Jungkook
ඉයොන්.....පිස්සු කෙල්ල. මම දන්නෙ නැහැ ඇයි කියල නම් ඒත් දවසින් දවස ඔයාවත් මගේ කාත් එක්කවත් බෙදාගන්න කැමති නැති මගේ ගාවම තියා ගන්න ඕන කියලා හිතෙන ආකර්ශනයට ඇදිලා එනවා.
මට දීලා තිබුණු එසයින්මන්ට් එක මට තනියම කරගන්න හොඳටම පුළුවන්කම තිබුනත් මම එයාගෙන් උදව් ඉල්ලුවේ ටික වෙලාවක් හරි ඉයොන් එක්ක ඉන්න ඒකෙන් මට පුළුවන් වෙන නිසා. ඒත් එයාගෙ මට එච්චර කැමැත්තක් නෑ වගේ. ඒකනෙ මාව ගෙදර එක්කගෙන යන්නේ නැතුව මෙහෙ ඉඳන්ම ඒක කරමු කිව්වේ? ඇත්තටම ඔයාට මාව මතක නැද්ද ඉයොන්? ඔයාගේ බනීකුකීව? මට හයුක් අංකල්වයි මීරියම් ආන්ටිවයි දකින්න ආසයි. ඒත් ඉතින් ඉයොන් ඔයා ඒකට කැමති නැත්නම් කමක් නැහැ.
අපි දෙන්නා එසයින්මන්ට් එකට කරුණු සාකච්ඡා කරපු වෙලාව නම් නියමයි. මට තේරුන විදිහට අපි දෙන්නටම කැමති දේවලුත් තියෙනවා වගේ. හොඳ වෙලාවට මීට ටික දවසකට කලින් මම ඩෑන් බ්‍රවුන්ගේ ඉන්ෆර්නෝ (නිරය) කියෙව්වේ.
ඔය අතර තමයි මට ජිමින් හයුන්ගෙන් කෝල් එකක් ආවේ. එක සැරයක් cut කරත් ආපහු එසැනින් අනිත් පැත්තට කෝල් එකක් ආපු නිසා මම ෆෝන් එකක් අරගෙන එලියට ආවෙ හදිසියක් කියල හිතුනු නිසා.
"හෙලෝ හයුන්ග් ඇයි කතා කරේ?" මම පෝන් එකත් අරන් එලියට එන ගමන් කෝල් එක ආසර් කරලා ඇහුවා.
"ජන්ග්කුක් ඉයොන් ඉන්නේ ඔයත් එක්ක ද?" ජිමින් හයුන්ග් කලබලෙන් වගේ ඇහුවා.
"ඇයි හදිස්සියක්ද හයුන්ග්?" මම ඇහුවා. "එයා මාත් එක්ක තමයි මෙච්චර වෙලා හිටියේ නම්"
"නැහැ මේ තේහයුන්ග් කියන පිස්සා මෙහෙ පිස්සු නටනවා එයාට කරදරයක් කියලා" ජිමින් හයුන්ග් කිව්වා. "එයා ට්‍රාන්ස්..... අර්ර්... ටෝකියෝ ඉඳලා ආපු ගමන් ගිහින් තියෙන්නෙ ඉයොන්ලගේ ගෙදරට. එයා එහේ නැහැ කියලා දැනගෙන මේකා දැන් මෙතන පිස්සු නටනවා. ඔයා එක්ක නම් ඉන්නේ අවුලක් නැහැනේ-"
"ජියොන් ජන්ග්කුක් හොඳ හිතෙන් මගේ නං- අහ් ඉයොන්ට පෝන් එක දෙනවා" එක පාරටම ජිමින් හයුන්ගෙන් පෝන් එක උදුරගෙන ද කොහෙද අර පිස්සු කිම් තේහයුන්ග් කියන හාදයා පෝන් එකෙන් කෑ ගහන්න ගත්තා. එයාගෙ කටේ සද්දේ ගොඩක් අඩු නිසාම මට උනේ මගේ කණට හැතැම්මක් විතර එහායින් පෝන් එක අල්ලන් එයා කියන දේ අහන් ඉන්න. ඒ තරමටම එයා නිශ්ශබ්දයි😌
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanfictionSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...