lucas ගෙ අක්කා😂

143 49 17
                                    

ලුකස් - ඔයා මෙහෙ??

ලුකස් එහෙම්මම දුවගෙන ගියේ එයාව බලන්න ආපු එයාගේ අක්කගේ ගාවට.රීම් දැනන් හිටියේ නැ මේ ඉන්නේ ලුකස් ගේ අක්කා කියලා.කෙල්ල හිටියේ ඉරිසියාවෙන් පුපුර පුපුර.ටිකක් වෙලා ගියාම තමා ලුකස් ට තේරුනේ කවුරු හරි එයා දිහා බලන් ඉන්නවා කියලා. ඒත් එක්කම hug එක break කරලා පිටිපස්ස බැලුවම තමා දැක්කේ රීම් එයාව දවා අලු කරගෙන යන බැල්මක් දාන් ඉන්නවා කියලා.

( මෙතන ඉදල ලුකස් ගේ අක්කට මන් “ අක්කා” කියල දානවා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මෙතන ඉදල ලුකස් ගේ අක්කට මන් “ අක්කා” කියල දානවා)

අක්කා - ඉතින් මගේ මැටි හරක් පැටියා මොකෝ කරන්නේ?

ලුකස් - මේ ඕයි මන් මැටි ත් නෙවේ  හරකෙකුත් නෙවේ

අක්කා - අනේ මන් අදනේ දැනගත්තේ

එහෙම කියල අක්කා කොල්ලගේ කොන්ඩේ අත් වලින් ඇවිස්සුවා.මේවා දැක්කම නම් රීම් ට ඉවසීමේ සීමාව පැන්නා.

රීම් - යා තමුන් කවුරු කියලද හිතන් ඉන්නේ මගේ boyfriend ගෙ ඔලුවෙන් අල්ලන්න තරන්.

අක්කා - අනේ මේ චුටි සැර කෙල්ල කවුද?

රීම් - මේ හලෝ මන් චුටි නැ හොදේ.කියනවා තමුසේ කවුද කියලා?

ලුකස් - රීම් මේ...

රීම් - ඔයා කටවහගන්න.මන් ඔයා ගැන පස්සේ බලාගන්නම්.කියනවා කවුද ඔහේ?

අක්කා - මම නේද?

රීම් - ඔව් ඔයා තමා.

අක්කා - මන් තමා ඔයාගේ අර boyfriend  ගේ එක කුස උපන් අක්කා.

ලුකස් ගේ අක්කා එහෙම ලිව්වේ ලුකස් ව පෙන්නන ගමන්.ඒක ඇහුන ගමන් කෙල්ලට උන්හිටි තැන් අමතක වුනා.තමන් ගේ කොල්ලගේ අක්කට මෙච්චර කැත විදිහට කතා කරාම කෙල්ල හිතුවේ ඉවරයි කියලා. ලුකස් නම් දාගෙන හිනා වෙනවා wayv එකේ ඉතුරු 6 දෙනා එක්ක.

RUDE GIRL FALL IN LOVE      (COMPLETED)Where stories live. Discover now