මට වෙන කරන්න දෙයක් නැහැ. වෙන කාගෙන් හරි උදව් ගන්න වෙනවා. මේ වෙලාවේ මගේ powerw ඔක්කොම හයූරාට පින්සිද්ද වෙන්න අඩපණ වෙලානේ. මගේ mind signals හයුන්ග්ලාට වැඩ කරොත් හොඳයි.
"ඒයි කොටෝ ඉන්න තැනකින් ඉක්මනට මෙහෙට එනවා." මම ජිමින්ට මනසින් පණිවිඩයක් යැව්වා. "ඉක්මනට මම ලොකු හදිසියක ඉන්නේ."
"හෙමි තව ටිකක් ඉවසන්න. චෙබෙල්." මම එයාව තවත් මගේ ඇගට තද කරලා බදාගන්න ගමන් හේමිගේ කනට කෙඳිරුවා. හේමිගේ තාත්තට සල්ලි නැද්ද මේ දවස් වල? නැත්නම් මහ ලෝභයෙක් වෙන්න ඕන. ඒකනෙ තමන්ගේ දුවගේ කාමරයට hot water සප්ලයි එක වත් දීලා නැත්තේ. නෑ.... එක්කෝ හෙමිගේ අර සක්කර වට්ටම් කුඩම්මගෙ වියදම් වැඩි වෙලා ඒ අසරණ මනුස්සයා බංකොලොත් ද කියලත් මට සාධාරණ සැකයක් එනවා. පව් අසරණයා. ඕක තමයි කියන්නේ කසාදයක් බඳින කොට පොඩ්ඩක් වටපිටාව ගැන අවධානය යොමු කරලා බඳින්න කියලා. පාර පනිද්දි දෙපැත්ත බලලානේ පනින්න ඕන නැද්ද? නැත්නම් හැප්පිලා Express නිවන් යන්න පුළුවන්.
"ඔයාට තවත් පැනලා යන්න බැහැ තේහයුන්ග්. ඔය කෙල්ලව අත ඇරලා මගේ ගාවට එන්න" හයූරා කෑගැහුවා. " නැත්නම් එයා මැරෙනවා බලන් ඉන්න. see දැනටමත් ගොඩක් දුර්වලයි. අනික ඔයා එයාට වෛර කරනවා නේද? එහෙම නම් ඇයි එයාව බේරගන්න හදන්නේ? අනික මේ කෙල්ල හරිම useless" මට දැනුනා මගේ ෂර්ට් එක අල්ලන් හිටපු හේමිගේ වෙව්ලන අත්වල ග්‍රහණය ටික ටික බුරුල් වෙනවා කියලා.
"මට යන්න දෙන්න" හෙමි දුර්වල කටහඬකින් මිමිණුවා.
"කවුද කිව්වේ මම එයාට වෛර කරනවා කියලා? ඒක වැරදි වැටහීමක්. අනික කවුද කිව්වේ එයා useless කියලා." මම හෙමි මගේ ෂර්ට් එක අල්ලන් හිටපු අත් දෙක උඩින්ම මගේ අතක් තියලා එයාගේ අත් දෙකම මගේ අතින් අල්ල ගන්න ගමන් අනිත් අත එයාගෙ හීනි ඉඟ වටේ යවලා මගේ ගාවට එයාව තවත් ළං කර ගන්න ගමන් කිව්වා. හහ්! මායාකාරී තමුන් හිතුවේ මම තමුන්ගේ එක්දාස් අටසිය බර ගනන්වල cheap trick එකකට හෙමි අහුවෙනකම් බලන් ඉදීවී කියල ද? සැක්... කොහොමද මාව එච්චර පහල මට්ටමකින් තක්සේරු කරේ?
ඕවා හෙන පරණ tricks. හිතන් ඇති මේවා කියලා හෙමිව ෂවර් එක යටින් එලියට අරන් ආපහු හෙමිව එයාගේ පාලනයට අරගන්න. ඒවා කොහෙද මාත් එක්ක. මම කිම් තේහයුන්ග්. මගේ mateව control කරන්නත්, එයාට රිද්දන්න පුළුවන් මට....මේ මටම විතරයි.
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanfictionSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...