still Yooha pov-
"අහ්හ්... මන් අදය් හෙටය් යන්නෑ යූහා."
"ආහ්හ්හ්...ඒමද..."
ඇහ් මොකක්!?!?!?...ඒ කියන්නෙ එයා අද දවසම අපි එක්කද? නැනෑ අද නෙවෙයි හෙටත් අපි එක්ක.
මේ තරම් කාලයක් බලාගෙන හිටියෙ එයා අපි වෙනුවෙන් කාලය වෙන් කරනකම් උනත් දැන්නම් ඕන්නෑ වගෙ.
කම්මුල් රත් වෙලා,බෝල වෙලා පපුව පලාගෙන ලැජ්ජාවක් පිට පැන්නා කියලා මට තේරුනා.
ඒ කියන්නෙ දවස් දෙකක් අපි තුන්දෙනා විතරයි.නෑනෑ යූහා උඩ පනින්නෙපා.ඒ කියලත් මම කොනේ තමා ඉතින්. අප්පය් දූය් මාව ගනන් ගන්න එකක්යෑ.ඒ දෙන්නා කෝලම් කරන හැටි බලබල හූල්ලන්න තමා තියෙන්නෙ.
"යූහා.."
මම ටික වෙලාවක් එයා දිහා බලන් හිටියෙ පුදුමෙන්. මොනා උනත් මම කතා නොකර එයා මන් වෙනුවෙන් කතා කරපු පලවෙනිම අවස්ථාව මේ. හැමදාමත් එයා කලේ මම අහන දේට උත්තර බැදීමක්ම විතරයි.
"මොනාහරි කරන්න කැමති දෙයක් තියනවද? කොහෙ හරි යන්නවත්..??"
මේ ඇය් අප්පා!!? ඇත්තටම මේ මහ දවල් මට හීන පේනවද? අද මගෙ ඉස්සරහා ඉන්නෙ වෙනස්ම කුකී කෙනෙක්.ඇත්ත කුකි නෙවෙයි. ඇත්තම කුකි මා එක්ක කතා කරන්න කැමති නෑ.ඒත් මෙයා මම කැමති දේවලුත් අහනවා.
මට මේ විප්පිරියාසෙ දරාගන්න බෑ අප්පා.... නැගිටපන් යූහා...එක්කො මේ කුකි වගෙ ආපු පිටසක්වල ජීවියෙක්! කුක්කනම් මේම නෑ...
අඩුම තරමෙ මැරි කරලා මුලදි මාස හතරහමාරක් එක ගෙදරක හිටියා ඒ කාලෙවත් එයා මට ඕනි දෙයක් ගැන කවදාවත්ම අහලා තිබුනෙ නෑ. ඕනි දෙයක් ගැන අහන්න තියා කුකී මගෙ ජීවන රටාවට පොඩ්ඩක්වත් සමාන උනෙත් නෑ.
කුකීව මම ඉස්සෙල්ලම දැක්කෙත් හොස්පිට්ල් එකේදි. ඔප්පා හම්බෙලා අතට ගානක් කඩාගන්න(සල්ලි ඉල්ලගන්න) පුරුද්දක් ඒ කාලෙ මට තිබ්බා. ඒ ගියපු වෙලාවක තමය් මම කුකීව දැක්කෙ මුලින්ම.
ඉන්පස්සෙ කීපසැරයක්ම මම එයාව දැක්කා. එයාගෙ නම ජන්කුක්. අම්මගෙ ට්‍රීට්මන්ට්ස් වලට එනවා කියලා හොයලා හොයලා මට කිව්වෙත් ඔප්පා. ඊටපස්සෙ ටික කාලයක් එයා ආවෙම නෑ. මන් ඒ කාලෙ ගොඩක් බලන් හිටියා.
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanficමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...