කාලෙ ඉක්මනට ගෙවිලා යන්වා ජෙනී හැම තැනකටම වගේ කෝල් කර කර ජන්කුක්ව හොද කරන්න විදියක් හොයනවා. මේ අතරෙ ටේ කිසිම වෙමස් නොපෙනවා ජන්කුක්ට ආදරේ කරා. ජන්කුක් එදා කියපු දේවල්වලින් ටේගෙ හිත රිදුනත් එයාගෙ හිතේ ජන්කුක් වෙනුවෙන් තියන ආදරේ ඒ හැම රිදීමක්ම යටපත් කරා.
" ටේ........."
ජන්කුක් එකපාරටම කෑ ගැහැව හින්දා ටේ ඉක්මනට උඩට දිව්වා. ටේ දොර ඇරගෙන යද්දි ජන්කුක් ඇදේ ඉදගෙන බලාගෙන හිටියා.
" මොකද කුකී? ඔයාට අමාරුද බබා එන්නද හදන්නෙ? අපි hospital යමුද?"
"බබා එන මගුලක් නෙවේ අනේ... මට අර රිමෝට් එක අරන් දෙන්නකො. "
ජන්කුක් එහෙම කියන ගමන් ඇද එහා පැත්තෙ bed table එක උඩ තියලා තිබ්බ රිමෝට් එක ටේට පෙන්නුවා.
" oh my අහ් ජන්කුක්..."
"අරන් දෙන්නකො........... ඩැඩී..."
ජන්කුක් එහෙම කියද්දි ටේ ජන්කුක්ට පොඩ්ඩක් සැරෙන් කතා කරන්න කියලා හිතාගෙන කටට ගත්ත වචන ටික ආයෙම ගිල්ලා .
" අහ් fine ආ මෙන්න."
ටේහ්‍යුන් හිනා වෙන ගමන් table එක උඩ තිබ්බ රිමොට් එක ජන්කුක්ගෙ අතින් තිබ්බා.
" thank you ඩැඩී.."
"Never mind."
ටේ ජන්කුක් නලලට කිස් එකක් දීලා ආයෙම පහලට ගියා.
" මට සමාවෙන්න ටේ මම ඔයාගෙ හිත රිදෙව්වා. මම මේ ලෝකෙට ගෙනල්ලා තියන ආයුශ දැන් ඉවර වේගනයි එන්නෙ. දෙවියො මට ඔයා එක්ක ඉන්න දීලා තියන කාලෙ ඉවරයි. අපෙ පැටියව හොදින් බලාගන්න."
ටේ යනවත් එක්කම වගේ ජන්කුක් එහෙම කිය කිය අඩන්න ගත්තා.
Afternoon....
"කුකියා............"
එහෙම කියාගෙන කාමරෙ ඇතුලට ආවෙ ජෙනී.ජෙනී හැම වෙලාවෙම උත්සහා කරේ ජන්කුක්ව සතුටින් තියන්න.
" මේ බලන්න මම මොනවද ගෙනාවෙ කියලා."
"බනානා මිල්කි..."
"ම්ම්ම්ම් මම දන්නවා ඔයා මේවා ඉල්ලලා ටේට කරදර කරනවා කියලා."
"හී.........."
YOU ARE READING
the love between you and me 💚💜️
Fanfictionඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්‍යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?