Jungkook pov-
හැමදේම විහිලුවක්! හැමෝටම මාව විහිලුවක් මටම පවා...
ඒත් දොරෙන් ඇතුලට එද්දිම චූටි බෝල ඇස් මගෙ දිහා බලන් හිනාවෙන්න ගත්තා. මාව විහිලුවට අරන් නෙවෙයි. හරියට නිකම් මන් ආවට එයාට ගොඩාක් සතුටු හිතිලා වගෙ.
මේ තරම් කාලෙකට මන් වෙනුවෙන් කෙනෙක් බලන් හිටියා අද... මන් වෙනුවෙන්ම, මන් එනකම්ම බලන් හිටියා.
පුංචි සොස පොහොට්ටුවක් අම්මිගෙ පපුවට පිට හේත්තු කරන් ඇසුය්,ලස්සන චූටි කටය් හිනාවෙන් පුරවන් මන් දිහා බලන් ඉන්නවා.
මාව දැකලා ඔක් ඔක් ගගා දගලන්නෙ සතුටටද??
ඒ තරම් සතුටු හිතුනද මගෙ පැංචිට...
"එයා නිදි නැද්ද?"
එයාව අල්ලලා බලන්න හිත බල කරන නිසාම මන් ඒ චූටි කම්මුල් මගෙ අතින් ලාවට මිරිකුවා. රිදුනද මැණික්..? ඒකද ඇස් පුංචි කලේ... ඒත් ඔයා හිනා වෙන්නෙ එහෙනම්.
මිරිකපු තැනම හෙමි හෙමින් ඇගිලි තුඩු යවලා පිරිමදිද්දි අම්මිගෙ පපුවට ඔලුව තද කරගෙන පැංචි මගෙ මූන බලන්න ට්‍රය් කලා.
"මන් හිතුවා නිදි ඇති කියලා. ඒත් එයා මාව පිලිගන්න ඇවිල්ලා... මට හිනාවෙනවාත් එක්ක"
"ආහ්හ්. හරි ඔයා වොශ් එකක් දාගන්නකො. මන් බොන්න මොනා හරි ගේන්නම්"
නොදැනුවත්වම මම මොනමොනවදෝ කිව්වත් යූහාගෙන් ලැබුනෙ වෙනස්ම උත්තරයක්. ඒක එක අතකට මම බබා අල්ලනවට අකමැත්තෙන් කතාව වෙනස් කලා වගෙ දෙයක් උනත් එයා මගෙ දිහා තාමත් ගිලින්න වගෙ බලන් ඉන්නවා.
මගෙ කම්මුල් පිරිලා. මගෙ තොල් ටිකෙන් ටික ඇදෙනවා වගේම මගෙ ඇස් හීනි වෙනවා මට දැනෙනවා. මම හිතන්නෙ මම හිනාවෙනවා. ආයාසයක් නැතිවම ඇත්තටම හිනා වෙනවා. නිකම්ම... මම නිකම්ම හිනා වෙනවා. මගෙ උත්සහයක් නැතුවම...!!
කාලෙකින් නොලැබුනු ඇත්තම හිනාව මූනෙ පුරෝගෙනම මම රූම් එකට ආවා. මට ඕනි උනා දකින්න මාවම.
කණ්ණාඩියෙන් පේන මන් හරි ලස්සනයි. මම නෙවෙයි අර ඇත්තම හිනාව.ඒක හරි ලස්සනයි.
YOU ARE READING
°Who are You° Sinhala ff. [COMPLETED]
Fanficමගේම දරුවටවත් ලන් වෙන්න බැරි මන් ජීවත් වෙන්නෙ මොකටද? පිස්සෙක් සුදුසු නෑ සතුටක් ලබන්න! ඇත්ත. පිස්සෙක් සුදුසු නෑ හිනාවෙන්න!. උන් හිනාවෙයි. ඒත් කෝ පිරිසිදු හිනාවක්!? ඌ පිස්සෙක්. උන් සුදුසු ලෝකෙන්ම නැති වෙලා යන්න!. 💕 This is not a horror story.. But...