ජන්කුක් ගිහින් එතන තිබ්බ couch එකෙන් වාඩි වුනේ ජෙනිත් ඇවිත් ඒ හරියෙන් වාඩි වෙද්දි.
"හ්ම්ම් කෝ කියන්නකො බලන්න දැන් ඔයාගෙ කතාව."
"ජෙනී ඔයා ටේහ්‍යුන්ට කැමති බව මම දන්නවා."
"හ්ම්ම් එහෙමද? ඒ වුනාට කුකී මම එයාව මගෙ ජීවිතෙන් අයින් කරලා දාලා දැන් ගොඩක් කල්. අනික මම දැන් කෙනෙක්ව date කරනවා."
ඒක ඇහුන ගමන් ජන්කුක් ලොකු හුස්මක් පිට කරේ බලාපොරොත්තු කඩවුන විදියට.
"කමක් නෑ ජෙනී මට ඔයාගෙන් උදව්වක් ඕනෙ".
"ඕ කියන්නකො මොකක්ද ඕනෙ උදව්ව?"
"ජෙනී තව සතියක් විතර තියෙන්නෙ මගෙ පැටියා මේ ලෝකෙට එන්න. ඒ වුනාට මම හිතන්නෙ නෑ එයා එක්ක මට සතුටින් ජීවිතේ ගෙවන්න පුලුවන් වෙයි කියලා. "
"මොනවද කුකී ඔයා මේ කියන්නෙ?"
"මං දන්නවා මේක ඔයාට විකාරයක් කියලා හිතෙන්න පුළුවන් ඒ වුනාට........හරි මේකයි මම දැන් මාස කීපයකට උඩදි doctorව හම්බවෙන්න යද්දි doctor මාව ස්කෑන් කලා. ඊට පස්සෙ එයා ඇවිත් මගෙන් ඇහැවා කාත් එක්කද ආවෙ කියලා. මම කිව්වාම තනියෙන් ආවෙ කියලා ටේගෙ phone number එක ඉල්ලුවා. ඒ වෙලාවෙ මම doctorට කිව්වා කියන්න තියන දෙයක් මට කියන්න කියලා. එතකොට තමයි doctor කිව්වෙ මට cancer එකක් කියල."
"කුකී what? ඔයා මේකට treatments ගන්නවා නේද? ඇයි ඔයා ඕක මට කලින් නොකිව්වෙ?"
"අහන්නකො ජෙනී ඔව් මම treatments ගන්නවා ඒ වුනාට දැන් cancer එක පැතිරිලා ඉවරයි මට මගේ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. මම doctorගෙන් ආහැවා මේක මගේ බබාටත් බලපායිද කියලා ඒ වුනාට doctor කිව්වා මේක එයාට බලපාන්නෙ නෑ කියලා. සමහර විට මගේ පැටියා මේ ලෝකෙට එද්දි මට යන්න වෙයි. ජෙනී මට ඕනෙ නෑ ටේ ඒක ගැන හිත හිත විදවනවට. මම පසු තැවෙනවා මම ටේට බැනපු දේවල් ගැන. අද මම ටේ එක්ක එයා නොකරපු දේවල් කිය කිය රන්ඩු වුනා ඒ වෙලාවෙ මම එයාට කිව්ව මේ දරුවගෙ අප්පා එයා නෙවෙයි කියලා. මේ දරුව එයාගෙ තමයි. මම මොන දේ කරත් ටේ මට ආදරෙයි මම ඒක දන්නවා මම නැති කාලෙදි ඔයාට පුලුවන්ද ඔයාගෙම කෙනෙක් වගේ ටේව බලාගන්න. Please ජෙනී ටේට උදව් කරන්න මට ඕනෙ නෑ ටේ මං ගැන හිත හිත දුක් වෙනවට මට ඕනෙ ටේ මගෙ මේ පැටියත් එක්ක ලස්සනට ජීවත් වෙනවා දකින්න. ප්ලීස් ජෙනී මං වෙනුවෙන් ඔයාට පුලුවන්ද මේ දේ කරන්න? මම ඔයාගෙන් ඉල්ලන්නෙ ටේව ඔයාගෙම සහෝදරයෙක් වගේ බලාගන්න කියලා. මම මෙතෙන්ට ආවෙ මම නැතිවුනාම ඔයාට ටේව මැරි කරලා අපේ පැටියා එක්ක ලස්සනට ජීවට්‍ය් වෙන්න කියන්න. ඒ වුනාට ඔයා කියද්දි ඔයා ටේව අමතක කරලා වෙන කෙනෙක්ව ඩේට් කරනවා කියලා මට දුක හිතුනා. ප්ලීස් ජෙනී මට උදව් කරන්න."
ජෙනී හොදටම අඩනවා ජන්කුක්ටත් එයාගෙ කදුලු පාලනය කරගන්න බෑ.
"ඔයා කිව්වත් නොකිව්වත් මම ටේවයි ඔයාගෙ පැටියවයි බලාගන්නවා. ඒ වුනාට ඔයාට බෑ කුකී ඔය වගේ කතාවක් කියන්න. අපි කොහොමහරි doctors ලට කියමු ඕකට කොහොමහරි treat කරන්න කියලා. ප්ලීස් කුකී ඔය වගේ කතා කියනා එපා."
"මේක වෙන්න තියන දෙයක් ජෙනී. ඔයාට පුලුවන්ද ටේවයි මගෙ පැටියවයි හැම සෙනසුරාදාවකම මගේ සොහොන ගාවට එක්කන් එන්න මට එයාලව බලන්න ඕනෙ. අනික ඔයා ටේට කියන්න දුක් නොවී ඉන්න කියලා."
"පිස්සුද කුකී ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ. අපි ඔයා බලන්න සොහොනකට එන්නෙ මොකටද? ඔයා අපි කාවවත් දාලා යන්නෙ නෑ තේරුනාද? ඒක නිසා මෝඩ කතා කියන්නෙ නැතුව ඉන්න."
"මට කරන්න දෙයක් නෑ කොහොමත් මට තව වැඩි කාලයක් නෑ ජෙනී. ඒකයි අද මම මේ හැම දේම ඔයාට කියන්න හිතාගෙන ආවෙ. මට පොරොන්දු වෙන්න ජෙනී මගෙ පැටියවයි ටේවයි බලාගන්නවා කියලා... ප්ලීස් ජෙනී පොරොන්දු වෙන්න."
ජෙනී ජන්කුක්ගෙ හිත හදන්න ඕනෙ කමට ජන්කුක්ට පොරොන්දු වුනේ කොහොමහරි ජන්කුක්ගෙ කැන්සරෙ එකට හොද treatment එකක් හොයාගන්නවා කියලා හිතාගෙනමයි..
...................................................................
ඉවරායි........ කොටයි නේද? කමක් නෑ..
මොකක් වෙයිද කුකීට?
See you soon 🌿
YOU ARE READING
the love between you and me 💚💜️
Fanficඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?