"මන් එන්නද ඇතුලට" රිම් ට එළියෙන් ඇහුනෙ තමන්ගේ අයියගේ කටහඬ කියලා අඳුනගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
රිම් - "ඇතුලට එන්න අයියේ" එහෙම කියද්දි ම අයියා දොර ඇරගෙන ඇතුලට ආවා. ඇවිල්ල රිම් ව අතින් ඇදන් ගිහින් ඇද උඩින් වාඩි කරව ගත්තා.
Raveen - රිම්, මන් කියන දේ හොදට අහගන්න මැණික මගේ ජීවිතේ පළවෙනි වතාවට තමා මම ඔයාව මගෙන් මෙච්චර දුරකට යවන්නෙ.
රිම් - මන් දන්නවා අයියේ. ඒත් මට මේ ගමන යන්නම ඕන ප්ලීස් මාව නවත්තන්න හදන්න එපා
Raveen - මන් දන්නවා ඔයා යන්නේ මොකටද කියලා මට තේරෙන්නෙ නැතුව නෙමේ ඔයා ඔය කරන්න හදන දේ මං දන්නවා ඔයා ඉන්නේ ලූකස් ගැන කේන්තියෙන් නේ? එහෙම නේද සුදූ
රිම් - hmm...
Raveen - ඒත් මං ඔයාට මෙච්චර දවසක් මේක කිව්වේ නෑ ඒත් තවත් නොකියා ඉන්න මට බෑ
රිම් - ඒ මොකක්ද අයියේ?
Raveen - රිසූ, ඔයා ඔය කේන්තිය තරහව ට ඔයාව පාලනය කරන්න දෙන්න එපා එහෙම වුනොත් ඒක ඔයාවම විනාශ කරලා දායි අපි වැරැද්දක් කරාට පස්සේ අපිට ඒක හරිගස්සන්න බෑ ඒ නිසා ඔයා තීරණ ගනිද්දී හොඳට හිතලා බලලා ගන්න (මගේ අයියාගේ ජාතික කතාව ඔන්න ඕක තමා)
රිම් - හරි අයියේ
රිම් කිව්වේ බිම බලාගෙන කවදාවත් රිම් තමන්ගේ අයියාගේ වචන වලට පිටින් ගිහින් නැ. එකට එක කිව්වෙත් නෑ (මං වගේ. මං කාට කිව්වත් අයියට කියන්නෑ) "රිම්, රවීන් එන්න පහළට එයාර්පෝට් එකට යන්න වෙලාව හරි" තාත්තා කතා කරනවා ඇහෙනවත් එක්කම දෙන්නම ඇදෙන් නැගිට්ටා.
නැගිටලා රවීන් නංගිගෙ travelling බෑග් දෙක ගත්තා. රිම් එයාගෙ හෑන්ඩ් බෑග් එක ගත්තා. දෙන්න එක්ක පහළට යද්දී අම්මයි තාත්තයි රමේශ් වගේම soomin උත් පහල හිටිය. ගෙදර අයට සමුදීලා රමේශ් උයි රිම් උයි අයියා එක්ක එයාර්පෝට් එකට ආවා.
"එහෙනම් දෙන්න පරිස්සමින් ගිහින් එන්න. wiwe ඉන්න නිසා company එකේදි රිම් ට පාලුවක් දැනෙන එකක් නෑ" අයියා එහෙම කිව්වේ දෙන්නගෙම ඔළු දෙක ආදරෙන් අත ගාන ගමන්. "රමේශ් නංගි ව බලාගන්න එක ඔයාගේ වගකීමක් හොඳේ" රමේෂ්ගේ උරහිසට තට්ටු කරන ගමන් රවීන් කිව්වේ ටිකක් අමාරු වෙයි කියන look එකකුත් දීලයි
YOU ARE READING
RUDE GIRL FALL IN LOVE (COMPLETED)
Fanficඅහඹු හමුවක්. ඒ හමු වීම එච්චර හොඳ මතකයක් නෙවෙයි නම්???කෙනෙක් ආදරය කරද්දි අනෙක් කෙනා ඒ ආදරය පිලි ගනීවිද? නැත්නම් ඒ ආදරය ප්රතික්ෂේප කරාවිද?