හායි ලමා.....යි ඔන්න අලුත් කතාවක්. ඔලුවට ආව ගමන් ඔහේ ලියලා දැම්මා.
Sad ending දෙන්නද? Happy ending දෙන්නද?
කියාගෙන යන්නකො බලන්න.
කොහොමත් දිගට කතාව අදින්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.
වෙලාව හරියටම රෑ දොලහයි ඒත් ටේ තාම ගෙදර ආවෙ නෑ. කෑම ටිකත් සීතල වෙලා ජුන්කුක්ටත් ඉදගෙන හිටපු පුටුවෙම නින්ද ගිහිල්ලා තිබ්බෙ දැනට දවස් තුනක්ම එක දිගටම ඇහැරලා හිටිය නිසා.
ජුන්කුක් ටේව marry කරලා දැනට හරියටම අවුරුද්දක්. ජුන්කුක්ගෙවත් ටේගෙවත් කැමැත්තෙන් එයාලගෙ marriage එක උනේ නැතත් දැන් ජුන්කුක් ටේට ආදරේ කරන්න පටන්ගෙන් තිබ්බෙ එයාටත් නොදැනුවත්ව. හැබැයි ටේ කලින් හිටපු විදියමයි. එයා කරේ ජුන්කුක්ගෙ පොඩි වැරැද්දත් අල්ලගෙන එයාට බැනපු එක. ජුන්කුජ්ගෙ ඉස්සරහම වෙන වෙන කෙල්ල්න්ව ගෙදරට ගෙනත් එයාලාත් එක්ක රැයවල් ගත කරපු එක. මුලදි ජුන්කුක්ට ඒවා ගානක් නොවුනත් එයාට පස්සෙ ඒ හැම දේකටම දුක හිතුනා. එයාට ඕනෙ උනේ අද.. ඒ කියන්නෙ එයාලගෙ anniversary එක දවසෙ ටේට එයාගෙ ආදරේ ගැන කියන්න. ඒත් ටේ අදත් ගොඩක් රෑ වෙනක්ම්ම ගෙදර ආවෙ නෑ.
ජුන්කුක් එකපාරටම ගැස්සිලා ඇහැරුනේ කාර් හෝන්ක් එකක් ඇහිච්ච නිසා. ජුන්කුක් ඉක්මනට නැගිටලා ගිහින් දොර ඇරියා.
"C'mon babe don't be shy..."
ටේ එහෙම කියන ගමන් කෙල්ලෙක්ව ඇගට තුරුල් කරගෙන දොර ඉස්සරහා හිටගෙන හිටියා. ජුන්කුක් අමාරුවෙන් කදුලු පාලනය කරගෙන කාමරෙට ගියා.
යන්න ගියපු ජුන්කුක්ව ටේ නතර කලා.
"ජුන්කුක් ඔහොම ඉන්නවා."
ටේගෙ කටහඩ ඇහිච්ච නිසා ජුන්කුක් ටේගෙ පැත්ත හැරුනා.
"ඔව් කියන්න"
"අපිට බොන්න මොනවහරි හදාගෙන එනවා කාමරේට තේරුනානෙ."
ටේ අර කෙල්ලව කිස් කරන ගමන් ජුන්කුක්ට කියුවා.ජුන්කුක්ගෙ කම්මුල් දිගෙ කදුලු පහලට බේරුනා. ඒත් ජුන්කුක්ට කරන්න පුලුවන් කිසිම දෙයක් මේ වෙලාවෙ තිබ්බෙ නෑ. ජුන්කුක් ඉක්මනට kitchen එකට ගියෙ එයාට මේ දේවල් තවත් බලාගෙන ඉන්න බැරි නිසා.
ජුන්කුක් ජූස් දෙකකුත් හදාගෙන ටේගෙ කාමරේ ගාවට ගිහින් දොරට තට්ටු කලා. ටේ ඇවිත් දොර ඇරලා ජුන්කුක්ගෙ අතේ තිබ්බ ට්‍රේ එක අරන් ජුන්කුක්ගෙ මූනටම දොර වහලා දැම්මා.
See you soon .🌿
YOU ARE READING
the love between you and me 💚💜️
Fanfictionඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්‍යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?