මම ඔයාලගෙන් එක ප්රශ්නයක් ඇහුවා මතකද?...
යූහගෙ පැත්තෙන් යූහා වැරදිද?....
එහෙම අහද්දි ගොඩාක් ඔයාලා කිව්වා... 'ඔව්. එයා වැරදිය්' කියලා. හරි. එයා වැරදි තමය්.මාත් පිලිගන්නවා එයා වැරදිය්.
ඒත් හරියට බැලුවොත් ඇත්ත ජීවිතේදි අපිත් යූහා විදියටම හැසිරේවි. ෆික්ශන් එකක් නිසා යූහා මෙතන කුකීව ලන් කරගෙන හැපි එන්ඩින් දුන්නත් ඇත්ත ජීවිතේදි සමහරවිට එයා කුකීව අතාරින්න උනත් තිබ්බා. දරුවා වෙනුවෙන් එයා වෙනුවෙන් එයාට අලුත් ජීවිතයක් හොයාගෙන යන්න තිබ්බා. කවුද කැමති වෙන්නෙ තමන්ගෙ දරුවා පිස්සෙක්ගෙ , මිනීමරුවෙක්ගෙ දරුවෙක් කියලා හංවඩු ගහනවට ...
ඒකත් ගැහැනු දරුවෙක්..? අන්න ඒ නිසය් මම මේ කතාවෙත් පුංචි පැටික්කියෙක්ම ගත්තෙ.
කුකීගෙ සිතිවිලි, වේදනාව වචනයක් වචනයක් ගානෙම දන්න නිසා ඔයාලා කෙලින්ම කිව්වා 'යූහා වැරදි, කුකීට ඕනි ආදරය, අනුකම්පාව කියලා.
හැබැයි කුකීගෙ පැත්තෙන් කතාව නොතිබ්බානම්... මොකද යූහාගෙ පැත්තෙන් කුකී කියන්නෙ හේතුවක් නැතුව සැරින් සැරේ වෙනස් වෙන කෙනෙක්. වෙන හස්බන්ඩ්ලා වගේ ආදරේ පෙන්නන්න නොදන්න කෙනෙක්.
කොටින්ම යූහාට කුකී කියන්නෙ, තමන් පන ඇරලා ආදරේ කරන නොහදුනන්නෙක්. අන්න එතනදි අපේ තීරණයත් වෙනස් වෙන්න තිබ්බා නේද ...
කලිනුත් කිව්වා වගේ yt එකෙන් ECT treatments දැක්කා මම. ඒ අය විදින වේදනාව හිතාගන්නවත් බැරි තරම්. තව තවත් හොයද්දි රෝගීන් කියපු දේවල් දැක්කා මම...මගේ කතාව ඇතුලේ ඒ උපුටාගැනීමුත් තිබුනා.
[වැරදීමකින් හරි එක පාරම කරන්ට් එක වැඩිවෙලා මේ වේදනාව සදහටම නැති වෙනකම් මම බලන් ඉන්නවා]
[භාරකාරයාගෙ කැමැත්ත විතරමය් එයාලට ඕනි. අපේ වේදනාව ගැන අහන්නවත් කාටවත්ම ඕනි උන්නෑ.]
මේ තැන්.💜️
ඉතින් ආපු අදහසක් මම මේ විදියට අකුරු කලා. මම හිතනවා ඔයාලට ඒක දැනෙන්නැති කියලා.
💕💕💕💕😘
කතාව ගැන කිව්වොත් මේක විකාර කතාවක්. මේක ඔයාලට දෙන්න පටන් ගත්තෙ එපි දහයක් වගේ ලියලා ඉවර උනාම. ඊටපස්සෙ නවත්තලා විභාගෙ ඉවර උනාම කතාවෙ අවසානය හිතන්න හිටියේ. අන්තිමට නොහිතපු තරම් ඔයාලා මගේ කතාවට ආදරේ කරන්න ගත්තා. හැමදාම ඉල්ලද්දි දෙන්න ඇත්තටම අවසානයක් තිබුනෙ නෑ මට.
