ජුන්කුක් ඉස්සරහා එයාට කෑ ගහලා කියන්න බැරි හැම දෙයක්ම ටේ ජුන්කුක්ගෙ photo එකක් තුරුලු කරගෙන කිය කිය අඩන්න ගත්තා. ඒ හැම අතින්ම බලපුවාම එයාලා දෙන්නම වැරදි තව ටික කාලයක් ඉදලා ඇයි එයලා දෙන්නා එකිනෙකාව තේරුම් ගන්න උත්සහා නොගන්නෙ.
ජුන්කුක් එහෙම්ම ඉදගෙන ඇස් දෙක පියා ගත්තෙ එක දවසක් ටේ කිව්ව දෙයක් මතක් කරන ගමන්...
Flashback>>>>
"ටේ මං අහන්නෙ ඇයි උබට බැරි ජුන්කුක්ට එක අවස්තාවක් දීලා බලන්න. මට නම් ඒ කොල්ලගෙ වැරැද්දක් පේන්නෙ නෑ."
"අනේ නිකන් පලයන් හොබා යන්න උබ දන්නවනෙ මම මේ marriage එකට කොහොමත් කැමැත්තෙන් නෙවෙයි හිටියෙ කියලා මේක වුනේ ඔම්මගෙයි අප්පගෙයි කැමැත්තට. අනික මේ රෙද්දෙ marriage එකෙන් පස්සෙ මට තිබ්බ නිදහසත් නැති වුනා. මං ගෙදරින් එලියට යද්දිත් අහනවා කොහෙද යන්නෙ කියලා ගිහින් එද්දිත් කියන්න ඕනෙ මහන්සිද නැද්ද කියලා."
"යකෝ ඒක ඒ කොල්ලට උබ ගැන තියන ආදරේ,කැමැත්ත හින්දා කරන දෙයක් දැන් බලපන් ජීසු මං යද්දිත් එහෙමයි එද්දිත් එහෙමයි. අනික මට ඒක කවදාකවත් වදයක් වුනේ නෑ. උබ දන්නවනේ ජීසුගෙයි මගෙයි marriage එක වුනෙත් මගේ කැමැත්තකට නෙවෙයි කියලා. මම එයාට අවස්තාවක් දුන්නා එයා ඒකෙන් මට, එයාට මං ගැන තියෙන ආදරේ ඔප්පු කරා.බලපන් දැන් මට එයා නැතුව බෑ එයාට මං නැතුව බෑ."
"අනේ උබ දන්න රෙද්ද ඔය ජුන්කුක් කියන එකා මට හෙන වදයක් හොබා. බලපන් ජීසුට උබව කවදමහරි අප්පා කෙනෙක් කරන්න පුලුවන්, ඒත් අර යකාට පුලුවන්ද?"
ටේ තවත් ඒ විදියට ජුන්කුක්ගෙ වැරදිම කියද්දි හොබීටයි ටේටයි හොරෙන්ම ඒක ජුන්කුකුත් අහගෙන හිටියා. එයා ඒ වෙලාවෙ ටේටයි හොබීටයි ජූස් එකක් හදාගෙන ඇවිල්ලයි තිබ්බෙ. තවත් ටේ කියන කතා අහගෙන ඉන්න බැරි තැන ජුන්කුක් දොරට තට්ටු කරලා ඇතුලට ගියා.
Flashback end...
ඒ මතක ජුන්කුක්ගෙ හිත රිද්දවව්වා. එයාගෙ හදවත ටේ දැනටම කෑලි වලට කඩලා දාලා ඉවරයි කවමදාකවත් ආයෙ හදන්න බැරි වෙන තරමටම හැදුවත් ඒ පැල්ලම ඉතුරු වෙන තරමට.
"මං දන්නවා ඔයා මට දැන් ආදරේ ඇති. මම ඔයාගෙන් ඈත් වෙන්න යන්නෙ ඒ ආදරේ තේරුම් ගන්න බැරි නිසා නෙවෙයි, ඔයා එදා කිව්ව විදියටම මට ඔයාව අප්පා කෙනෙක් කරන්න බැරි නිසා... ඇයි දෙවියොන්ට මාව කෙල්ලෙක් කරන්න බැරි වුනේ එහෙනම් මට මගේ ටේත් එක්ක ලස්සන පැටව් දෙන්නෙක් හදාගෙන සතුටින් ඉන්න තිබ්බා..."
ජුන්කුක් එහෙම කියන ගමන් එතනින් නැගිටලා ගියෙ දැනටමත් ගොඩක් වෙලා ගිහින් කියලා මතක් වෙච්ච හින්දා.
..............................................................
ටේටත් අඩලා අඩලම එතනම නින්ද ගිහින් නැගිටිද්දි රෑ වෙලා.
"දෙයියනේ මං මෙච්චර වෙලා නිදාගෙනද? ඇයි කුකී මාව නැගිට්ටව්වෙ නැත්තෙ?"
ටේ එහෙම කියන ගමන් මූන පොඩ්ඩක් හෝදගෙන පහලට ගියෙ ආයෙම පාරක් කුකී එක්ක කතා කරන්න හිතාගෙන.ටේ ජුන්කුක්ව හැමතැනම හෙව්වත් එයා නෑ.ටේ කාර් කීස් අරගෙන එලියට යන්න ලෑස්ති වුනේ කුකීව හොයන්න වුනත් එයා එතනම නැවතුනේ කෑම මේසෙ උඩ කෑම ජාති ගොඩකුත් එක්ක තිබ්බ නෝට් එක දැකලා.
"මේ මොකක්ද?"
ටේ ඒ නෝට් එක අරන් කියවන්න පටන් ගත්තා.
මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්. මාව හොයන්න එන්න ඕනෙ නෑ මම යන්නෙ අනික් කාර් එකේ එද්දි ටිකක් රෑ වෙයි ඔයා කාලා නිදා ගන්න.
Jungkook
ටේ එහෙම්මම ඒ කොලේ පැත්තකින් තියලා කෑම දිහා බලව්වා. කුකී නැතුව කෑම කන්න පිරියක් තිබ්බෙ නැතත් ටේ කෑම කන්න පටන් ගත්තෙ කුකී කියලා ගියපු දේ ඒ විදියටම කරලා කුකීගෙ හිත දිනාගන්න. කෑම කාලා ඉවරවෙලා ටේ සෝෆා එකෙන් ගිහින් ඉදගෙන movie එකක් බලන්න පටන් ගත්තා.
Time passed •••••••
රෑ දොලහත් පහු වුනා තාමත් කුකී ගෙදර ආවෙ නැති නිසා ටේ දැන් ටිකක් කලබල වෙලා. Phone එක අතට ගත්ත ටේ කුකීට දහපාරකට වඩා කෝල් කලත් කුකී answer කරේ නෑ. මේ පාර ටේ sweater එකකුත් දාගෙන පයින්ම කුකීව හොයන්න යන්න පාරට බැස්සා.ඒත් ඒ මොහොතෙම වගේ කුකීගෙ කාර් එක mansion එක ආවා.ටේ ඉක්මනට කුකීගෙ කාර් එක ගාවට දිව්වෙ කුකී එන්න මෙච්චර පරක්කු වුනේ ඇයි අහන්න.
"කු......what the?"
..............................................................
හෙලෝව් රීඩර්ස් අයි ඈම් බැක්.
ඔන්න අප්ඩේට් දුන්නා හරී...
See you soon 🌿
YOU ARE READING
the love between you and me 💚💜️
Fiksi Penggemarඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?