Athour pov-
කිචන් එකට යන්න ආවත් දොර ගාව හිට්ට යූහා බලන් හිටියෙ එලියේ ඔංචිල්ලාවට වෙලා පැටික්කිව තුරුලු කරන් හුරතල් කරන කුකීගෙ අම්මා දිහා.
දරුවව මොහොතකටවත් අතාරින්න ලෝබ කමක් එක්ක ලොකු ආදරයක් ඒ මූණෙ තිබුනෙ. කුකිට නපුරුකම් කලත් ඒ මූණ පොඩි කෙල්ල ලගදි හරි ආදරණීයය්.
කරන්න ගිය වැඩෙත් පැත්තක දාලා යූහාත් හෙමි හෙමින් ඒ පැත්තට ගියේ හිතට ආපු පොඩි අදහසකුත් එක්ක. හැමදේම විසදන්න කෙල්ලට ලොකු උවමනාවක් තිබුනා.
"ඔම්මා..."
"ඔමො! බයත් උනා. බලන්නකො චූටි මැණික ඔම්මා හොරෙන්ම ඇවිල්ලා බය කලා අපිව"
Yooha pov-
ඔම්මා කෙල්ලව කිති කවකවා හිනාවෙනවා. එයා පැටික්කිට මාරම ආදරෙය්.
එයා කැමති වෙය්ද? කොහොම උනත් මට උදව් කරන්නය් ඕනෙ...
හැමදාම ඔහොම ඉන්න බෑනෙ. කොහොම උනත් කුකී ඔයාගෙ පුතානෙ නේද අම්මෙ. ඔන්න ඔහෙ මට බනින්නෑනෙ ඔයා... බනින්න එපා හාද...
පණ්ඩිත ප්ලෑන් අලි ඔලුවෙන් ගහන් ආවට අම්මා ලගට ආවම මගෙ කට ලොක් උනා. බනීද මට?
"ඔම්මා.. මට පොඩ්ඩක් කතා කරන්න ඕනි.."
"දේහ්.. "
මගෙ මූණ දිහා තත්පරේකට ඔලුව උස්සලා බලපු එයා පැටික්කි එක්ක කෝලම් කර කර ඔංචිල්ලාවෙ කොනකට උනා.(ඇඩ් එකක්.මේ මම , ඔයාලගෙ ඕතරේ... 😁 මේ ඔය ඔංචිල්ලාව දිග එකක් හොදේ. කලින් ඕක ගැන කියපු තැනක පටලලානම් එහෙම මට කියන්න පොඩ්ඩාක්...ඉවරය්😁)
මම හෙමීට හොද ලමයා වගේ ඇදන් හිටිය කාසන් කොටේ පිලිවලට හදාගෙන කොනකින් වාඩි උනා. දැන් කොහොමද කියන්නෙ... මොකක් කියලද පටන් ගන්නෙ.?? මොකක්ද අප්පා කරන්නෙ මම දැන්.!
"කියන්න පුතේ ..."
මගෙන් සද්දයක් නැති නිසා වෙන්නැති එයා මගෙ දිහා උවමනාවෙන් බැලුවා.කටේ කෙල හිදිලා මගෙ බඩත් ගොර ගොර ගානවා වගෙ.
ගෙදෙට්ට ආපු වෙලාවම පුපුරපු හැටියට දැන් මට ගේ වටේ දුවන්න වෙය්ද දන්නෑ ඕන්නැති මගුල් අහන්න ගිහින්. අනී .. ඕන්නැති දෙයක් නෙවෙයිනේ. කුකි හැමදාම හීනෙනුත් ඔම්මා ඔම්මා ගානවා. එතෝට මට නින්ද යන්නෑ සද්දෙට.
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanfictionමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...