Jungkook pov-
අදුරුය්... කලු පාටය්...
දවසම නොදන්න මිනිස්සු ඉස්සරහා මාවම සාධාරණීකරණය කරගන්න ගිහින් දැන් මට ගොඩක් මහන්සිය්.
මම මොනාද කරන්නෙ?
එයාලා හිනා වෙනවා. යක්ශයා මේ දේවල් කරපු බව පිලිගන්න එයාලා කැමති නෑ. හැමෝම කලේ මන් දිහා පිලිකුලෙන් බලපු එක.
අජුම්මව මැරුවෙ මමලු. ඒත් මම එහෙම කලේ නෑ. හන්සූ ට මම වද දුන්නලු. වෙස්මූණ පවා පිච්චුවලු. මම පිච්චුවා තමය් ඒත් වද දුන්නෙ මම නෙවෙයි. ඒ හැමදේම කලේ යක්ශයා. එයා නිසය් මේ හැමදේම. මම ඒක කියද්දිත් එයාලගෙන් මට ලැබුනෙ අතුල් පහරවල්. තොල අග නුහුරට දැනෙන ලේ කුට්ටි මට අහපසුවක්.
"ලේ...."
මම සීතලට කැටි ගැහෙන ලේ පැල්ලම් ආපහුත් දත් වලින් පාරමින් දිවෙන් ලෙව කෑවා.
අනී!
අනි ජන්කුක්!
යක්ශයා...! එයාටය් ඕනි ලේ... ආපහු එන්න දෙන්නෙපා.
ලාවට ලේ මිශ්‍ර උනු මලකඩ රහ මම කෙල මම බිමට ගැහුවා....
"තුහ්ඃ තුහ්ඃ එ...පා... ම.ගෙන්.. ය...න.වා... "
හූරලම කැඩිලා ගිය නියපොතු වලින් තව තව මාව හූරගත්තත් එයා යන්නෙ නෑ.
මට ගොඩක් සීතලය්. බඩගිනිය්...
මට ටිකක් එහාය්න් පොඩි ඇදක් තිබුනත් මන් එතනට යන්න බය උනා. හිර කූඩුවටම කියලා එලියකට තිබුනෙ යකඩ කූරු අතරින් පෙරිලා එන එලියක් විතරය්. මම එතනටම වෙලා ගුලි උනා.
(අර එක කාමරෙකින් තවත් කාමරේකට එලිය වැටෙද්දි තීරුවක් වගේ වැටෙන්නෙ... අන්න එහෙම එලියක්.(අර බන් ලාවට වැටෙන්නෙ එලියක්.... 😐😁- ඕතර් )
කෑම ප්ලේට් එකක් තිබ්බත් ඒකත් තිබුනෙ අදුරේ. යක්ශයා නැගිටි කියලා මට බයය්. මට අදුරට යන්න බෑ.
පුංචි එලියක් උනත් මෙතන කලුවර නෑනෙ.. මෙතනට පිටතින් කිපදෙනෙක් ඉන්නවා. එයාලා ගාව ගොඩක් එලියය්.. ඒත් එයාලා මාව හිරකරලා.
ගොඩක් සීතලය්. ඒත් මට ඇද උඩ තිබුනු රෙද්දවත් අතට ගන්න ඕන උන්නෑ. මොකද එතන අදුරු නිසා. අදුරට යන්න ඕන්නෑ මට...
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanfictionමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...