🐉 Chapter 07. 🐉

278 91 2
                                    

මං පහුවදා උදේ නැගිටිනකොට මුළු නගරෙම ලොකු කලබලේක තිබ්බේ... මට කිසි දෙයක් හරියට තේරුම් ගන්න බැරි වුණා... අනික මං නැගිට්ටා නෙමෙයි මාව නැගිටෙව්වා...

"මොකක්ද වෙලා තියෙන්නේ.."

"අපිට ඔයාට ඒක පැහැදිලි කරන්න තේරෙන්නෑ... පොඩ්ඩක් මේක බලන්න.. " එහෙම කියලා එයාලා TV එක On කරා... 🖨️

      🔴📢මෙන්න දැන් ලැබුණු
                   විශේෂ පුවතක්...📢 🔴

          LMG ආයතනයේ ප්‍රධානියා       වන Lee su මහතා අතුරුදහන් වී ඇත.. ඔහුට කිසිම හතුරකු නොසිටි බවටත් ඔහු ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවසේ සිටි බවත් ඔහුගේ පුත් Limin Su අපට දැනුවත් කර ඇත.. Lee su මහතාව සොයා තවමත් පොලීසිය මෙහෙයුම් වල යෙදී සිටි...             මේම අතුරුදහන් වීමට හේතු හා කවුරුන්ද මේ අපරාධයට වග කිව යුත්තේ යන්න සොයා බැලීමට මෙහෙයුම් දියත් කර ඇත... මේ වන විට ඔහුගේ පුත් Limin Su හා ඔහුගේ මිතුරන්ට අදි ආරක්ෂාව යොදා ඇත...

            මේ පිළිබඳව කුමක් හෝ තොරතුරක් ඔබ දනී නම් මේ අංකයට අමතන්න...
                   📱02435699166📲

මෙවැනි සිදුවීම් මේ දින කීපයෙහිම වාර්තා ඇති වි බැවින් මේ වන විට මුළු නගරයටම පොලිස් ආරක්ෂාව යොදා ඇත...

තොරතුරු ලද සැනින් අප ඔබට ලබා දෙනවා.. රැදි සිටින්න අප සමග...

👥👥👥👥👥👥👥👥👥👥👥👥

"මොකක්ද මේ වෙලා තියෙන්නේ.. කව්ද Lee su කියන්නේ... එතකොට Limin Su . එයාට තියෙන්නේ අපේ ලිමින්ගේ නම හැබැයි Su එකක් නෑනේ.. "

"මැට්ටි..... ඒ ලිමින්ගේ තාත්තා .. Lee su.. ලිමින් එයාගේ පුතා. LMG ආයතනයේ අනාගත හිමි කරු... එයාගේ තාත්තා අතුරුදහන් වෙලා තියෙන්නේ.. අපේ ගෙදර වටේටම අධිආරක්ෂාව දාලා තියෙන්නේ . කොහෙද ඉතිං මූණට ඉර එළිය වැටෙනකං නිදා ගත්තම ඔහොම තමා.. . "

"මොකක් ලි......මින්....ගේ.... තා...තාත්තා අතුරුදහන් වෙලා... දැන් එතකොට කෝ ලිමින්... කෝ එයා ????? "

"Kim කලබල වෙන්න එපා.. එයා දැන් ගෙදර නෑ. එයාව අරං ගියා මාධ්‍ය සාකච්චාවකට... "

ඊට පස්සේ මං කරේ බලා ගත්ත අත බලාගෙන හිටපු එක..... මොකද මේ වෙලා තියෙන්නේ කියලා මට හිතා ගන්න බෑ.. අනික ඇයි ලිමින්ගේ තාත්තව අතුරුදහන් කරන්නේ.. ඒකට හේතුව... මේ හැම දෙයක් ගැනම හිතලා දැන් නම් ඔලුවත් රිදෙනවා.. තාම මං උදේට කාලත් නෑ.. දවල් වෙන්නත් ළඟයි.. මට බඩගින්නක් තිබ්බෙත් නෑ...
ඒත් එක්කම වගේ ගෙදර දොර ඇරුනා.. ඇතුළට ආවේ ලිමින් තනියම නෙමෙයි තව දෙන්නෙක් එක්ක. ඒ එයාට දාලා ඉන්න ආරක්ෂකයෝ දෙන්නා.. එයාට එහෙම දෙන්නෙක් දාලා තියෙන්නේ එයාවත් එහෙම අතුරුදහන් වෙන්න පුළුවන් හින්දා... එයා ආපු ගමන් කෝට් එක ගලවලා දාලා සොෆා එකේ වාඩි වුණා..

Seven Dragons (Non-fiction)✔️Donde viven las historias. Descúbrelo ahora