A Miserable Day...
"කවී... හෙට දානෙ උදේම ඇහැරවන්න. ඔයා කීයටද නැගිටින්නෙ?"
හෙට ආතම්මගෙ දානෙ.. මාසෙකට සැරයක් දෙන දානෙට හැමදාම උදේම මම තමය් ඇහැරුවෙ.
"හතරට අප්පච්චි."
මමත් උඩ පැනලා කිව්වෙ මන් නිශාචරයෙක් නිසා. මම මේ දවස් ටිකේම නිදාගත්තෙ පහට. හයට ආපහු අම්මා පස්සට එකක් දීලා ඇහැරවනවා. ඊට පස්සෙ මේසෙට වෙලා සැතපෙනවා. අම්මලා ඔෆිස් ගියාම ඇරියස් කවර් කරනවා. ඉතින් හතරට ඇහැරවන එක මට සිම්පල් වැඩක්.
"එහෙනම් හතරට ඇහැරවන්න"
"හරේ"
"අමතක කරන්නෙපා හොදේ. මන් ඔයාව විශ්වාසෙ තියලා කියන්නෙ."
"හරි අප්පච්චෝ..."
"ඇහැරුන්නැත්තම් ඔක්කොම ඉවරය්"
"හරි අය්යො"
"මතක් කරලා ඇහැරවන්න. එලාම් එක දැන්ම තියන්න."
"හරියෝ"
අප්පච්චි නිදාගන්න යනකම් ඉදලා රූම් එකේ දොරත් ලොක් කරගෙන මම ඇදට පැන්නා. එලාම් එක තියන්න ඕනිනෙ. කෝකටත් කියලා ටැබ් එකෙය් ෆෝන් එකෙය් දෙකේම එලාම් තිබ්බෙ නිකමට.
It's the thought of being young
When your heart's just like a drum
Beating louder with no way to guard it
When it all seems like it's wrong
Just sing along to Elton John
And to that feeling, we're just getting started"උහූ... යෙහ්යෙහ්හ්හ්.. යේහ්හ්.. "
I wanna dance
The music's got me going
Ain't nothing that can stop how we move, yeah "හූහූහූහූ......"
Let's break our plans
And live just like we're golden
And roll in like we're dancing foolsටැබ් එකය් පෝන් කට්ටය් දෙපැත්තෙන් තියාගෙන ඉස්සරහින් පොත පෙල්ලගෙන මම ස්ට්‍රීම් කරන්න ගත්තා.
බෑනෙ කරන්න පොතේ අකුරු එක පාර පාවෙනවා. නටනවාදත් මන්ද.
දොලහා වෙනකම් ඉවසගෙන ඇස් ලොකූ කරන් මම පාඩම් කලා. හැබැය් එක පිටුවක්.
දොලහා කියන්නෙ යක්කු ගස් නගින වෙලාව. පාඩම් කරන්න හොද නෑ.
ඉයර්ෆෝන් එකෙ ඇබ දෙකත් කන් දෙකෙ ගහගෙන සද්දෙ වැඩි කරලා මම බුකිය පැත්තට ගියා. සා... කමෙන්ට්ස් ගොඩාය් මගෙ පෝස්ටුවට. සින්දුවට ඇද උඩම බෝලෙ වගේ උඩ පැන පැන මම එකින් එකට රිපලය් කරන්න ගත්තා.
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanficමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...