CHAPTER.05

909 134 3
                                    

ජුන්කුක් අමාරුවෙන් නැගිටින්න හැදුවත් එයා එක පාරටම ආයෙම ඇදේ ඉන්ද උනේ යටිකයෙන් දැනෙන අමාරුව ඉවසගන්න බැරුව.  කොහොමහරි  අමාරුවෙන් නැගිටගත්ත ජුන්කුක් කාමරෙ තැන්තැන් වල වැටිලා තිබ්බ ඇදුම් ටික අහුලලා හොදන්න ගිහින් දැම්මා. වොශ් රූම් එකට ගිහින් ජුන්කුක් අමාරුවෙන් වොශ් දාගෙන කාමරේට ඇවිත් Bedsheets මාරු කලා. Dinner එක හදන්න හිතාගෙන පහලට යන්න ගියපු ජුන්කුක් නිකමට වගේ ටේ වෙනදට ඉන්න guest room එකර ඔලුව දාලා බැලුවා. ජුන්කුක් දැක්ක දෙයින් එයා එතනම ගල් උනා. ඔව් වෙනදා වගේම ටේ අදත් කෙල්ලෙක් එක්ක සතුටු වෙනවා.

ජුන්කුක් අතකින් කට වහගෙන පස්සෙන් පස්සට ගියත් ජුන්කුක්ගෙ අනික් අත වැදිලා එතන තිබ්බ මල් vase එක බිමට වැටුනා. ටේ එක පාරටම අර කෙල්ලව පැත්තකට ඇදලා දාලා දොර දිහා බලපුවාමයි ටේ දැක්කෙ ඇස් දෙකේ කදුලු පුරවන් තමන් දිහා බලාගෙන ඉන්න ජුන්කුක්ව.

"ආ...... ඔයා නැගිට්ටද?"

ටේ ජුන්කුක්ව ගනන් ගන්නෙ නැතුවම ඇහැවා.ජුන්කුක් ටේට කිසිම උත්තරයක් නොදී කාමරේට දිව්වා.ටේ අර කෙල්ලගෙ ඇගට සල්ලි දමලා ගහලා ඒ කෙල්ලව ගෙදරින් එලියට දැම්මා. මොකක්හරි හේතුවකට ටේගෙ හිතට ලොකු දුකක් දැනුනා. ටේ කෙලින්ම කාමරේට ගියා ඒ යද්දි ජුන්කුක් කාමරේ හිටියෙ නෑ. ටේ හැම තැනම බැලුවත් ජුන්කුක් හිටියෙ නෑ. අන්තිමේට ටේ ජුන්කුක් කලින් හිටපු කාමරේට ගියා ජුන්කුක් ඒකෙත් පේන්නහිටියෙ නැති නිසා ටේ හැරිලා යන්න ගියත් shower එකේ සද්දෙ ඇහිලා ටේ ඒ දිහාට ගියා. එයා යද්දි ජුන්කුක් ඇදුම් පිටින්ම shower එක යටට වෙලා අඩනවා.

"ජුන්කුක් ඔතනින් නැගිටලා මෙහෙට එන්න. ඔයාට හෙම්බිරිස්සාව හැදෙයි..."

"මට මොනවා උනාම තමුන්ට මොකද?"

"මොකද කියලා අහන්නෙ. තමුන්ට ලෙඩ හැදුනාම මම එපැයි ඒවට වද විදින්න."

"හහ් වද විදින්න.. තමුසෙට මම මගෙ හැම දෙයක්ම දුන්නා. මම හිතුවා තමුන් මට ඇත්තටම ආදරේ කරනවා ඇති කියලා එත්... මට කොච්චර අමාරුද කියලා දන්නවද තමුසෙ මම නැගිටිනකන් ඉදලා මට pain killer එකක්වත් දුන්නද? නෑ තමුන් මගෙන් ගන්න ඕනෙ ඔක්කොම ටික අරගෙන ගිහින් වෙන ගෑනුත් එක්ක නිදා ගන්නකොට මට කොච්චර රිදෙනවද කියලා හිතුවද? කියනවා මට කියනවා.."

"කට වහගන්නවා ජුන්කුක්!"

"ඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්‍යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද? කියනවා මට කියනවා ඉතින්??? 😖😖😖"

ජුන්කුක් හිටපු තැනින් නැගිටලා ටේහ්‍යුන්ගෙ උරහිස් වලින් අල්ලලා හොල්ලන ගමන් ඇහැවා.ටේහ්‍යුන් නිරුත්තරයි.

"මට කියනවා..."

"…………………"

"ජුන්කුක්!!!"

_______________________________________________

See you soon🌿

the love between you and me 💚💜️Where stories live. Discover now