chapter 01- Unexpected Stranger

597 62 80
                                    

Hee Yeon

වැස්ස දවසක් ගැන කෙනෙක්ගෙන් අැහුවොත් එයාගේ ප්‍රතිචාරය මොනවගේ එකක් වෙන්න පුළුවන් ද? ගොඩක් අයගේ ප්‍රතිචාරය වැස්ස කොච්චර ශෝක් ද? බ්ලාහ්..... බ්ලාහ්.... වගේ දේවල්. එ්ත් මගෙන් අැහුවොත් එ් වගේ දවසක් කියන්නේ මට පේන්නම බැරි මහ එපාම කරපු දවස්වලින් එකක්. සමහර විට මේක අහන්න පුළුවන් 'අැයි ඔයා මෙච්චරම වැස්සට අකමැති?' කියලා. සමහර විට ඔයා බකපණ්ඩිතයෙක් වගේ උනොත් අහයි 'අැයි ඔයා වැස්සට මේච්චරම අකමැති? වැස්ස තමයි අපි ජීවත් වෙන පරිසරයට නව ජීවයක් ලබා දෙන්නේ' වගේ දෙයක්.

එ්ත් මම නම් ඉන්නේ මගේ පරණ මතේම තමයි. ඔයාලා ඔය කියන ඔය හරිම ශෝක් වැස්සම නේද මහ ගංවතුරක් වෙලා හැම දේම යට කරන් යන්නේ ? එ් වගේම නායේ යෑම්වලටත් එ්ක හේතුවක් නේද? මම දන්නවා එ්කට මිනිස්සුත් එ්වට වක්‍රව සම්බන්ධයි කියලා. මට වැස්ස පේන්න බෑ. එ් වගේම මම වැඩිය මිනිස්සුන්ව විශ්වාස කරන්නෙත් නෑ.මොකද එ් දෙක නිසා මට වටින ගොඩක් දේවල් නැති වුණා. මගේ තාත්තගේ හොඳම යාළුවා මගේ තාත්තව මගේ ඉස්සරහම මරලා දැම්මේ මහ මූසල වැස්ස දවසක. මට කරන්න පුළුවන් උනේ හැංගිලා එ්ක දිහා අඬ අඬ බලන් ඉන්න එක විතරයි. මොකද මම එලියට ගියා නම් මටත් වෙන්නේ තාත්තට වුණ දේමයි කියලා මම දැනන් හිටියා. එ් වගේම මගේ බල්ලා ටොමීවත් නැති වුණේ මේ වගේ වැස්ස දවසක. මට වැස්සත් එක්ක තියෙන්නේ ගොඩක් අදුරු මතකයන්.

මට කොහොමටවත් මේ වගේ වහින්න ඔන්න මෙන්න තියෙන වෙලාවක ගෙදරින් ටිකක් අෑත තිබුණු රෙදි වැල්වල තිබුණු රෙදි ටික අරන් එන්න යන්න ඕන වුනේ නෑ. එ්ත් මේ වෙලාවේ ලෙඩ වෙලා ඉන්න අම්මට කරදර කරන්න බැරි නිසාම මම අකමැත්තෙන් උනත් එතනට ගියේ වැස්සොත් රෙදි ටික හොඳටම තෙමෙන නිසා. තාත්තගේ මරණෙන් පස්සේ අපේ ජිවිත උඩු යටිකුරු උනේ අපි කවුරුවත් නොහිතපු විදියට. අම්මා වැඩ කරලා වැඩි කමටම හොදටම ලෙඩ වුණා. එ්ක නිසා මට තනියම ගොඩක් වැඩ කරන්න වුණා.

එ්ත් මට කවදාවත් හිතුනේ නෑ මගේ සතුට අාපහු ගෙනල්ලා හැමදාම මගේ ලගින් ඉදලා එක පාරටම සදහටම මාව දාලා යන කෙනත් ගිය කෙනත් පලවෙනි පාරට එ් වගේ දවසකම හම්බවෙයි කියලා.

Unwritten Destiny ⛎On Hold🔱Where stories live. Discover now