"ම්..... දැන් ඔයා යන්න හෙට උදේම අපි පිටත් වෙන්න ඕනේ... කාටවත් නොකියා.... දැන් ගිහින් නිදා ගන්න.. නැත්තං ඔයාව හෙට නැගිට්ටවන්න වෙනම වෙලාවක් යයි... අනිත් අය නම් නිදි ඇති.. එයාලට මං හෙට කියන්න ඕනේ මං හරියටම කව්ද කියලා... එයාලත් මේවා දැන ගන්න ඕනේ.. "
"හ්ම් ..... මං යනවා.. ඔයා එන්නැද්ද.. "
"නෑ ඔයා යන්න මං තව ටිකකින් එන්නම්... "
මං ඇඳට ගියේ හෙට දවස මොන වගේද කියලා හිත හිත.... මේ දවස් ටිකම හුඟක් නිහඩයි... අනේ මන්දා. ලොකු දෙයක් වෙන්න යනවා කියලා මට හිතෙනවා... මං කෙළින්ම වොෂ් එකක් දාගෙන ඇදට වැටුණා.... ඇඳ කොච්චර හොඳද කියනවා නම් වැටුනු ගමන් මට නින්ද ගියා.. වෙලාව යනවා කියලා දැනුනෙවත් නැති තරම්...
Next Day Morning.....
මං නැගිට්ටේ එක පාරටම යකඩෙකට ගහනවා වගේ සද්දයක් ඇහුන නිසා... මම නැගිට්ට විදිහ දැක්ක නම් එහෙම.... සද්දේ ඇහිච්ච පාර මං හිටියේ බිම... කොන්දටත් හරි.....
මං කොන්දත් අත ගගා දොර ඇරගෙන බිම බලාගෙන ඉස්සරහට ගියා... හරියට ඇස් දෙක ඇරලවත් නෑ තාම... එකත් භාගෙට ඇරගෙන කොන්දත් අත ගගා ගියේ.... 🤤😒"කව්ද යකෝ යකඩ තලන්නේ... මගේ නින්දත් කැඩුවා... සද්දෙට මං බිම... කොන්දත් ඉවරයි... "
"අයියෝ Kim මොනාද අනේ... ඔයා ඇදේ කරනං ගහන්න පුරුදු උනාද.. යං ලෑස්ති වෙන්න .. ඔයා ට්‍රිප් එක යන්නැද්ද.. ඔන්නම් ගෙදර ඉන්න පුළුවන්... "
"අයියෝ මෙච්චර ඉක්මනට උදේ උනාද... මං පැයක් වත් නිදා ගත්තද කියලාවත් මතක නෑ.. "
"හරි හරි යමු ඉක්මන් කරන්න.. අනිත් අය නැගිටින්න කළින් අපි මෙහෙන් යන්න ඕනේ... "
එහෙම කියලා ලිමින් මාව අනිත් පැත්ත හරවලා තල්ලු කරා ලෑස්ති වෙන්න කියලා..මං Bathroom එකට ගිහින් ලෑස්ති වුණා.. මගේ ඇදුම් ටික මං කළින්ම Traveling bag එකට දාලා තිබ්බේ...ඒ හින්දා අවුලක් නෑ.. මං මගේ Blue Colour ගවුමයි 👗 සුදු පාට ශූස් දෙකයි 👟 කොණ්ඩේ පෝනි ටේල් එක දාලා ඊට උඩින් Blue Colour Cap 🧢 එකයි දාගත්තා.... සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් යන විදිහටම ඇද ගත්තා .. ඇත්තම කිව්වොත් හැම එකක්ම නිල් පාට.. 😂 මං මගේ බෑග් එකත් අරගෙන පහළට ගියා ... මං යනකොට අනිත් අය හිටියේ News බල බල.. එයාලා ලෑස්ති. මං තමා ඉතිං පරක්කුවෙලා නැගිට්ට එකා...
YOU ARE READING
Seven Dragons (Non-fiction)✔️
Mystery / Thriller?The best wattpad original BxG 2022 ________ දගකාර පණ්ඩිත කොල්ලො හතරක්.. ලොකු පිළිගැනීමක් තියෙනවා.. නුවණක්කාර ලස්සන කෙල්ලො තුන්දෙනෙක්.. හැබැයි අහිංසකයි.. ආත්මිය වික්‍රමයක්... මිත්‍රත්වය, සමගිය, ආත්මීය බැදීම්. මේ සියල්ල කැටි උන ලස්සන කතාවක්.. S...