1 ST EPISODE 🎬

2.7K 328 35
                                    

අදට මගේ අම්මයි තාත්තයි මාව දාලා ගිහිල්ලා මාස පහක් වෙනවා.ACCIDENT එකකින් ඒ දෙන්නම මේ ලෝකෙන් යද්දි මමයි මගේ අක්කයි මේ ලෝකෙ තනි උනා වුනා.ඒ දෙන්නා මැරුණට පස්සේ මාස පහක් අපි බුසාන් වල අපේ පරණ ගෙදර හිටියත් තවදුරටත් අපිට ඒ ගෙදර ඉන්න බැරි වුණා. ඒ මතක නිසා.ඒ ගෙදර ඉදිද්දී මගේ පුංචි පවුලේ මතක මාව ගොඩක් රිද්දුවා.අම්මයි තාත්තයි මායි අක්කයි සතුටින් හිටපු හැටි,සෙල්ලම් කරපු හැටි හැම දෙයක්ම මට මැවිලා පේන්න ගත්තා,දැනෙන්න ගත්තා.මගේ අක්කා ශක්තිමත් වුණත් මං එහෙම කෙනෙක් නෙමෙයි ඒ නිසාමයි අපි SEOUL ආවේ.අපිට BLACK CASTLE එකට පිටිපස්සෙන් ගෙයක් RENT එකට ගන්න පුළුවන් වුණා.ඒකට නම් මං ගොඩක් සතුටු වුණා.ඒත් ගෙදරට ගියපු වෙලාවේ BLACK CASTLE එක පිටුපස වත්ත දැක්කහම මේ BLACK CASTLE එකද කියලත් සැක හිතුනා.

ඉදිරිපස ලස්සනට උස තාප්ප ගහලා තියෙන මන්දිරයේ පිටුපස තියෙන්නේ කම්බි වැටක්... ඔව් කම්බි වැටක්.ඒ වගේම ඒ ආසන්නයේම ලිදක් තිබ්බා..ඔහොම ඉන්න ම්ම්ම් මන් මේ ලිද ගැන නම් පොඩි දේවල් ටිකක් අහලා තියෙනවා.ඒක JEON GROUP එකේ ආරම්භකයා ගේ කාලේ ඉඳන්ම තියන එකක් ලු.මේ ළිඳේ වතුර තමයි මේ මන්දිරයේ වැඩ කටයුතුවලට භාවිතා කරන්නෙ. මොන පිස්සුවක්ද?? මෙච්චර ලොකු මන්දිරයක පාවිච්චියට මේ ළිඳක වතුර ගන්නේ.ම්ම් සමහරවිට ඒක එයාලගෙ අතීත සංකේතයක් නිසා වෙන්නත් පුළුවන්.

ඒ වගේම කම්බි වැටට මැද හරිය ඒ කියන්නේ අපේ ගෙදර පැත්තට බර වෙලා වගේ තිබ්බ ලොකු මලක් තියෙන ගහක් තිබ්බා.ගහක් කියන්නත් බෑ ඒකෙ කද ඒ තරම් මහත නෑ ඒක නෑවිලා තිබ්බ විදිහෙන්ම කියන්න පුළුවන් එක ඒ තරම් ශක්තිමත් නෑ කියලා.ඒ වගේම ඒ කඳ කොළම කොල පාටයි.අනේ මන්දා ඒත් ඒක දැක්කාම මට මහා මූසල ගතියක් දැනුනා.

"YURA~ah එළියේ ඉදන් භාවනා කරනවද?මං ගේ අස් කරනවා මෙහෙ එනවා ඇවිත් මට හෙල්පක් දෙනවා."

"කවද්ද ඔන්නියා මං භාවනා කරේ." කියාගෙනම මං ආයෙත් ගේ ඇතුලට ගියා.

අද අපේ අලුත් ගෙදර party එකක් තියනවා.අපේ seoul වල ඉන්න යාලුවො ටික එක්ක.අපි seoul ඇවිල්ලා දැන් දවස් 2 ක් වෙනවා.ඒත් අද තමා මේ ගෙදර පිටිපස්ස පැත්තට එන්න පුලුවන් වුනේ.මොකද ගිය දවස් දෙකේම අපි කරේ කෑම,බීම,නිදාගැනිම විතරයි😌ඒ ඇවිල්ලත් සිරි නරබන්න දෙන්නෙත් නෑ මගේ ආදරණිය ඔන්නියා.බැලුවොත් ටකරම ගහන් මයි.

BLACK CASTLE ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈDonde viven las historias. Descúbrelo ahora