ටේගෙ මේ පිස්සු වැඩ වලට ජුන්කුක්ට හිනා ගියෙ ඉබේටමයි.. ඒත් ඒ හිනාව නැති වෙන්න ගියෙ තත්පර ගනයි.එක පාරටම ගෑනියෙක් ඇවිත් ජුන්කුක් බලාගෙන ඉද්දිම කාර් එකට නැගලා ටේගෙ ඔඩොක්කුවෙන් ඉදගත්තෙ කේන්තියටම ජුන්කුක්ගෙ ඇස් වල කදුලු පිරෙද්දි.
"U missed you soo much daddy..."
ඒ කෙල්ල එහෙම කියන ගමන් ටේගෙ shirt එකේ buttons ගලවන්න පටන් ගත්තා.
"උබ.....පලයන් බැල්ලි පැත්තකට ඔය ඉන්නෙ මගෙ මිනිහා උබට කොහෙන් ආපු හයියක්ද එයාගෙ ඇදුම් ගලවන්න."
ජුන්කුක් එහෙම කියන ගමන් අර කෙල්ලගෙ කොන්ඩෙන් ඇදලා ගත්තෙ කෙල්ල වේදනාවෙන් කෑ ගහද්දි.කෙල්ලව කාර් එකෙන් බිමට ඇදලා දාපු ජුන්කුක් බිමට නැමිලා කෙල්ලගෙ කම්මුලට හතරක් පහක් ගහලා කාර් එකට නැග්ගෙ කියාගන්න බැරි ලොකු වේදනාවක් හිතේ හිරකරගෙන. සීට් බෙල්ට් එකවත් නොදා ජුන්කුක් වේගෙන් කාර් එක් drive කලෙ කදුලු බිංදු ජුන්කුක්ගෙ කම්මුල් දිගේ පහලට ගලාගෙන යද්දි.
ජුන්කුක් පාරෙ අයිනකට කරලා කාර් එක නවත්තලා කෑ ගහලා අඩන්න ගත්තා. පැය බාගයක් විතර අඩපු ජුන්කුක් එහෙම්ම ටේගෙ පැත්තට හැරුනා.පොඩි එකෙක් වගේ සීතලට ගුලි වෙලා ඉන්න ටේව දැක්කම ජුන්කුක්ගෙ හිත ආයෙම ලොකූ ලස්සන හැගීමකින් පිරුනා.
"මට සමාවෙන්න ටේ ඔයා දැනටම ගොඩක් වැරදි කලා. ඒක නිසා මට මේ තීරනේ ගන්න වෙනවා. මම හිතනවා ඔයාට ආදරේ කරන්න ඔයාව බලාගන්න ඒ වගේම.... ඔයා හැමදාම බලාපොරොත්තු වුනා වගේ ඔයාට ලස්සන පැටියෙක් දෙන්න් පුලුවන් කෙනෙක් ඔයාට හම්බවෙයි."
ජුන්කුක් අන්තිම ටික කියුවෙ බිදුනු කටහඩින්. කාර් එක ස්ටාට් කරපු ජුන්කුක් ඉක්මනට ගෙදර ගියෙ කවුරුහරි ඇහැරලා නම් එයාලට දෙන්න උත්තරයක් හිතන ගමන්...
..................................................................
See you soon🌿
YOU ARE READING
the love between you and me 💚💜️
Fanfictionඇයි මට මෙහෙම කරන්නෙ කිම් ටේහ්යුන්. මම මොකක්ද තමුන්ට කරපු වැරැද්ද? මගෙ මුලු හදවතින්ම තමුන්ට ආදරේ කරපු එකද මම කරපු වැරැද්ද?