මාව කලන්තේ දාලා වැටුනට පස්සේ මොනවද උනේ කියලා මං හරියටම දන්නෑ. ලිමින්ට කරදරයක් උනාද.. ඒ මුකුත්ම දන්නෑ.. මං නිකං ශොක් උනා වගේ..
Limin Pov...
අර මනුස්සයා දුවගෙන එනකොටම Kim ට කලන්තේ දැම්මා.. මං ක්ෂනිකව ක්‍රියාත්මක වෙලා එක අතකින් Kim ව අල්ලගත්තා... ආපු මිනිහගේ බඩට හොඳ පයින් පාරක් ගැහුවා.. ආය නෑ ඒක නම් නියම පාර. සැර වැඩි කමට ඌව ඇතට විසික් වෙලා ගියා . මං ඉක්මනට Kim ව ගහකට හේත්තු කරලා.. අර නරුමයෝ මැද්දට ගියා..
"ඒයි පොඩි කොල්ලො උබ හිතනවද මෙතන ඉන්න කට්ටියත් එක්ක තනි උබට හැප්පෙන්න පුළුවන් කියලා.. හිනෙකින් තමා.. තමුසේ අද මෙතනම ඉවරයි Lkmin Su... "
"හරි බලාගමු... තනි මට කරන්න පුළුවන් දේවල් තාම උඹ දන්නෑ... " 🤨🤨
එහෙම කියලා මං මගේ පිටේ තිබ්බ කඩු දෙකම ඇදලා ගත්තා... ⚔️⚔️⚔️ හතර අතින් දුවගෙන ආපු නරුමයෝ හැම එකාටම පහර දුන්නා. එකෙක්ට කකුලෙන් ආය නෑ විසික් වෙලා යන්නම දුන්නා... තව කට්ටියකට කඩුවෙන් පහර දුන්නා... පුළුවන් උපරිමයෙන් කරා.. අන්තිමට එකයි ඉතුරු උනේ.. ඒ ඒ ආපු කට්ටියගේ නායකයා විදියට ඉදපු එකා... 🙄🙄😏😏😏 මට හරියට පණක් තිබ්බෙත් නෑ... එකෙක් දහ දෙනෙක් එක්ක තනියම සටන් කරනවා කියන්නේ හිතා ගන්න බැරි වැඩක්..."ආ.... එහෙනම් උඹ මගේ මිනිස්සු ටිකව නැති කරා... මං අද තමුසෙව."..
එයාට ඉතුරු ටික කියන්න උනේ නෑ. මං ඊට කළින් එයාව ඉවරයක් කළා.. ඒත් අවාසනාවකට ඒ නරුමයාගේ පිහිය මගේ උරහිසේ ඇනිලා තිබ්බේ... ඌ නිකම්ම බිම වැටුණා. මං බොහොම අමාරුවෙන් මගේ උරහිසේ ඇනිලා තිබ්බ පිහිය ගැලෙව්වා... එතන ටිකක් වේදනාව දැනුනා... මං ඒක ගැන නොහිතා ඉක්මනට Kim ළඟට දිව්වා... එයාට තාම සිහිය නෑ... මගෙයි වැරැද්ද.. එයාව කැලේට අරං ආපු එක.. දැන් කරුවල වැටෙන්නත් ළඟයි. කොහෙද ඉන්නේ කියලා හොයා ගන්නත් බෑ... ශික්..
මං එහෙම හිතලා වතුර ටිකක් හොයා ගන්න ගියා.. වෙලාවට ළඟ වතුර උල්පතක් තිබ්බා... මං වතුර ටිකකුත් අරගෙන ආය ආවා.. Kim ගේ මූණට වතුර ටිකක් ඉහළා .. එයාට කතා කරා..Limin Pov End....
"Kim නැගිටින්නකො... අනේ නැගිටින්නකො.. "
YOU ARE READING
Seven Dragons (Non-fiction)✔️
Mystery / Thriller?The best wattpad original BxG 2022 ________ දගකාර පණ්ඩිත කොල්ලො හතරක්.. ලොකු පිළිගැනීමක් තියෙනවා.. නුවණක්කාර ලස්සන කෙල්ලො තුන්දෙනෙක්.. හැබැයි අහිංසකයි.. ආත්මිය වික්රමයක්... මිත්රත්වය, සමගිය, ආත්මීය බැදීම්. මේ සියල්ල කැටි උන ලස්සන කතාවක්.. S...