මම Jorj ට ගහන්න යනකොටම ගෙදර බෙල් එක වැදුනා...
"කව්ද උදේ පාන්දර ම.. "
"අනේ මන්දා.. "
"දොර අරිනවා කවුරු හරි ගිහිං.. "
"මම යන්නං ඉතිං.. හැමදාම මමනේ දොර අරින්න ඕනේ. ශික්....... "එහෙම කියලා ලීසා බැන බැන දොර අරින්න ගියා....
"හායි..... කාවද හම්බවෙන්න ඕනේ... "
"කෝ ලිමින්... "
"ආ..... ඉන්...නවා... පො..පොඩ්ඩක්. ඉන්න.. "
"ඒයි... ජිමිනා අර කව්ද ඔයාව හොයනවා... කව්ද දන්නෑ.. සද්දේ එයාගේ.. මට දිවත් පැටලෙනවා.. "
"කෝ බලන්න... කව්ද ඒත් උදේ පාන්දර.. "
දොර භාගෙට ඇරලා තිබ්බේ ඒ හින්දා ලිමින් කව්ද කියලා හරියට දැක්කේ නෑ.. අඩු තරමේ සොෆා එකේ හිටපු මං වත් දැක්කේ නෑ... මං වැඩිය ගනන් ගත්තේ නෑ.. මොකද මට ඕන වුණේ Jorj ට ගහන්න... 😉
"ඕහෝ...... තා ...ත්තේ ඔයා... උදේ පාන්දරම... "
"ලිමින් මට මේක කියන්න මෙතන මොකක්ද වෙන්නේ කවුද මේ අලුත් ගෑණු ළමයි තුන්දෙනා... "
"තාත්තේ.... මේ මේකයි.... මේ.. මේ..." 😶🙍🏻♂️
"මොකද ඔලුව කහන්නේ.. "
"අන්කල් අපි ලිමින්ගේ කොලේජ් එකේ යාළුවෝ.. "
මං සොෆා එකේ ඉදගෙනම කෑගැහුවා... ඇත්තටම ඒ කව්ද කියලා මට හරියටම ඇහුනේ නෑ.. මං ඕනවට එපාවට ඒක කිව්වේ..
"Kim කට පියාගන්නවා... "
"ඉතිං ඔයාගේ කටේ මොනා හරි හිරවෙලා වගේ ලොට ලොට කතා කරන්නේ.. මෝඩයෙක් වගේ ඔලුවත් කහ කහ.. ඉතිං ඔයාට ලේසි හින්දා මං කිව්වේ... "
මං එහෙම කියලා එතනින් නැගිටලා කාමරේට ගියා.."අන්න ළමයි... කෙළින්ම කිව්වා ..හරි හරි ඔයාලා භය උනාද අවුලක් නෑ... ඔයාලා යාළුවෝනේ... මම ලිමින්ගේ තාත්තා.. "
"ඕහෝ නෝ.... Kim ඉවරයි.... මේකිට කට තියන් ඉන්න බෑ . දැන් ඉතිං කවුරු හරි ගිහිං කියන්න මේ ලිමින්ගේ තාත්තා කියලා... "
"මං ම කියන්නම්.... එයාට තේරුම් කරන එක අමාරු වැඩක්.. "
"යන්න යන්න.. පහළට නම් ගේන්න එපා... ඕකිව ශුව නෑ. සාස් පාන අරන් දෙයිද දන්නෑ මට.. ගහන්නත් බැරි වුනානේ... ඒ හින්දා කියන්න බෑ... "
KAMU SEDANG MEMBACA
Seven Dragons (Non-fiction)✔️
Misteri / Thriller?The best wattpad original BxG 2022 ________ දගකාර පණ්ඩිත කොල්ලො හතරක්.. ලොකු පිළිගැනීමක් තියෙනවා.. නුවණක්කාර ලස්සන කෙල්ලො තුන්දෙනෙක්.. හැබැයි අහිංසකයි.. ආත්මිය වික්රමයක්... මිත්රත්වය, සමගිය, ආත්මීය බැදීම්. මේ සියල්ල කැටි උන ලස්සන කතාවක්.. S...