Jungkook pov-
යූහාවය් පැටික්කිවය් දොර ගාවින් බස්සලා මම කා එක පාක් කරන්න ගියා. මට ඇත්තටම තරහය්. එහෙම කොහොමද පැංචි මටත් වඩා හියෝන් ලොකු වෙන්නෙ. ආපහු එපා මට! මගෙ වෙන්න බෑනම් එපාම එපා!
මම ආපහු එද්දිත් යූහා දොර ලගටම වෙලා හිටගෙන හිටියා. එයා ඇතුලට ගිහින් නෑ. ඒත් මට එයාලා දිහා බලන්න ඕන උන්නෑ. මම එයාව ගනන් නොගෙනම ඇතුලට එද්දි පැංචි මගෙ දිහාට අත දික් කලා. දැන් මොකටද අත් දික් කරන් එන්නෙ??
එයාගෙ අත් මගෙ උරහිසෙ වැදෙද්දිත් කා එකේ කී එක, දබැරැගිල්ලට දාලා කරකෝ කරකෝ මම ඇතුලට ආවා.
රූම් එකට එද්දිත් මන් දැක්කා යූහා මගෙ පස්සෙන්ම එනවා. එයාව නොපෙනෙන ගානටම ශර්ට් එකෙ බට්න් ටිකත් ගලවන ගමන් මම වොශ් රූම් එකට රිංගගත්තා.මට තරහය් ගොඩක්. පාලනය මගෙන් දුරස් වෙන තරමටම මට තරහය්.
.
.
.
.
.
Yooha pov-කුකී ඇය් එහෙම හැසිරෙන්නෙ...?? ඔප්පා නිසාද .. ඒ වෙලාවෙ ඉදන්ම කුකීගෙ මූණ නිකම් ගොම බෙට්ටක් උඩ චප්පං වෙච්ච තක්කාලිය වගෙ.
හපෝ බලද්දි මගෙ හබියා හෙන ඊරියාකාරයෙක්නෙ.
"බලන්නකො පැටික්කි.. අප්පට ඊරිසියා හිතිලා ඔයා මාමි අතේ හුරතල් වෙනකොට. දැන් ඉතින් අප්පය් දූය්ම ඕවා බේරගන්න එකය් ඇත්තෙ..."
මම පැංචිගෙ නලලට නලල තියන් අතින් යටි පතුල කුචි කැව්වා. එයාගෙ හිනාව අහන් ඉන්න ආසය්. හැක හැක ගෑවට මොකද ඒක මට ලස්සනයි ඉතින්.
"ආහ්හ් කුකී ... පැටික්කිව බලාගන්න පොඩ්ඩක්. මාත් වොශ් දාන් එන්නම්"
කුකී බාත් රොබ් එකත් ගැට ගගහා එලියට එද්දිම පැටික්කිව මම එයාගෙ දිහාට දික් කලා. ඊරියාකාරයා දූ පොඩිත්ත එක්කම බේරගන්නැතැය් ඕවා.
"පැත්තකට වෙනවා!"
කුකී හය්යෙන් නොවුනත් ගැඹුරු කටහඩකින් කියද්දි මට දැනුනෙ බයක්. ඒක හරියට,
රෑට ඇහෙන අමුතු ගොරහැඩි කටහඩ .. ඔව් ඒකම තමය් ඒ...
"ක්කුකි මේ... අනී... ඔයාට තරහා ගිහිල්ලනෙ. මම එහෙනම් පැටික්කිව ඇදෙන් තියන්නම්. මන් එනකම් පොඩ්ඩක් බලන්න."
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanfictionමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...