කතාව ගැන හොද අදහසක් තිබුනෙත් නෑ. එතකොට අපේ කතා මවන්නි IreMadu තමය් මට නෑ නන්ගි ඒක ලස්සනයි... මාරම ලස්සනයි කිකියා මාව පුම්බලා උඩ ඇරියෙ.😂😁😁🙃 ඇත්ත අක්කෙ. මේක ඔයා කිව්වා වගේම The buried love කතාවටත් වඩා මේක ලස්සන වෙලා.🥺💜️
එතකොට අවසානයක් නැතුව මොන්ගල් වෙලා හිටපු කතාවට අවසානයක් දුන්නෙ මගෙ මෝචියා.ParkChimmy809 කතාවෙ ලස්සන ලස්සන තැන් කීපයක්ම එයාගෙ ඔලුවට ආපු අදහස්. 💜️. ලෙඩක් නැතුව හිටපු මට කතාව ගලපගන්න මෝචියා වගේම කවින්දි(විල්පා)ත් උදව් කලා... තැම්කූ🥺
ඒත් එක්කම රීඩර්නිම්ස්... නැ නෑ.. මගේ රීඩර් බෝලස්🥺🥺🥺💕 කතාව පටන් ගත්ත දවසෙ ඉදන්ම හැමදාම මට හය්යක් උනේ ඔයාලා. වචනයක් වචනයක් ගානෙ කියවනකොට මාරම සතුටක් දැනෙනවා. රිප්ලය් නොකරපු කමෙන්ට්ස් ගොඩාරියක් දැනටමත් ඉතුරුය්. ඒත් ඔයාලා තව තවත් ලස්සන දිග කමෙන්ට්ස් එක්ක මාව මෝටිවේට් කලා. හැමදාම පුංචි දෙයක් හරි කිව්වා. රීඇක්ට් එකක් දුන්නා.ඉන්බොක්ස් එකෙන් මරණ තර්ජන කලා, දවස ගානෙ පරක්කු වෙද්දි හෙව්වා...වට්පෑඩ් එකෙන් අලුතෙන්ම හම්බුන ගොඩක් අය ලොකු වටිනාකමක් දුන්නා. ඒ හැමෝටම ගොඩගොඩාරියක් තැම්කූ...🥺🥺🥺🥺💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
අදින් මම නවතිනවා. තව කතාවක් එනවා...ඒකත් අනිවාර්යයෙන්ම වෙනස්ම එකක් වේවි.(ඔව් අනිවා. මොකද ප්ලොට් එකට මටම කුරුවල්😐😂) හැබැයි තා මාස කීපයකින් තමය් දෙන්නෙ. ඒකටත් මේ වගේම ඔයාලා කැමති වේවි.😁😘
මට තා දෙන්න තෑග්ගක් නෑ. පහල තියන වීඩියො එක ඔයාලා වෙනුවෙන්. කාවම හරි මගෑරිලනම් ඇත්තටම සොරි බෝලෙ🥺... මම අනතිම චැප්ටර් එකෙන් විතරය් ගත්තෙ.🥺💜️💜️💜️
ඔයාලා පුංචි වචනෙකින් පවා කතාවට ලොකු වටිනාකමක් දුන්නා....ඒ වෙනුවෙන් ඇත්තටම තැම්කූ... මේ තරම් ආදරයක්, වටිනාකමක් කතාව වෙනුවෙන් දුන්නට මට මොනා කියන්නද හිතාගන්න බෑ.ඒනම් මම නවතිනවා.😘
තැම්කූ මා රීඩර් බෝලස්💜️💜️💜️💜️💜️💜️💜️
සලන්හේ 😘🌹🌹🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝
Niku
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Hayran Kurguමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...