ජුන්කුක් කෙලින්ම ගියෙ එයාගෙ කාමරේට. කාමරේ තිබ්බ table එක් උඩ එයාගෙයි ටේගෙයි වෙඩින් photo එක තියලා තිබ්බා. එයා ඒ photo එක අරගෙන ඇද ගාව බිම ඉදගෙන අඩන්න පටන් ගත්තා. ජුන්කුක් කාමරේ ලස්සනට සරසලා තිබ්බා. එයාගෙ අතින්ම හදපු strawberry cake එකයි එයා ටේට දෙන්න ගත්තු watch එකයි ඇද උඩ ලස්සනර wrap කරලා තිබ්බා.
"ඇයි ඔයා මට මෙහෙම් කරන්නෙ ටේ ඇයි????? ඔයාට අඩුම තරමෙ අද අපෙ Anniversary එක කියලවත් මතක තිබ්බද? "
ජුන්කුක් ටේගෙයි එයාගෙයි photo එක දිහා බලාගෙන එයාගෙ කදුලු අලුත් කරගත්තා. අඩලා අඩලාම පාන්දර තුනට විතර ජුන්කුක්ට නින්ද ගියා.
Next day morning...
උදේ මූනට වැටිච්ච ඉර එලිය නිසා ජුන්කුක් ඇහැරුනත් එයා ඉන්නෙ එයාගෙ කාමරේ නෙවෙයි කියලා දැනගත්ත ගමන් එයා කලබල උනා. ඉක්මනට ඇදෙන් බැහැලා යන්න හැදුවත් වොශ්රූම් එකෙ දොරත් ඇරගෙන එලියට ආව ටේගෙ කටහඩින් එයා නතර උනා.
"ම.. මං කොහොමද මෙහෙට ආවෙ?"
"පාවෙලා එන්නෙ නෑනෙ මම උස්සගෙනයි ආවෙ."
ටේ ක්ලෝසෙට් එකෙන් ඇදුමක් තෝරන ගමන් ජුන්කුක්ට කියුවා.
"ඒත් ඇයි?"
"හෙට අපෙ ඔම්මලයි ඔයාලගෙ ඔම්මලයි මෙහෙ එනවලු සතියක් විතර ඉන්න. ඒක නිසා මේ සතියෙ විතරක් මෙහෙ ඉන්නවා."
"හ්ම්ම්ම්"
"දැන් ගිහින් ඒ කාමරේ තියන තමුන්ගෙ බඩු ටික ගෙනත් මේ කාමරෙන් අස් කරගන්නවා."
"හා......"
ජුන්කුක් එහෙම කියලා ඇදෙන් බැහැලා යන්න යද්දිම ටේ එයාව අතෙන් අල්ලලා නවත්තගත්තා.
"ඇයි ඊයෙ රෑ බිම නිදා ගත්තෙ?"
"න් නෑ නිකන්."
"හ්ම්ම් ඕනෙ එකක් දැන් ඉතින් ඉක්මන් කරනවා. මම offlice එකට ගිහින් මේ සතියෙම මම එන්නෙ නෑ කියලා inform කරලා එන්නම්."
"හා...."
ටේ එහෙම කියලා ජුන්කුක්ගෙ අත අතෑරියා. ජුන්කුක් කාමරෙන් ගියාට පස්සෙ ටේ ඊයෙ එයා ජුන්කුක්ගෙ කාමරේට යද්දි ඇද උඩ තිබ්බ watch එක අතට අරන් ඒක බැදගත්තා.
"තේරීම නරකමත් නෑ😏"
See you soon 🌿
YOU ARE READING
the love between you and me 💚💜️
Fanfictionඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?