"ඔන්න ඕකයි වුනේ..."
චටාස්💥💥💥
ටේ ඒක කියලා ඉවර වෙච්ච ගමන්ම කුකී ටේගෙ කම්මුලට එකක් ගැහැවෙ ටේ කුකී දිහා බය වෙලා බලද්දි.
"මේ අහනවා තමුසෙ ඔය හැම දෙයක්ම කරේ මගෙන් ආදරේ ගන්න නම් ඒ ප්ලෑන් එක success නෑ කියලා විතරක් හිතාගන්නවා... අනික මෙකත් මතක තියාගන්නවා මම තමුසෙත් එක්ක දැන් එකතු වුනේ මමත් හැගීම් දැනීම් තියන මනුස්සයෙක් නිසා මගේ තියන එකම දුර්වලකමත් අන්න ඒක....ඒක නිසා තමුන් මගේ දුර්වලකමෙන් ප්‍රයෝජන ගන්න හදන එකත් නවත්තගන්නවා.."
කුකී එහෙම්ම ඇදෙ තිබ්බ බෙඩ්ශීට් එක තමන්ගෙ ඇග වටේට ඔතාගෙන බැහැලා යන්න හද්දිම ටේ ජුන්කුක්ගෙ අතෙන් අල්ලගත්තා.
"හරි මම එහෙම කරන්නම්.. ඒත් මට කියන්න ඔයා කාර් එකේ ඉදලා කියුව දේවල් වල තේරුම මොකක්ද කියලා."
ටේගෙ ඒ ප්‍රශ්නෙත් එක්කම ජුන්කුක් නිරුත්තර වුනේ මෙච්චර වෙලා පාලනේ කරන් හිටපු කදුලු පහලට වැටෙන්න ජුන්කුක්ගෙන් අවසර ඉල්ලද්දි.
"හහ් ඔයා ඒක ගැන හිතන්න ඕනෙ නෑ. ඒක ඔයාට ඇහුනේ නෑ වගේ ඉන්න."
ටේගෙ අත ගසලා දාලා ජුන්කුක් ටේ තවත් මොනවාහරි කියන්න කලින් ටක්ගාලා වොශ්රූම් එකට පැනගත්තා.පැයක් විතර යනකම් ජුන්කුක් එලියට ආවෙ නෑ ඒ මුලු වෙලාවෙම ටේ කල්පනා කලේ ජුන්කුක් කාර් එකේ ඉදන් කියුව දේවල් ගැන. අවසානෙට තිබ්බ මහන්සියටම ටේට එහෙම්ම නින්ද ගියා.
ජුන්කුක් හීමීට වොශ්රූම් එකෙන් එලියට ඔලුව දැම්මෙ ටේ ඇත්තටම නිදිද කියලා confirm කරගන්න. ටේ ඇත්තටම නිදි බව දැනගත්තට පස්සෙ ජුන්කුක් හිමීට වොශ්රූම් එකෙන් එලියට ඇවිත් පොඩි short එකකුයි t shirt එකකුයි ඇදගෙන ඇද ගාවට ගියත් ටේ තාමත් ඇදුමක් ඇදගෙන නැති බව දැක්කාම ජුන්කුක් උඩ ගියා.
"ආයිශ් මේ යකා... මගෙ දුර්වලකමෙන්මයි ප්‍රයෝජන ගන්න හදන්නෙ."
ජුන්කුක් එහෙම කියලා පොඩි towel එකක් උනු වතුර එක්ක පොගවලා ටේගෙ ඇග පිහන්න ගත්තා. උනු වතුර නිසා ටේට ඒක එච්චර දැනුනෙ නෑ ඒක නිසාම ටේ තවත් නිදි. ටේව පිරිසිදු කරලා එයාට ඇදුමකුත් අන්දලා ජුන්කුක් නිදා ගන්න ය්ද්දි වෙලාව පාන්දර පහයි. තිබ්බ මහන්සියටම ජුන්කුක් ඇස් දෙක පියාගත්ත ගමන් නින්ද ගියා.
YOU ARE READING
the love between you and me 💚💜️
Fanficඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?