🐉 Chapter 10. 🐉 🌼( 𝑻𝒉𝒆 𝑺𝒕𝒐𝒓𝒚 𝑶𝒇 𝑻𝒉𝒆 𝑷𝒂𝒔𝒕) 🌼

270 78 9
                                    

"ඔව් මං ඒක කියන්න තමා මෙතනට ආවේ.. ඔයාලත් ඒක ඇහුවට කමක් නෑ.. ඔයාලත් එන්න.. "

එහෙම කියලා එයා ඇදේ එක පැත්තකින් වාඩි වුණා. අපිත් ගිහිං වාඩි වුණා.. එයා ඉපදිච්ච දවසේ ඉදන් කතාව කියන්න පටන් ගත්තා..

𝚃𝙷𝙴 𝚂𝚃𝙾𝚁𝚈 𝙾𝙵 𝚃𝙷𝙴 𝙿𝙰𝚂𝚃 ........ 🧐💠

"ඔයාලට මුළින්ම කියන්න ඕනේ.. අර අතුරුදහන් වුනේ මගේ තාත්තා නෙමෙයි.. එයා වෙන කෙනෙක්.... අර ඔයාලට ඇටිකිත්තෝ 😉🤓කියලා කියපු කෙනා තමයි මගේ ඇත්තම තාත්තා...
හරි දැන් මං කියන්නම්...
මං ඉපදෙනකොට මේ රාජ්‍ය පාලනය කරේ මගේ සීයා... මං ඉපදුන දවසේ එයාලා ගොඩක් සතුටු උනාලු. මගේ ලොකු විශේෂත්වයක් දැක්කලූ... මං හුඟක් හුරුබුහුටි ලූ ..... අනික මං ඉපදෙනකොටම මගේ අතෙයි නලලෙයි සලකුණක් තිබ්බලු. ඒක මීට කලින් කාටවත් තිබිලා නෑලු.. මං පවුලේ බාලයා. 🤗 මට අයියා කෙනෙක් හිටියා. ඒත් එයා දැන් නෑ... එයාට මොකක්ද උනේ කියලා කවුරුත් දන්නෑ.. මට පුංචි කාලේ සෙල්ලං කරන්න කවුරුත් හිටියේ නෑ... මං ඉපදිලා හරියටම අවුරුද්දකට පස්සේ දැන් රාජ්‍ය පාලනය කරන්න ඕන කෙනාට 👑 දුවෙක් ලැබුණා.. ඒ කියන්නේ මගේ මාමට.. මං හුඟක් සතුටු උනා මට සෙල්ලං කරන්න යාළුවෙක් හම්බ උනා කිව්වම.. "

"අනේ මට ඒ වෙලාවේ ලිමින්ගේ මූණ බලා ගන්න තිබ්බනම්... ශෝයි ඇති නේද... හිච්චි කාලේ.. "

"මැද්දෙන් පනින්න එපා Lisa මට මේක අහගන්න ඕනේ... "

"හරි හරි ඉතිං... "

"ඊටපස්සේ මොකද උනේ. කව්ද ඒ ගෑනු ළමයා.. "

