Jungkook
(Worning!⚠️ disgraceful language)
ඔයා කොහොමද මම මෙහෙම නොදැක්කා වගේ ඉන්නේ ඉයොන්? පොඩි කාලේ නම් අපි තුන්දෙනා එකට සෙල්ලම් කරපුවා, එකට කාපුවා, එකට විනෝද වුණු හැටි ඔයා කොහොමද මෙච්චර ඉක්මනට අමතක කරේ? ඔයාට දැන් මම කියලා කෙනෙක් හිටිය කියලවත් මතක නැද්ද? කොහොමද මේ අවුරුදු පහට ඔය දෙන්නයි මෙහේ තිබුණ හැම දෙයක්මයි මෙච්චර වෙනස් උනේ? ඔයාලා දෙන්නම ගොඩක් වෙනස් වෙලා.
අවුරුදු 10දි මම ඇමරිකා ගියාට මගේ හිත තිබුණේ මෙච්චර කාලයක් මෙහේ. අපේ පොඩි කාලේ අපි එකට සෙල්ලම් කරපු තැන්වල. ඒත්.... ඒත් දැන් ඒ හැමදෙයක්ම මගේ මතකයන් විතරක්ම වෙලා ද?අපි තුන් දෙනා එකතු වෙලා හදපු සෙල්ලම් ගේ.... ඒක දැන් ලගටවත් යන්න බැරිවෙන්නම වල් බිහි වෙලා. අපි තුන්දෙනාගෙම හුරතලා උන ටෝබි.... එයාගෙ සොහොන ගාවින් මම ඊයෙ මල් පොකුරක් තියලයි ආවේ. ඇයි මට දැනුනේ එතනට අවුරුදු ගානකින් කවුරුවත් ගිහිල්ලා නෑ වගේ වල් බිහිවෙලා කියලා?
ඔය දෙන්නා කොහොමද මේ අවුරුදු පහකට මෙච්චර වෙනස් උනේ? දන්නවද මම ඇමරිකාවල සිංහලයෙක් කාරණා මතක් උනේ ඔය දෙන්නව. විශේෂයෙන්ම ඔයා ඉයොන්. ඔව් මමත් පොඩි කාලේ ඉඳන්ම ඔයාට කැමැත්තෙන් හිටියා. ඒත් මට මගේ හැඟීම් අඳුරගන්න බැරි වුණේ ඒ කාලේ මම ගොඩක් පොඩි කෙනෙක් උන නිසා. ඒත් මම ඒ හැගීම හරියටම මොකක්ද කියලා හොයාගෙන එනකොට ඔයා වෙන කෙනෙක්ව හොයාගෙනත් ඉවරයි. ඇයි මටම මෙහෙම වෙන්නේ ඉයොන්?
"මගේ gf" අර කිම් තේහ්‍යුන්ග් ඒක බොහොම සරලව හරිම ලස්සනට කියපු හැටි විතරක්. මට දැනුනේ ගොඩක් තියුණු උල් පිහියක් මගේ හදවත ඇතුලටම බස්සන වගේ. එතනින් නැගිටලා දුවන්න කොච්චර උවමනා වුණත් හයුන්ග්ලා ටික නිසා මම බොරුවට හරි හිනාවෙලා එතන හිටියා.
"ඒක නෙවෙයි කුකී මොකෝ එකපාරටම අපිව මතක් උනේ?" ජිමින් හයුන්ගේ කටහඬින් මම ආපහු මේ ලෝකෙට ආවා.
"එහෙම එකක් නැහැ හයුන්ග් මම මගේ පොඩි කාලෙට ආපහු එන්න හිතුවා. ඒත් දැන්නම් ගොඩක් දේවල් වෙනස් වෙලා වගේ" මම ඒ ටික කිව්වෙ ඉයොන් දිහා බලාගෙන. මගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තිබුන එයාගේ මතක ආපහු එයි කියලා. මට ඔයා ගැන දැනෙන ඒ අමුතු හැඟීම් ඒ අමුතු ශක්තිය දැනෙන්න මට විතරද ඉයොන්. ඔයාට මං ගැන කිසිම ආකර්ෂණයක් මට දැනෙනවා වගේ නොදැනෙන්නේ ඇයි ඉයොන්?
YOU ARE READING
Unwritten Destiny ⛎On Hold🔱
FanficSlow updates ⚡🚩 A young girl who thinks that her past is dark without knowing the terrible fate that will befall her ......... A vampire prince who hates his own generation because of his sister's death ............. A boy who likes to live a ver...