🐉🖤Chapter 21. 🖤🐉

219 67 13
                                    

"ඔව් මං ඔයාව දන්නේ නෑ.. දැකලත් නෑ... "

"ඔයා මාව දකින්න විදිහක් නෑ කොහොමත්.. "

"ඔයා කව්ද... ලිමින්ගේ යාළුවෙක්ද.. "

"ලිමින් ඔයාම හදුන්වලා දෙන්න.. "

ආහා හරි.... මෙහෙමයි ඔයාට මතකද මං කිව්වා අර නරුමයෝ මගේ වටිනම දේවල් දෙකක් උදුර ගත්තා කියලා..
මුළින්ම මගේ අම්මාව උදුර ගත්තා... ඒක උනේ මෙහෙමයි.

Flash Back... ✨⚡

මට හරියටම වයස අවුරුදු 14... එදා මං අම්මා එක්ක ඇවිද ඇවිද හිටියේ.. මං අනික ලොකුයිනේ එතකොට.. අනික රෑ... හඳ එළිය තිබ්බ නිසා කළුවරක් තිබ්බේ නෑ....

එකපාරටම කවුරු හරි මගේ අත් දෙක පිටිපස්සට කරලා තද කරගෙන අල්ලගෙන හිටියා... එතකොටම කවුරු හරි අම්මාගෙ කට වහලා එයාවයි මාවයි කොහෙටද මන්දා ඇඳගෙන ගියා... මට කිසි දෙයක් කතා කරන්න හම්බුනේ නෑ.... මං මාර ට්‍රයි එකක් දුන්නා එතනින් ගැලවිලා අම්මාව බේරගන්න යන්න... ඒත් මං පරක්කු වැඩි වුණා.. එයාලා මගේ අම්මව මගේ ඇස් දෙක ඉස්සරහම මරලා දැම්මා.. මට ඒක ඉවසගන්න බැරි උනා.. මං මගේ පුළුවන් උපරිම ශක්තිය දාලා අත් දෙක ලෙහා ගෙන අර මිනිස්සු ටිකව ඉවරයක් කරලා දාලා අම්මා ළඟට ගියා. ඒත් ඒ වෙනකොටත් එයා අපිව දාලා ගිහිං ඉවරයි... මට ඒ වෙලාවේ දැනුනේ පොළොව පලාගෙන යන්න... ඒ තරං කල කිරුනා..
මං ඊටපස්සේ බොහොම අමාරුවෙන් හිත හදා ගත්තා... මොකද ඒ වෙනකොට දෙන්නෙක් මට නැති වෙලා තිබ්බා. ඒ අම්මයි ඔයයි .... අම්මා නැති වෙලා හරියටම මාසෙකින් මගේ අයියත් අතුරුදහන් වුණා. එයාට මොකක්ද වුණේ කියලා කවුරුත් දැනන් හිටියේ නෑ... මට තවත් එහෙ ඉන්න එපා වුණා... එතකොටම තමා තාත්තා මාව මෙහාට එව්වේ... මං හැමදාම මගේ අයියට මොකක්ද වුණේ කියලා හෙව්වා..

Flash Back End.. ✨⚡

"ඉතිං මේ කව්ද... "

"මේ තමා මගේ අයියා Jone Lee Su.. "

"මොකක් ඔයාගේ අයියා.. "

"ඔව් මටත් පුදුමයි.... දැන් තියෙනවා මෙයාගෙන් ඒ ලොකු කතාව අහන්න... "

Seven Dragons (Non-fiction)✔️Where stories live. Discover now