Prologue

2.8K 346 24
                                    

"ශින්, මැණික ඔයාට හොඳටම ශුවර්ද මේ ගමන යන්නම ඕනෙ කියලා?" මින්හෝ ඇහුවේ එයාගෙ එහා පැත්තෙ පැසෙන්ජර් ශීට් එකේ වාඩි වෙලා ජනේලෙන් එහා පැත්තෙන් පෙනෙන ඝන අඳුරු කෑලෑව දිහා බලන් ඉන්න එයාගෙ ආදරණීය බිරිඳගෙන්.

"ඔව් මිනී. නැත්තන් හරි නෑනෙ. ඒ මිනිස්සු අපිට කොච්චර නම් උදව් කරලා තියෙනවද. එයාලා අපිට සතුටින් ඉන්වයිට් කරහම අපිට නොගිහින් ඉන්න බෑනෙ හ්ම්ම්?" ඉමක් නොපෙනෙන පාළු පාර දිගේ මූනත් හකුළගෙන කාර් එක ඩ්‍රයිව් කරන එයාගෙ මහත්තයට ශින්හේ කිව්වා.

"මං දන්නවා හනී, ඒ උනාට ඔයා ඉන්න මේ තත්ත්වෙ දැන දැනම ඒ මිනිස්සු ඔයාට ඉන්වයිට් කලානෙ. මට නම් කේන්තියි. අඩු ගානෙ ඇහැට කනට පේන වෙලාවක් නම් කමක් නෑ. ඔයාටත් දැන්ම යන්න ඕන උනානෙ. අපරාදෙ හෙට උදේ යන්න තිබ්බෙ. අඩුගානෙ දන්න පාරක් නම් කමක් නෑ. කවදාවත් ගිහින් නැති පැත්තකට නොදන්න පාරක මෙහෙම යන-"
"මිනී.. ටිකක් සන්සුන් වෙන්න අනේ.. බය වෙන්නෙපා අපේ චූටි පැටියා අපිට කරදර කරන්නෙ නෑ. අපි හොඳින්.. ඔයා හොඳටම දන්නවනෙ අද අපිට මේ ගමන යන්නම වෙනවා කියලා. ඉතින් බොරුවට කලබල වෙන්න එපා. ඔය.. ඔය.. ඔයා අපේ චූටි පැටියවත් කලබල කරනවා." ශින්හේ කිව්වෙ එයාගෙ අට මසක් පිරුනු උදරය පිරිමදින ගමන් එයින් දැනෙන චලනයන් විඳින අතරේ. එක අතක් සුක්කානමෙ රඳවගෙන අනිත් අත බිරිඳගෙ උදරයෙන් තියාගත්ත මින්ජේගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනේ එයාගෙ කලබලගතිය මොහොතකට අමතක කරමින්.

ශින්හේ, මින්හෝ යුවල මේ ගමන් කරමින් හිටියේ ශින්හේගේ ළඟම මිතුරිය අලුතින් ගත්ත නිවසට. ටිකක් නිදහසේ ජීවත් වෙන්න කැමති වුනු එයාගෙ මිතුරියත් එයාගෙ මහත්තයත් ඒ ගෙදර මිලදී ගෙන තිබුනේ ටිකක් පාලු ප්‍රදේශයකින්. අලුතෙන් ගෙට ගෙවදීම නිමිත්තෙන් පුංචි උත්සවයක් ගන්න එයා තීරණය කරලා තිබුනා වගේම එයාගෙ හොඳම මිතුරිය ශින්හේ ඉන්න තත්ත්වය දන්නවා උනත් එයාට ආරාධනා නොකර ඉන්න එයාට බැරි වුනා. ඒ වෙනුවට එයා ශින්හේට 'පුලුවන් නම් විතරක්' කියන කෑල්ල යොදලා කිව්වත් එයාලගෙ ව්‍යාපාරික කටයුතු වලට ආරම්භයේ ඉඳලම ලොකු ශක්තියක් වුනු එයාගෙ හොඳම යාළුවගෙ විශේෂ දවසකට නෑවිත් ඉන්න ශින්හේ කොහොමටවත් කැමති වුනේ නෑ.

The main power 💙❤️ ||  (Complete)Where stories live. Discover now