පුළුවන් කෙනෙක්ගෙ power එකක් හොරකම් කරලා ඒ කෙනාට දැනෙන්න වත් නැති වෙන්න ඒක යූස් කරන්න. අපිට කියන්න පුළුවන් සමහර විට ඒක ටිකකට ඉල්ල ගන්නවා කියලා. ඒත් මම කුමාරයානෙ මම කවදාවත් කාගෙන්වත් powers ඉල්ලලා පාවිච්චි කරේ නැහැ. කෙලින්ම අරගන්නවා මිසක.

මම හැදුවේ අනිත් පස්දෙනාගෙයි මම කලින් උස්සපු powersඋයි එකතු කරලා JBව බේරගන්න යන්න. ඒත් මට දැනුනා කවුරු හරි මගේ උරහිසෙන් අතක් තියෙනවා. මම demonsලට අහු වෙලා වත්ද?

"වැඩකට නෑ Taehyung. තමුසේ නම් කිසිම කමකට නැහැ. හරියට ඔත්තුවක්වත් බලාගන්න බැහැ. ඔහොම මනුස්ස ස්වරූපයෙන් මේ දොර ගාව හිටියම අහු වෙනවා කියලා තේරෙන්නේ නැද්ද මගේ බූරු මුනුපුරෝ?" කන ගාවින් ඇහුන සද්දෙ නිසා තමයි මම සැනසුම් සුසුමක් හෙලුවේ. Dracula! ඒත් එයා මොනාද මෙතන කරන්න?.

"ඔයාට අමතකද මේ මගේ මාලිගාව කියලා? මෙහෙ මට හොරාට කිසිම දෙයක් කරන්න බැහැ". එයා මට මතක් කරා. ඒ කියන්නේ එයා මේ වෙන හැමදේම දැනං ඉදලා ද? එහෙනම් ඇයි ලුසියස් එයාට විරුද්ධ වෙන බව දැන දැනමත් සද්ද නැතුව හිටියේ?.

"මම දන්නවා ඔයාට දැන් ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා taehyung. ඒත් ඒවට උත්තර ඔයාමයි හොයාගන්න ඕන. මට බැහැ ඒවට උත්තර දෙන්න" ඩ්‍රැකියුලා කිව්වා. "හරි වෙලාව ආවම ඔයාට හැමදේටම උත්තර හම්බ වෙයි. දැන් ඔය මනුස්ස ස්වරූපය වෙනස් කරගත්ත නම් නරකද?" ඩ්‍රැකිව්ලා මගෙන් එහෙම ඇහුවේ මගේ උරහිසේ තිබුණු අත අයින් කරලා වවුලෙක් බවට හැරෙන ගමන්.

මාත් එයාව අනුගමනය කරමින් ම වවුලෙක් වෙලා ඩ්‍රැකියුලාගේ පස්සෙන් පියෑඹුවේ අර කට්ටියගේ කතාව හොදට අහගන්න ඕන වුණ නිසා.

"කොහෙද කෙල්ලව හැංගුවේ කියනවා?" ලූසියස් ඇහුවෙ රිදී පාට මොකක් හරි දෙයක් කලු ග්ලවුස් එකක් දාපු එයාගේ දකුණු අතින් අර ගන්න ගමන්.

"ඒ" මට ගොත ගැහුනා.

"ඔහු ඒ පිරිසිදු රිදී" ඩ්‍රැකියුලා මගේ සැකය තහවුරු කරා. පිරිසිදු රිදී ඒක vampiresලට මාරාන්තිකම නොවුණත් සැලකිය යුතු තරමේ වේදනාවක් ඇති කරන්න පුළුවන්. ඒක නිකං හරියට මිනිස්සුන්ගේ ඇඟේ රත් උන යකඩ ගෑවෙනවා වගේ දෙයක්. ඒවට අපිව පිච්චෙනවා.

Unwritten Destiny ⛎On Hold🔱Where stories live. Discover now