ලූකස් තියා රිම් වත් හිතපු නැති විදිහට එතෙන්ට කෙනෙක් ආවා. "රිම් අපි යමුද? අද අපිට ඔයාලගේ ගෙදර යන්න තියෙනවනේ මං බෑග්ස් ඔක්කොම ඔයාගේ කාර් එකට දැම්මා" එහෙම කියාගෙන ආවේ වෙන කවුරුත් නෙවෙයි රමේශ් (රමේශ් එයි කියලා හිතපු නැති අය කෝ???) "ආ... හරි රමේශ් අපි යමු"
මෙහෙම කියලා රිම් රමේශ් එක්ක යන්න හැරුණත් කවුරුහරි එයාගේ කකුල් දෙක තද කරල බදා ගන්නවා එයාට දැනුනා" ප්ලීස් යන්න එපා මගෙ මැණික ඔයා හිතන විදිහ වැරදියි ඇත්තටම මම ඔයාට ගොඩක් ආදරෙයි ඒ ආ... ද... රේ... අවං... කයි...." ඇස්වලින් ගංගාවක් වගේ කඳුළු වැටෙද්දී ලුකස් ඒ වචන ටික කටින් පිට කරේ හරිම වේදනාවෙන්
ෂා.... ලුකස් ෂා... ඔයා මාර හොඳ ඇක්ටර් කෙනෙක් නේ හරි ලස්සනට රඟපානවා නේ ඔයා අවංකයි ඔයා අවංකව ද මට ආදරේ? රිම් දැක්කේ ලුකස් පෙන්නපු පැත්තෙ අනිත් පැත්ත ලුකස් අර වේදනාවෙන් කියපු ආදරණීය වචන ටිකත් රිම් ට දැනුනේ විහිළුවක් වගේ කෙල්ලගේ පැත්තෙන් ඒක සාධාරණයි එයා පුංචි කාලෙ ඉඳන්ම හරි පොඩි දේටත් කේන්ති ගත්ත මුරණ්ඩු කෙල්ලෙක් මේ සිද්ධියෙන් පස්සේ තනිකර එයාට අහන්න ලැබුණේ ලුකස් ගැන හදපු බොරු කට කතා විතරයි ඒවා විශ්වාස කරන්න ඕනේ නැති වුනත් කෙල්ලගේ මනස වත් හිතවත් ඒවා බොරු දේවල් කියලා පිළිගත්තෙ නෑ
"තමුන්ගේ ඔය කිඹුල් කඳුළු හලා ගන්න ගිහින් වෙන ගෑනියෙක් ඉස්සරහ මට ඕනේ නෑ ඔයාගේ ඔය මූනේ වත් බලන්න තමුසෙ මහ ජරා...." ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ රමේශ් එයාවත් ඇදගෙන ගියා
ඇත්තටම එයා එතනට ආවේ රිම් මෙහෙට එනවා දැකපු නිසයි රමේශුයි රිම් ගේ අයියයි තරම් රිම් ගැන දන්න වෙන කවුරුත් හිටියෙ නෑ පොඩි කාලෙම එයාගේ අයියා ඉගෙනගන්න රට ගිය නිසා එයාට සෙල්ලම් කරන්න කවුරුත් හිටියේ නෑ ඒ නිසා එයා වැඩිපුරම කළේ අඬන එක හැමවෙලේම කිව්වේ සෙල්ලම් කරන්න යාළුවෙක් නෑ යාළුවෙක් නෑ කියන එකයි ඒ නිසාම එයාගේ පාළුව නැති වෙන්න රිම්ගේ තාත්තයි අම්මයි අනාථ නිවාසයකින් පිරිමි ළමයෙක්ව හදාගන්න ගත්තා එයා තමයි රමේශ් පොඩි කාලේ ඉඳන්ම ඒ පවුලෙම කෙනෙක් වගේ හැදුණේ රිම් තමන්ගේ අයියට ආදරේ කරන තරමටම රමේශ් ටත් ආදරේ කලා කීකරු වුණා
"රිම් මන් දන්නවා ඔයාට ලූකස් එක කේන්ති කියලා ඒත් එහෙම එපා අපි දන්නේ නෑනේ එයා ඔයාව රැවැට්ටුව ද නැත්නම් ඇත්තටම ආදරේ කලාද කියලා අපි දන්නේ නැහැනේ" රමේශ් නෙවෙයි මේක සක්රයා ඇවිත් කිව්වත් කෙල්ල නෙමේ තේරුම් ගත්තේ එයා බිම බලාගෙන කාර් එකට ගිහින් නැග්ගා රමේශුත් ඩ්රයිවින් සීට් එකට නැග්ගා මේ අතරෙදි ලූකස් කොහෙද කිය කියා මෙම්බර්ස්ලා එයාව හොයනවා ඊයේ රෑ තනියෙන් නිදා ගන්න ඕනි කිව්ව නිසා Jaehyung, jungwoo අනිත් අයගේ රූම්ස් වලට ගිහින් නිදාගත්ත ලුකස්ව හොයාගෙන රූම් එකට ආපු මෙම්බර්ස්ලා දැකපු දෙයින් එයාලා ගොඩක් කලබල වුණා
onna dhunna puluwan ikmanata.school wada godayi.e nisa liyanna wela na.meka podi thama eth ithin banina epa😥😥😥spelling mistakes athi.ekata sorry wenna one.nikan yanna epa pls comment ekak dhanna vote ekakuth ekka.byeeee👋👋👋😁😂😘
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Hayran Kurguඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්රතික්ෂේප කරාවිද?