chapter.17

715 95 7
                                    




"ටේ මට කතා කරන්න ඕනෙ."

ජුන්කුක් කතා කරපු පාර ටේ එහෙම්මම ගල් වුනේ අදත් හොදට අහගන්න වෙන බව දන්න නිසා.කරන්න දෙයක් නැති තැන හිමීට ජුන්කුක්ගෙ දිහාට හැරුනු ටේ ජුන්කුක් ගාවින් ඉදගත්තා.

"කියන්න කු.. ඔහ් සොරි ජුන්කුක්."

"ඇයි මිනිහො කුකී කිව්වොත් තමුසෙගෙ කට කැඩෙයිද? ජුන්කුක් ජුන්කුක් ගාන්නෙ මෙතන බම්බුව."

"ඒත් ඒ වුනාට ඔයාමනෙ කිව්වෙ ජුන්කුක් කියන්න කියලා."

"හරි ඒ ඉස්සරනෙ මේ දැන් ඒක හින්දා කුකී කියලා කතා කරනවා."

"ආ.......හා හා.."

කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඉන්න ටේ ජුන්කුක් දිහා බලාගෙන කිව්වෙ මූට යකෙක්වත් වැහිලද කියලා හිතන ගමන්.

"හා හරි ඔයාට මොනවද කතා කරන්න ඕනෙ කිව්වෙ? අපෙ ඩිවෝස් එක ගැනද?"

"ආච්චිගෙ රෙද්දෙ ඩිවොස්. ඒ කියන්නෙ තමුන්ට මාව එපාද? ඩිවෝස් වෙන්න මෙච්චර හද්දිස්සිද? ඇයි තවත් ගෑනියෙක් හොයාගත්තද නටවන්න? "

"නෑ නෑ මං මේ නිකන් ඒක කිව්වෙ ඔයා මට කිව්වනෙ ඩිවෝස් වෙන්න ඕනෙ කියලා ඒකයි."

"නෑ ඒක ගැන නෙවෙයි..."

"එහෙනම්?"

"හොබී හියුන්ගෙ අප්පගෙ මරනෙ ගැන."

"What? ඔයා කොහොමද ඒක දන්නෙ?"

"ඔයාමනෙ ඊයෙ ඒ ගැන මට කිව්වෙ."

"කිව්වට ඔයාට හරියට සිහියක් තිබ්බෙ නෑනෙ. ඒක කියලා ඉවර වුනාට පස්සෙ ඇඩුවෙ මං ඒක හදලා දෙල්ලං අඩල්ල එපා.. ගගා."

"මේ මං නෑ මං ඇඩුවෙ නෑ. හරි අඩපු කතා වැඩක් නෑ මට සම්පූර්ණ කතාව කියන්න."

"ඒවගෙන් දැන් වැඩක් නෑ කුකී. යන දේ ගියාවෙ."

"එහෙම බෑ මට කියන්න හැම දෙයක්ම."

"හ්ම්ම්ම්"

ලොකු හුස්මක් ගත්ත ටේ හැම දෙයක්ම කුකීට කියන්න ගත්තා.

"එදා......මගෙ ඔම්මයි අප්පයි කොහෙදෝ ගිහින් ආවා එදා මටත් නිවාඩු ඒත් මම ගියෙ නෑ. ඒ ගමන ගිහින් ආවට පස්සෙ දෙන්නම හිටියෙ හටි සතුටින් මම ඒක ලොකුවට ගනන් ගන්තෙ නෑ. ඒත් ටිකක් හවස් වුනාට පස්සෙ ඔම්මයි අප්පයි මට කතා කරා වැදගත් දෙයක් කියන්න තියනවා කියලා. මම ඔම්මලා ගාවට ගියාම එයාලා මට ඔයාගෙ photo එකක් පෙන්නලා එක පාරටම කිව්වා මෙයා තමයි අපෙ බෑනා ඒ වගේම ඔයාගෙ වයිෆ් කියලා. ඔම්මලා මම පොඩි කාලෙ ඉදන්ම ගොඩක් මහන්සි වුනා මං වෙනුවෙන් මම ඒ වෙලාවෙ ටිකක් shock වුනා පලවෙනියටම මම පොඩ්ඩක් අදි මදි කරත් විනාඩි දහයකට විතර පස්සෙ තමයි මම ඔයාගෙ photo එක හරියටම දැක්කෙ. දන්නවද මට ඒ වෙලාවෙ හිතුනු දේ?"

the love between you and me 💚💜️Where stories live. Discover now