Jungkook pov_
මම උදේ ඇහැරද්දි හිටියෙ මගේ කාමරේ නෙවෙයි මම හිටියෙ ටේගෙ කාමරේ.මට එක පාරටම හිතුනේ මම ඊයෙ රෑ නිදිමතේම මෙයාගෙ කාමරේට ඇවිත් නිදාගෙනවත්ද කියලා. එය ඊයෙ හිටියෙ guest room එකක නිසා මම එයා එන්න කලින් ඉක්මනට එලියට යන්න ගියත් එයා එක පාරටම වොශ්රූම් එකෙන් එලියට ආවා. ලස්ස්නයි... නෑ නෑ hot.
නාලා හිටපු නිසා එයාග්‍ර් කොන්ඩෙන් පහලට වතුර බේරි බේරි තිබ්බෙ ඒ වතුර බිංදු ඇගේ පහලට වැටෙනවා.... එයාව මේ විදියට දකින පලවෙනි වතාව මේක... මොකද marry කරාට පස්සෙ අපි දෙන්නා අතර මානසිකවවත් කායිකවවත් කිසිම සම්බන්ධයක් තිබ්බෙ නෑ. මම එයාගෙ ඇගෙන් ඇස් දෙක අහකට අරගෙන එයාට කතා කරා.... මට නිකන් ඔරොප්පුවට වගේ උත්තර දීලා මගෙ කාමරේ තියන බඩුගෙනත් එයාගෙ කාමරෙන් අස් කරගන්න කියුවා.... ඔව් සතියකට විතරක් එයා මගෙ හස්බන්ඩ් වෙන්න යනවා...ඔම්මලාට අප්පලාට පේන්න... ඒත් එහෙම හරි මට එයා ලග ඉන්න තියන එක ලොකු දෙයක්.. මම එහෙම හිත හිත මගෙ කාමරේට ඇවිත් මගෙ බඩු ටික අස් කරන්න ගත්තා.
ඇද උඩ තිබ්බ කේක් එක ඒ විදියටම තිබ්බා ඒත් gift box එක නෑ... ඔව් හරි එයා ඊයෙ මේ කාමරේට ආවානම් ඒක ගන්න ඇති. එයා ආසයි watch වලට..
End of jungkook pov…
ජුන්කුක්ගෙ හිත කියාගන්න බැරි තරම් ලොකු සතුටකින් පිරුනා... එයා එයාට ඕනෙ එයාගෙ බඩු ටික පෙට්ටියක දාගෙන ටේගෙ කාමරේට එද්දි ටේ ගිහින්. ජුන්කුක් ඉක්මනට බඩු ටික අස් කරන්න ගත්තා. ඒ ටික අස් කරලා ඉවර වෙලා ටේගෙ කාමරේ තිබ්බ curtains,bedsheets ඔක්කොම මාරු කරා. ඊලගට ක්ලෝසෙට් එකේ තිබ්බ ටේගෙ ඇදුම් ටික එලියට අරන් ඒවා පිලිවෙලට නවලා ලස්සනට අස් කරා. එයාගෙ ඇදුමුත් ගෙනත් ඊට එහා පැත්තෙ තිබ්බ අනික් ක්ලෝසෙට් එකට දැම්මා. එයා කලින් හිටපු කාමරේ ටේගෙ office room එක වගේ පේන්න ටේගෙ offlice බඩු ඔක්කොම ඒකෙන් අස් කරා.
(ඔන්න ඔය වගෙ room එකක් කියලා හිතන්නකො.)
පැය තුන හමාරකට විතර පස්සෙ ටේ ගෙදර ආවා. ජුන්කුක් ඒ වෙනකොටත් නාලා towel එක පිටින් ඇදට වෙලා phone එක ඔබ ඔබයි හිටියෙ. ටේ එක පාරටම කාමරේට ආව නිසා කලබල වෙච්ච ජුන්කුක් අතේ තිබ්බ phone එකත් පැත්තකට දාලා ක්ලෝසෙට් එක ගාවට දිව්වා.
ටේගෙ ඇස් දෙකනම් පුදුමෙන් ලොකු වෙලා.එයා ඇස් දෙක කාමරේ පුරාම ගෙනිච්චා අන්තිමේට ඒ ඇස් දෙක නතර උනේ අඩ නිරුවතින් ඉන්න ජුන්කුක් ගාව.
"Wah..."
ටේගෙ කටින් ඒ වචන ටික පිටවුනේ එයාටත් නොදැනීමයි.
ජුන්කුක් ඉක්මනට ඇදුමක් අරන් ඇදගත්තා."මම lunch එක හදලා තියෙන්නෙ ඔයත් වොශ් එකක් දාගෙන පහලට එන්න.."
ජුන්කුක් එහෙම කියලා ඉක්මනට කාමරෙන් පැනලා යන්න හැදුවත් ටේ ජුන්කුක්ගෙ ඉනෙන් අල්ලගෙන එයාගෙ ලගට ඇදලා ගත්තා. ජුන්කුක්ගෙ බෝල ඇස් දෙල චූටි තොල් දෙක ඊට යටින් තිබ්බ ලපේ ඒ හැමදේම හොදටම ටේ දැක්කෙ අද... ටේ ජුන්කුක්ට වශී වෙලා වගේ එයා දිහා බලාගෙන හිමීට ජුන්කුක්ගෙ තොල් වලට නැවුනා. ජුන්කුක් ඉක්මනට ටේගෙ අත්වලින් ගැලවිලා පහලට දිව්ව.
"Cute..."
ටේටත් නොදැනිම එයා ජුන්කුක්ට ටිකෙන් ටික ආකර්ශනය වෙන්න පටන් ගෙන තිබ්බා. ඉක්මනට වොශ් දාගෙන් පහලට ගියපු ටේ ජුන්කුක්ගෙ ලගට ගිහින් එයාගෙ අතේ ලොකු පාර්සල් එකක් තිබ්බා.
"මො... මොනවද මේ?"
"බලන්න ඉතින් කඩලා."
ටේ එහෙම කියනවත් එක්කම ජුන්කුක් ඒක කඩලා බැලුවා. ඒක ඇතුලෙ තිබ්බෙ ලොකු වෙඩින් photo දෙකක්.
"ඇ ඇයි මේ?"
"ඕක ඔය මේ living room එකේ එහෙම තියනවා ඔම්මලාට පේන්න.."
"හ්ම්ම්ම්"
ජුන්කුක් එහෙම කියලා එතනින් යන්න යද්දිම..
"ඔහොම ඉන්න.."
"ඇයි?"
"කෑවද?"
"නෑ ඔයා කන්න මට දැන්ම කන්න බෑ."
"මං කියන දේ අහලා ඇවිල්ලා මෙතන ඉදගෙන කනව."
"ඒත්..."
"කියපු දේ කරනවා ජුන්කුක්"
ජුන්කුක්ට කියන්න හම්බවුනේ එච්චරයි ටේ හයියෙන් කෑ ගැහැවා ඒකට බය වෙච්ච ජුන්කුක් ඉදගෙන කෑම කන්න පටන් ගත්තා.
See you soon 🌿
YOU ARE READING
the love between you and me 💚💜️
Fiksi Penggemarඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?