බදින කෙනා.

154 44 35
                                    

තාත්තා - මන් අදුන්නලා දෙන්න ඕනේ නැ නේ.ඉලන්දාරියම කියන්නකෝ මගේ චුටි කෙල්ලට ඔයා ගැන

රීම් - තාත්තේ මේ මොකද මේ එකපාරම wedding එකක්. ඒකත් මන් මේ මිනිහව දැක්කෙත් අද. මට බෑ මේක කරන්න.

තාත්තා - චුටි දු මගෙන් හැමෝම ඉස්සරහ ගුටි කන්න ලෑස්ති වෙන්න එපා. ඒ දෙන්නගේ කතාවට බදාකරමින් කෙනෙක් කටහඩ අවදි කළා.

??? - මන් මාව අදුන්වලා දෙන්නම් නේද එහෙනම්?

රීම් - ආපු අතක් බලන් යනවකෝ ඕයි රීම් ඒක මිමුනුවත් එතන හිටපු අයගෙන් බාගෙකටත් වඩා ඒක හොදට පැහැදිලිවම ඇහුනා.

අම්මා - රීම් මිනිස්සු ඉස්සරහ වැදගත් විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න.අනික අපි මේ ඔයාට කරන්න යන්නේ වරදක් නෙවේ නේ

රීම් - එතකොට මම ද වැරදි? නිකමට මගෙන් අහන්න බැරි වුනාද මගේ කසාදෙ ගැන තීරණේ කරන්න කලින්.නිකමට බැලුවද මන් කාටහරි ආදරේ කරනවද කියලා නැ....ත්තන් ම..න් දැ..න.ටමත් කෙ.. නෙක් ....ගේ වෙ....ලා ද කිය...ලා..?

රීම් ටිකක් සද්දෙන් පටන් ගත්ත කැගැහිල්ල නැවතුනේ කෙල්ලගේ චුටි ඉකිබිදීමක සද්දෙකින්.ලුකස් හිටියේ ඇස් වල කදුළු පුරවාගෙන.මෙච්චර දවසක් කෙල්ල එක්ක ලස්සනට හදපු හීන මාලිගා මෙච්චර ඉක්මනට කැඩිලා යයි කියලා කොල්ලා කීයටවත් හිතුවේ නැහැ.

රවීන් - රීම් පොඩි එකටත් අඩන්න ගන්න එපා.අනික මෙයා හෙන වැදගත් පවුලක කෙනෙක්.

රීම් - අයියේ ඔයත්.ඔයාල ඔක්කොම මගේ උපන්දිනේ විනාස කරා. රීම් කදුළු අස්සේ එයාගේ පවුලේ අයට කැගහල එතනින් යන්න ගියත් නාදුනන කොල්ලා කෙල්ලගේ අතින් අල්ලලා එයාව නවත්ත ගත්තා.ඇස් වලින් කදුළු බේරි බේරි හිටපු ලුකස් ට නම් ඒක දැකල හොදටම තරහ ගියා.කොල්ලගේ අත් දෙක මිට මෙලවුනේ මුණ තරහෙන් රතු කරනගමනුයි.තමන් ගේ කෙල්ලගේ අත වෙන කොල්ලෙක් අල්ලනවට මොන කොල්ලද කැමති.

රීම් - අත අරිනවා මගේ අත

??? - ඇයි රිසූ මන් මේ අත අතාරින්න ඕනේ?

රීම් - රි...සූ... ඔය..යා කිව්වේ ....

??? - ඔව් මැණිකේ මගේ රිසූ පැටියා.මාව අදුනගන්න බැරි වුනාද?

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now