🐉 Chapter 03.🐉

378 110 3
                                    

"කමක් නෑ Kim ඔහේ කාපුදෙන්.. "ඒක දැකලාද කොහෙද Limin එහෙම කිව්වා.

"බුදු අම්මෝ... මේ බෑග් වල බර.. මොනාද අනේ ඔයාලා මේවල පටන්ගෙන ආවේ.. ඒ තරම් බරයි. " Jorj බෑග් ටික අරං එන ගමන් කිව්වා...

"හී... හී.... අපේ බඩු තමා.. ඔයාලට වගේ නෙමෙයි කෙල්ලන්ට.. ඔයාලට මොනවද තියෙන්නේ.. "

"අහගත්තා නේද Jorj .. හොඳ වැඩේ.. " Lio හිනා වෙන ගමන් කිව්වා...

"ඔයා නම් හිනා වෙයි.. මේ ටික අරං යන්න උදව් කරනවකො... "

"බෑ... බෑ.... වලි කොල්ලො අපිට බෑ ඔයාට උදව් කරන්න.. තනියම කරන එකයි ඇත්තේ.. "

"මං තමුසෙට.. "

"ආ.... නවත්තනවා ඕක... " Limin තරහෙන් කිව්වා..

"මේ මේ... ඔයාගෙන් මෙතන වැඩිමලා කව්ද.. " මං ඇහුවේ මෙයාලත් අපි වගේම රණ්ඩු වෙන නිසා..

"Ji තමා වැඩිමලා.. ඊටපස්සේ Loi & Jorj . එතකොට මං තමා මෙතන බාලයා.. " Limin කියාගෙන ගියා..

"තනි කර මං වගේමයි.. ඔයත් මේ ලොකු අයියලාගේ රණ්ඩු බේරන්න ඕනේ... මං මේ අක්කලා දෙන්නගේ රණ්ඩු බේරන්න ඕනේ.. "

"අනේ අපේ පොඩි උන් දෙන්නා.. ලොකු අයියලාගේ යි අක්කලාගෙයි රණ්ඩු බේරන්න ඕනේ... පව් අනේ Limin & Kim... පොඩි එකා.. " Jorj හිනා වෙවි කිව්වා..

"අනේ ඔයාලානේ පොඩි උන් වගේ හැසිරෙන්නේ... බලපුවාම මායි Kim හොඳයි.. "

"ඒක තමා... "

"හරි හරි... දැන් යමු ඔයාලගේ කාමර ටික පෙන්නන්න.. හැබැයි ටිකක් හරි නැතුව ඇති .. අපි ඉතිං ඔයාලගේ කාමර හදන්න දන්නෑනේ... "

"ආහා.... අවුලක් නෑ... අපිට හදා ගන්න පුළුවන් . "

එයාලා අපිට අපේ කාමර පෙන්නුවා.. හිතා ගන්න බැරි තරම් ඒවා ලස්සනයි.. අපි තුන්දෙනාට වෙනම කාමර තුනක්ම තිබ්බා.. අපි ගිහිල්ලා ඇදුම් ටික අස් කරා.. වොෂ් එකක් දාගෙන මං කාමරෙන් එළියට ඇවිත් අහස දිහා බලාගෙන හිටියා.. හුඟක් රැ වෙලා තිබ්බේ එතකොට CJ & Lisa නම් නිදා ගන්න ලෑස්ති වෙලා ද කොහෙද...

"Good Night Kim.." එහා පැත්තේ ඉදන් දෙන්නම එකපාරටම කෑගහලා කිව්වා..

"Good Night... "

Seven Dragons (Non-fiction)✔️Where stories live. Discover now