"එයා ටිකෙන් ටික ලොකු උනා.. එයා හුඟක් අහිංසකයි.. මං එයාව බලා ගත්තේ මගේම නංගි වගේ.. එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් උනත් අපි දෙන්නා හිටියේ යාළුවෝ වගේ... අපි හැම තැනම ඇවිද්දා.. සෙල්ලං කරා. රණ්ඩු උනා.. ඇඩුවා..
ඒ දවසක් මට මතකයි එයාව වැටිලා . පණ්ඩිත වැඩක් කරන්න ගිහිං.. මං එනකොට බිම බදාගෙන අඩනවා.. මං ඇහුවා භූමි වන්දනාව කරනවද කියලා.. එතකොට මෙයා අඬ අඬ ඔරෝගෙන මං දිහා බලාගෙන ඉන්නවා.. 😣😢 මං ළඟට ගිහින් ඇහුවා මොකද උනේ කියලා.. වැටුණා කියලා ගත් කටටම කිව්වා.. මොකක් කරන්න ගිහිං ද කියලා ඇහුවම මුකුත් කිව්වේ නෑ.. වැටිලා බැලින්නං අතේ පොඩි හීරීමක් වෙලා.. මං ඇහුවා මේ පුංචි තුවාලෙටද ඇඬුවේ කියලා...
ඊටපස්සේ ගිරවි වගේ කියවන්න ගත්තා...
ඔ... ව්.. ඔව් ඉතිං ඔයා හරි ලොකු කෙනානේ.. ඔයාට ඉතිං මේවා දැනෙන්නෑනේ.... ඔයා මට වඩා ලොකුයිනේ... මගේ සුටි තුවාලේ උනාට ඒක මට රිදෙනවා... ඔයා හින්දම තමයි මං වැටුනේ.. දැන් තුවාලයක් වෙලා.. මං යනවා අම්මා ළඟට.. ආය කතා කරන්නෑ ඔයා එක්ක..
ඔන්න ඔහොම ගිරවි වගේ කියවගෙන කියවගෙන ගියා.. හෙන පුංචි කටක්.... ඒ උනාට සද්දේ... ඊටපස්සේ එයා මට බැන බැන එයාගේ අම්මා ළඟට ගියා... මං ඉතිං හිනා වෙවි බලන් හිටියා..
ඒත් කතා කරන්නෑ කිව්වට ඊළඟ දවසේ එනවා බටර් ගගා... 😂😂 මං ගනන් ගත්තේ වත් නෑ.. ඔන්න ඉන්නවා ඊටපස්සේ චෙරි ගෙඩිය වගේ මූණ රතු කරගෙන.. 🍒🍒 බලං ඉන්න එකා හිනා කලා මැරෙනවා... අපි කොච්චර තරහ උනත් ඒ වැඩි වේලාවකට නෙමෙයි... මගේ පුංචි කාලේම ගෙව්නේ එයත් එක්ක... එයා තමා මගේ පළවෙනි Best Friend... 😊❤️ ඒත් එන්න එන්නම අපි ලොකු උනා.. ගොඩක් අදුරු දේවල් සිද්ධ උනා.. මුලින්ම මගේ අම්මා මට නැති වුණා.. නැති උනා නෙමෙයි උදුර ගත්තා.. 😣😔 මගේ සීයත් නැති උනා... ඊටපස්සේ මකර රාජධානියේ පාලකයා උනේ මගේ මමා... එයා හුඟක් හොඳ කෙනෙක්... ඒත් ඒ කාලෙම වගේ අපිව විනාශ කරන්න කව්ද කෙනෙක් අපිට පහර දුන්නා. අනේ මන්දා ඒ ඇයි කියලා.. ඒ ආපු කෙනා එයා මාමට අනතුරු ඇගෙව්වා... එයාට ඕන උනේ මකර දේශය විනාස කරලා දාන්න.. හැම ලෝකෙකින්ම අපි ඇත් වෙලා හිටියත් අපිට කරදර.. එයා මාමගෙන් පළිගන්න එයාගෙ දුවව නැති කරලා දානවා කිව්වා එහෙමත් නැත්නම් නැන්දව හරි... මගේ යාළුවා එයාත් හිටියේ ලොකු අනතුරක් අත ළඟ.. ඒ කාලේ මට මේවා තේරුන්නෑ.. නැන්දා හුඟක් කලබල උනා එයාගේ එකම දුවට කරදරයක් වෙයි කියලා.. එයා ඉක්මන් උනා... 🤒🤒🤒 එයා මාමා කියපු දේ ඇහුවේ නෑ.. එයා ගියා මනුෂ්‍ය ලෝකෙට. එහෙ ආරක්ෂාව ඇති කියලා හිතලා.. ඒත් එයා ඉක්මන් උනා වැඩි.. "

Seven Dragons (Non-fiction)✔️Where stories live. Discover now