Yooha pov-
"බාබ්බ් බා."
"අප්පා.. කො අප්පා කියන්නකො"
බිම වාඩිවෙලා ඉන්න පැටික්කි ලග බඩගාගෙන කුකී කෙල්ලගෙන් වචන අහුලනවා. එයාට තාමත් ඒ හැටි වචනයක් බෑ. මමත් බලන් ඉන්නෙ එයාගෙ පලවෙනි වචනෙ වෙනුවෙන්. මේක හරියන්නෑ යූහා... මෙහෙම ගියොත්නම් පැටික්කිගෙ පලවෙනිම වචනෙ අප්පා වෙලා තියෙය්.
වැඩ නිසා කොය් තරම් කාර්යබහුල උනත් එයා අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන තිබ්බා. ඒ නිසාම මම රෑටත් එයා වෙනුවෙන් බලන් ඉන්න එක නවත්තලා දැම්මා. එයා කොය් වෙලේ ආවත් එක්කො පැටික්කි ලග, නැත්තම් මගේ ලග තුරුලු වෙලා නිදාගන්නවා.
"කුකියාහ්!!"
කා එකක් නවත්තනවා ඇහෙනවත් එක්කම ගහගන්න වගේ කෑ ගහගෙන ඇතුලට ආවෙ ජිමින් ඔප්පා.
හරියට සුනාමියක් ගැහුවා වගේ. කෝ මේ මනුස්පයගෙ මැනර්ස්!? වැම්පයර් කෙනෙක්ද මන්දා? ඇය් යකෝ කා එකෙ නැත්තම් එල්ලිලද ආවෙ? නවත්තනවා ඇහෙද්දිම දොරෙන් මතු වෙලත් ඉවරය්.
මාව දැක්ක ගමන් එයාගෙ සද්දෙ අඩු උනා. කුකී කිසි දෙයක් දන්නෙත් නැද්ද කොහෙද? එයාත් ඇස් ලොකු කරගෙන පුදුමෙන් නැගිට්ටෙ.
"ම්.මට්ට උබත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි"
එයා සංසුන් කියලා පෙන්නන්න ජිමින් ඔප්පා ගොඩක් රගපානවා. ඒත් එයා කලබලෙන් ඉන්නෙ කියන්න ඕන මෝඩයෙක්ට තේරෙනවනෙ.
කොන්ඩෙ අව්ල් වෙලා, කන් දෙක රතුවෙලා, එයා හැසිරුනෙත් කලබලෙන්.
"පොඩ්ඩක් වරෙන්කො"
පැන්න ගමන් කුකීවත් එක අතකින් ඇදගෙන ජිමින් ඔප්පා එලියට ගියා.
ඒක මම දැනගන්න හොද නැති දෙයක්ද?!
පොඩ්ඩක් දුක හිතුනට මම හිත හදාගත්තා. බිස්නස් සම්බන්ද දෙයක් වෙන්නැති.
.
.
.
.
.
°•••••••••••••••••°Athour pov-
~පැය කිහිපයකට පෙර~
මහාපාරෙ කොනට වැටිලා තිබුනු අඩ නිරුවත් සිරුර ලග එක්කෙනෙක් දෙන්නෙක් කැරකෙන්න ගත්තෙ මැරිලානම් එහෙම ඒ වෙනුවෙන් වගකීමක් ගන්න තිබ්බ බයට.
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanfictionමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...