Chap 07

1.3K 313 20
                                    

Yooha pov-

දඩස්💥

"ආහ්... ඔම්මාආආ...!!!"

එක පාර සද්දෙකුත් එක්ක කුකී ගෑහද්දි මම උඩත් ගියා.

මොන මගුලක්ද ඒ උනේ...!??හැරිලා බැලින්නම් කුකීගෙ කකුල් දෙක විතරක් තියනවා උඩ අතට. කෝ කුකී?? හපෝ කෝ මගෙ පැටික්කි..!?

කලබලේටම කෙලින් උනු මම අය්ස්ක්‍රීම් එකත් පැත්තකට දාලා එතනට එබිලා බැලුවා.

ඔය ඉන්නෙ!😂 මට දරාගන්න බෑ දෙය්යනෙ මේ පේන දේවල්..දෙන්නත් එක්කම බිම බදාගෙන.

කුකි පස්ස බිම ඇනගෙන.කකුල් දෙක විතරක් ඔංචිල්ලාවෙ ඉතුරු කෑල්ලෙ රැදිලා තිබුනා.

මොනා නැතත් පැටික්කිවනම් එයා පරිස්සම් කරලා අය්ස්ක්‍රීම් නෑවට.කෙල්ලගෙ මුලු ඇගම කවර් වෙන්න එයාගෙ අත් දෙකෙන් වහගත්තට මොකද අප්පට අය්ස්ක්‍රීම් එක අමතක වෙලා. ඒක චොප්පෙ ගහලා තියෙන්නෙත් කෙල්ලගෙ මූනට.

ඒක මාර දර්ශනයක් මොනා උනත්...

නවත්තගන්න බැරුව මගෙ බක බක සාත්තරේ එලියට පනිද්දි කුකීනම් ගමකට ඔරවන්න ගත්තා. ඉතින් මන් මොනා කරන්නද... පස්ස තියන්න ඕන තැන කකුල් තියාගෙන කකුල් තියන්න ඕන තැන පස්ස තියන්න කියලා මන් කිව්වෙ නෑනෙ.

කුකීව නැගිට්ටන්න ගිහිල්ලත් හදිසියෙ ආපු අදහසට මන් ඊට කලින් ෆොටෝ එකක් ගහගත්තෙ අනාගත පලප්‍රයෝජන උදෙසා. කුකි තරහා ගිහින් කෑ ගැහුවත් අප්පය් දුවය් හෙන කියුට් අනෙ.ඉතින් ෆොටෝ එකක් ඕනිමය් මට.

"මේ දරුවව ගන්නවා යූහා! තමුසෙට ඔච්චර හිනා වෙන්න දෙයක් තියනවද මෙතන?"

අනේ කොල්ලට හොදටම ලැජ්ජ හිතිලද කොහෙද... මම පැටික්කිව ගත්ත පමාවට හෙන අමාරුවෙන් දගලලා දගලලා කකුල් දෙක බිමට දාගෙන එයාත් නැගිට්ටා.

මට ඔරවලා පැටික්කි දිහා බලපු එයාගෙ ඇස් බෝල උනා. ඔව් එහෙම වෙන්නෙපැය්. පැටික්කිගෙ මූන තනිකර දුඹුරු පාටය්. කට වටේ ගෑවුන අය්ස්ක්‍රීම් ටික දිව කරකෝ කරකෝ කෙල්ල ලෙවකනවා.තනිකර එයා අය්ක්කීම් බබෙක් දැන්.

"ආය්ශ්..මූණ හෝදන් එනවා පැංචිගෙ"

යකා නැගලා ඉන්න හින්දා එයාටත් ඔලුව වනලා මම ටැප් එකක් හොයන් එන්න හැදුවා. ඒත්, එයාට ඔහොම යන්නත් බෑනෙ. එයාගෙ පස්ස පුරාම මඩ තලියක්.

°Who are You° Sinhala ff. [COMPLETED]Where stories live. Discover now