Chap 13

1.1K 307 33
                                    

අකුරුවල වචන වල අඩුපාඩු, නොතේරෙන තැන් තිබ්බොත් මට චුට්ටක් කියන්න.💕

Yooha pov-

ඔම්මය් අප්පය් ඉස්සරහා හැසිරෙන්න ඕනි විදියක්වත් මට හිතාගන්න බෑ. මොකක්ද මන් කරන්නෙ? මම එයාලා එක්ක කතා කරලම නැති තරම්. අප්පගෙ යාලුවෙක් උනත් මිස්ටර් ජියෝන් එක්ක මම කතා කරලා තිබුනෙ නෑ. අපේ වෙඩින් එක දවසෙ උනත් මිනිස්සුන්ට පේන්න මවලා පෙන්නපු හිනාවල්, කතාවල් විතරය් එයාලට තිබුනෙ.

ඉතින් මන් මොකක් කරන්නද?

"කුක්..අනි.ජන්කුක්... අම්මලා ඇවිල්ලා."

ඕහ් ශිට්! කුකී කියවෙනවා තා ටිකෙන්. ඒක අව්ලක් නැති උනත් මට බය හිතෙනවා. එයාලා කතා කලෙත් ජන්කුක් කියලනෙ. මම කියනකම්ම පැටික්කි එක්ක කෝලම් කරකර හිටපු කුකී අම්මලව දැක්කෙ නෑ.

ඔම්මය්, අප්පය් ඇතුලට එද්දි මම බලාපොරොත්තු උනෙ කුකී සතුටු වෙනවා දකින්න උනත් එයා බය උනා. වෙව්ලන තරම් එයා බය උනා. මාව දකිද්දි පුදුමෙන් පිරිලා තිබ්බ මිස්ටර් ජියෝන්ගෙ ඇස් කුකී ලගදි තරහෙන් ඇකිලිලා.

"මොනවද මෙතන වෙන්නෙ!?"

"අ.අප්පා ...."

අප්පගෙ ගොරෝසු කටහඩ එක්ක එයා වෙව්ලනවා මට පේනවා. ඒත් එයා ඒ වෙව්ලීම නවත්තගන්න අත් එයාටම තද කරගත්තා.

"මොනවද ඔයා මේ කරන්නෙ පුතා!?? මේ ලමයා මදිවට පොඩි දරුවෙකුත් ගෙන්නගෙන.මොන තරම් රිස්ක් එකක්ද ඔයා මේ අරන් තියෙන්නෙ. මේ තරම් දේවල් වෙනකම් ජිමින් මොනාද කලෙ? ඔයාලගෙ ඔලු විකාර වෙලාද?"

ජිමින් ඔප්පා මොනාද කලේ!? මොකක්ද රිස්ක් එක ඔය තරම්?? අනික ඇය් ඔයා මේ තරම් ඔයාලගෙ අම්මට, අප්පටම බය වෙන්නෙ කුකී?? පොඩි දරුවා ඉන්න එක එයාලට ප්‍රශ්නයක්ද??

කිසි දෙයක් නොදන්න මම අද ඉපදුනු එකෙක් ගානට එයාලා හැමෝගෙම මූණු බැලුවෙ කරගන්න දෙයක් නැතුව. අජුම්මත් එතන හිටියා. ඒත් අජුම්මානම් මන් වගෙ පුදුම වෙලා නෑ. මෙයාලා කියවන දේ ගැන අජුම්මා දන්නවා ඇති.

පැටික්කි කුකීගෙ කකුලෙ එල්ලිලා ඉදලා වැටෙන්න යද්දි කුකී ඉක්මනින් නැවිලා කෙල්ලව අල්ලගත්තා. මම දැක්කා එයා කුකීගෙ කලිසමෙ එල්ලිලා හිටගන්නවා. ඒත් මම එතනට ගියෙ නැත්තෙ පැටික්කි හිටියෙ කුකී ලග නිසා. මම දන්නවා හොදටම කුකී එයාට වැටෙන්න දෙන්නෑ කියන එක.

°Who are You° Sinhala ff. [COMPLETED]Where stories live. Discover now